කාන්තාවන් සිතනවාට වඩා ආකර්ෂණීය බව හඟවන දේවල් 9ක් - Nonimi

කාන්තාවන් සිතනවාට වඩා ආකර්ෂණීය බව හඟවන දේවල් 9ක්

අප අප කෙරෙහි ඇති  අවබෝධය අන් අයට අප කෙරෙහි ඇති අවබෝධයට වඩා හාත් පසින්ම වෙනස් විය හැකියි. ඒ ගැන සිතමින් බොහෝ කාන්තාවන් අන් අයට තමන්ව පෙනෙන ආකාරයේ කෙසේ ද කියා නිතරම වදවීමට පෙලඹෙනවා. අන් අයගේ කැමත්තට අනුව තමන්ගේ පෙනුම වෙනස් කරගැනීමට උත්සාහ කරන අයටයි අද මේ ලිපිය අරගෙන ආවේ. ලස්සන කියන්නේ ඒකාකෘතික විය යුතු දෙයක් නෙවෙයි. ලස්සන කියන්නේ විවිධත්වය. ඒ නිසා ඔබේ මුහුණේ තොල් විශාල ලෙස පිහිටා ඇතත්, ඇස් කුඩා හෝ විශාලව පිහිටා ඇතත් මේ කිසිවක් ලස්සනට බාධාවක් කියා නොසිතිය යුතුයි. කාන්තා ඔබ නොසිතන ආකාරයේ ඔබේ රූප ලක්ෂණ වල ඇති ආකර්ෂණීය බව ගැන කියවෙන කරුණු කිහිපයක් තමයි මේ.

(1). දුඹුරු හිසකෙස් සහිත කාන්තාවන් වඩාත් ආකර්ෂණීය බව

Blonde හිසකෙස් නැතිනම් දුඹුරු හිසකෙස් සහිත කාන්තාවන් ගොඩක් ආකර්ෂණීය බවින් වැඩියි කියලා අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙනවා. ඒ නිසා ස්වභාවිකව ලැබුණු හිසකෙස් වර්ණය වෙනස් කරගැනීමට උත්සාහ කරන්න එපා. කලු, රතු, සුදු හිස කෙස් ඇති ඇය මේ ගැන දුක් වෙන්න අවශ්‍යය නැහැ . වර්ණය නෙවේ හිසකෙස් වල නිරෝගි බව තමයි වඩාත්ම වැදගත් වෙන්නේ.

(2). පියයුරු වල හැඩය මිස ප්‍රමාණය ගැටලුවක් කරගත යුතු නැහැ.

විශාල පියයුරු සහිත කාන්තාවන් වඩාත් ආකර්ෂණීයයි කියා මතයක් තිබෙනවා. සාමාන්‍යය ප්‍රමාණයෙන් පියයුරු සහිත වීම වීම තමයි වඩාත් ආකර්ෂණීය වෙන්නේ කියලා අධ්‍යයන මඟින් පෙන්වා දෙනවා. සාමාන්‍යය ආකාරයෙන් පියයුරු වල හැඩය ක්‍රමවත්ව පවත්වාගැනීම තමයි වැදගත් වෙන්නේ කියා ඔවුන් පෙන්වා දෙනවා.

(3). ප්‍රසන්න සුවඳ ඔබේ මුහුණ වඩාත් ආකර්ෂණීය වීමට හේතු වෙනවා

සුවඳ විලවුන් භාවිතය සුවඳවත්ව සිටීමට වගේම ආකර්ෂණීය බව වැඩිකරගන්නත් හේතු වෙනවා. පරික්ෂණයකදී රෝස තෙල් සහා මාලු තෙල් ගල්වූ ඡායාරූප අතරින් බොහෝ දෙනෙකුට රෝස තෙල් සුවඳ ඇති ඡායරූප හඳුනාගැනීමට හැකි වුණු නිසා ඒවා ඉක්මණින් ‍තෝරාගැනිමට හැකි වුණා.නමුත් ප්‍රබල සුවඳක් ඇති ඒවා භාවිතා කිරීම අපහසුතාවක් ඇති කිරිමට ඉඩ ඇති බැවින් විලවුන් භාවිතය ගැන සලකිලිමත් වන්න.

(4). මුහුණේ පෙනුම තරුණ ලෙස පෙනෙයි නම් සිරුරේ හැඩය ගැටලුවක් නැති බව

 

සමේ තරුණ කම ‍රැක ගැනීම ගැන හැමෝම උනන්දුයි. සම තරුණ කාන්තාවන් වඩාත් ආකර්ෂණීයයි කියලි සාමාන්‍යයෙන් පැවසෙන්නේ. පර්යේෂකයින් පවසන පරිදී මීට හේතුව තමයි තරුණ පෙනුම මඟින් ඔවුන්ගේ නිරෝගි බව සහා ප්‍රජනන සෞඛ්‍යය හොඳින් ඇති බව අන් අයට එම ඉඟියෙන් ඇතිකරවන අවබෝධය නිසා ඔවුන් වඩාත් ආකර්ෂණීය බව හැඟී යාම.

(5). පියයුරු සහා තට්ටම් මෙන්ම ලස්සන කකුල් සහිත වීම ආකර්ෂණීය බව

 

කාන්තා ශරීරයේ ආකර්ෂණියම අවයවය පියයුරු නොවේ. මේ තමයි සත්‍යය කරුණ. බොහෝ කාන්තාවන් සිතනවා තම කකුල් අන් සියලු ශරීරාංග වලට වඩා ආකර්ෂණීය බව. නමුත්, කකුල් වල පිරිසිදු කම ඊටත් වඩා වැදගත් වෙනවා කියලයි අපි විශ්වාස කරන්නේ.

(6). උච්ඡස්වරයක් සහිත කාන්තා හඬවල් ප්‍රියමනාප බවින් වැඩි බව

ඔබට ඇත්තේ උස් හඬක් නම් ඔබ අන් අයට වඩා ආකර්ෂණීය බව දැනගන්න. පර්යේෂණ වලින් හෙලිකරන්නේ හඬ අඩු සහා හෙමි කතා කරන කාන්තාවන් ආධිපත්‍යය ඇති කරගැනීමට් උත්සාහ කරන නිසා අඩු ආකර්ෂණයක් සහිත වන බව. කතා කරන අවස්ථාව සහා කෙනා අනුව ඔබේ හඬේ ස්වරය තිව්‍ර බව වෙනස් කරමින් කතා කිරීම ප්‍රතිඵලදායි සංවාදයකට හේතුවක් වේවි.

(7). සාමාන්‍යය ප්‍රමාණයේ කකුල් මෙන් දිගු කකුල් ආකර්ෂණීය නැති බව

එතරම් උස කකුල් නොමැති අයට මේ තොරතුරෙන් සතුටක් දැනේවි. සාමාන්‍යය කකුල් ප්‍රමාණය ඔබේ කායික නිරෝගී බව පෙන්වන වැදගත් ලක්ෂණයක් වගේම වඩාත් ආකර්ෂණීය අංග ලක්ෂණයක් ලෙසයි ඔවුන් පවසන්නේ.

(8). යටි කොඳු ඇට පෙළේ පිහිටීම ආකර්ෂණයට හේතුවක් වෙන බව

ආකර්ෂණීය ලෙස උකුල් සහා තට්ට්ම් පිහිටීම ඔබේ පෙනුම තවත් වැඩි කරවනවා. ඒ වගේම තමයි පහළ පිහිටබ කොඳු ඇට පෙළ කෝටසේ කවාකාර පිහිටීමත් ඔබේ පෙනුම වැඩිකරමින් ආකර්ෂණීය බවක් එක්කරනවා. ගර්භනී කාලයෙන් පසු කාන්තා ශරීරය වඩාත් ආකර්ෂණීය හැඩයක් ගන්න ඔබ දැක ඇති.

(9). ප්‍රතිචාර දක්වනසුලුබව කාන්තාවකගේ ආකර්ෂණය වැඩි වීමට හේතුවක්

‘Responsiveness’, නැතිනම් ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය නිසාත් ඔබව වඩාත් ආකර්ෂණීය කෙනෙක් ලෙස පෙනෙන්නට පුලුවන්. උපකාරකිරීමට ඇති කැමැත්ත සහා අන් අය කෙරෙහි සෙනෙහස සහා සැලකිල්ල මොවුන් තුල දක්නට ලැබෙන බවයි කියන්නේ. මේ හේතුව නිසා පිරිමි පාර්ශව සෙනෙහෙවන්ත කාන්තාවන් ඉතා ආකර්ෂණීය ගුණ ගරුක කාන්තාන් බව සිතීමට පෙලඹෙනවාලු.

Leave a Reply