කැමතිම කාඩ්පතක් තෝරගන්න - Nonimi

කැමතිම කාඩ්පතක් තෝරගන්න

යාලුවොත් එක්ක බෙදාගන්න

අනාගතයේ කුමක් සිදු වේවිද?එහෙම නැත්නම් අපේ ඉරණම කොහොම විසඳේවිද ? කියන පැනය අපි හැමෝටම ජීවිතයේ එක අවස්ථාවක හෝ මතුවෙනවා.කොතරම් තත්ත්වයකින් යුතු වත්පොහොසත්කම් වලින් යුතු ධනවතෙකු ,බලවෙතෙකු වුවද එය වෙනසක් නැත.ඔවුන්ටද මෙම ගැටලුව එලෙසම ඇතිවෙනවා.මන්ද එයයි මනුෂ්‍ය ස්වභාවය.නමුත් සත්‍ය නම් චිත්‍රපට වල ලොකු ලොකු අනාගතය ගැන බලාගත හැකි ,අනාගතයට ගොස් නැවත වර්තමානයට පැමිණිය හැකි එහෙමත් නැත්නම් අතීතයට ආදී ලෙස කාලතරණය කල හැකි විවිධ උපකරණ,මායා දොරටු ආදී කුමක් පෙන්නුවත් සැබෑ ලෝකයේ තම එවන් තාක්ෂණයක් හමු වී නැත.

එසේ හමු වුවා නම් අපිට අනාගතය දෙස බලා එය අපිට ඕනේ විදිහට වෙනස් කරන්න පුළුවන් වෙනවා.තව පැත්තකින් බැලුවොත් අනාවැකිකරුවන් ජ්‍යෝතිෂ්‍යවේදීන් ආදී පිරිස යම් තරමකට පුද්ගලයෙකුගේ අනාගතය විස්තර කිරීමට එම ශාස්ත්‍රයන් ඇසුරින් උත්සහ ගන්නවා.අයෙකු මෙය මිත්‍යා දෘෂ්ඨිය කියා බැහැර කරන විට තවත් කෙනෙක් මේවා පිළිගෙන ඒ අනුව ජීවත් වෙයි.එය පුද්ගලයාට සාපේක්ෂයි.නමුත් ඉන් අප ගත යුතු දෙය වන්නේ මෙයයි.අනාවැකිකරුවන්,ජ්‍යෝතිෂ්‍ය වේදීන් අදටත් ප්‍රසිද්ධ ඇයි?.මොකද මිනිසුන් තාමත් කැමතියි තමන්ගේ අනාගතය කෙලෙසේ වේවිදැයි කියා දැනගන්න.අන්න ඒ නිසයි එවන් ශාස්ත්‍රයන් කෙරෙහි ලෝකයේම වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ.

නමුත් අපි අද ඔබ ඉදිරියට ගෙන එන මෙම සරල පරීක්ෂණය ජ්‍යෝතිෂයට එහෙම නැත්නම් අනාවැකි වලට අයත් දෙයක් නම් නෙමෙයි.තර්කානුකුලව යම් යම් සමීක්ෂණ මගින් මිනිසුන්ගේ මනස ,සිතුවිලි ආදී දෙය ඇසුරින් විමර්ශනය කර එළඹී යම් යම් නිගමන වලට අනුව ගොනු කල සරල පරීක්ෂනයක් මෙය.ඔබට කරන්නට ඇත්තේ මින් එක කාඩ්පතක් තෝරාගෙන ඒ අනුව ඔබේ අනාගතය පිලිබඳ ඔබව අපේක්ෂා කරන යම් යම් සිදුවීම් සංසිද්ධි ආදී දෙය පිලිබඳ ඔබට යමක් දැනගැනීමටයි අපි අද මේ පරීක්ෂණය ඔබට ඉදිරිපත් කරන්නේ.ඉතින් උත්සහ කර බලන්න.කාඩ්පතක් තෝරාගන්න.

කාඩ්පත අංක 1


ඔබ තෝරාගත්තේ මෙම කාඩ්පත නම්,අනාගතයේ ඔබ වෙනුවෙන් විනෝදය,සතුට බලාසිටියි.එනම් ඔබට යම් විවේකයක් ලැබෙනු ඇත.ගැටළු,ප්‍රශ්න ආදිය පෙර මෙන්ම පැවතීමට ඉඩ ඇත.නමුත් එය ඔබගේ මානසික සැනසීම නැති නොකරනු ඇත.නමුත් සියල්ල මේ ලෙසින් යහපත් වෙන්න නම් ඔබ එක දෙයක් කල යුතුයි.එනම් ඔබ ඔබවම විශ්වාස කල යුතුයි.ඒ වගේම ධනාත්මක ආකල්ප ඇති කරගත යුතුයි.එවිට සියල්ල ඔබ බලාපොරොත්තු වෙන අයුරින් සිදු වේවි.

කාඩ්පත අංක 2


මෙම කාඩ්පත මගින් කියා පාන්නේ ඔබට තවත් බොහෝ කාර්යයන් සිදු කිරීමට ඇතිබවයි.නුදුරු අනාගතයේදී ඔබ වෙනුවෙන් බලා සිටින්නේ ඔබේ මහන්සිය,උත්සාහය හා ධෛර්යයි.ඔබට සියල්ල අහිමි වී ඇති ලෙසක් පෙනුනද සත්‍ය වන්නේ සියල්ල මැනවින් ඉටු කිරීමට අවශ්‍ය කුසලතා ,ශක්තිය ඔබට ඇති බවයි.එසේම ඔබට තරයේම දෙන අවවාදය වන්නේ ඔබේ සියල්ල ඔබ කල යුත්තේ ඔබේ හැකියාවෙන්,ඔබේ ශක්තියෙන් පමණි.කිසිවෙකුගේ සහයක් නොපැතිය යුතුයි.ඔබගේ කාර්යයට අවධානය යොමු කරන්න.එය කෙරෙහි පමණක් කැප වෙන්න.ඔබේ ඉලක්කය සැහැල්ලුවෙන් නොතකන්න.ඔබේ අරමුණ විශ්වාස කරන්න.මන්ද මේ අවස්ථාවේදී ඔබ ගන්න සැම උත්සාහයක්ම ඔබට ඉතා වටිනවා.එමගින් ඔබේ අනාගතය ,ඉලක්කයන් සාර්ථක වෙනවා.කඳු නැගීම දුෂ්කර කාර්යයක් වුවත් මුදුනටම අමාරුවෙන් හෝ නැගගතහොත් ඉහල සිට ඔබ දකින දර්ශනය ගොඩාක් චමත්කාරජනක වෙනු ඇත.එනිසා අද මහන්සියෙන් උත්සාහවන්තව වැඩ කරන්න.අනාගතය සුන්දර කරගන්න.

කාඩ්පත අංක 3


ඔබ තෝරාගත්තේ මෙම කාඩ්පත නම් ඉන් කියන්නේ ඔබටද සුදුසු විවේකයක් ඉක්මනින්ම ලැබෙනු ඇති බවයි.ඔබේ ලෝකයේ රජු මෙන් ඔබට ඔබ ගැනම හැඟෙන දිනයක් උදාවෙනු ඇත.මෙතෙක් කල් අතහැර තිබු දේවල් වෙනුවෙන් නැවත කැපවෙන්න.එසේම ඔබේ යහපත අපේක්ෂා කරන අවංක පුද්ගලයින්ව පමණක් සමීප කරගැනීමට අමතක නොකරන්න.මන්ද බොහෝ කාලයකට පසුව ඔබට සන්සුන්ව විවේකයෙන් ගත කිරීමට අවශ්‍යයි.එනිසා ඊට සුදුසු වටපිටාවක් සකසා ගන්න.

කාඩ්පත අංක 4


ඔබේ කාඩ්පත මගින් කියන්නේ ඔබගේ උත්සාහයන්ගේ අවසාන ප්‍රතිපලය නුදුරු අනාගතයේදී ඔබට ලැබෙනු ඇති බවයි.ඔබ වෙනුවෙන් බලා සිටින්නේ එම සාර්ථකත්වයයි.ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයෙක්.ඔබේ අරමුණු ඉලක්ක ජය ගැනීමට නොනැවතී කැප වී කටයුතු කරන්න.ඔබට අවශ්‍ය කුමක්ද?ඔබ බලා සිටින්නේ කුමක් වෙනුවෙන්ද?එය ලබා ගැනීමට උත්සහ කරන්න.ඔබේ කැපවීම මත එය ඔබට හිමිවනු ඇත.නමුත් ඔබේ හැකියාවන් මත ඕනෑවට වඩා විශ්වාස කිරීමෙන් වලකින්න.ඔබට වඩා දක්ෂ පුද්ගලයෙකු හමුවේ ඔහුට නිසි ගෞරවය ලබා දීමට පසුබට නොවන්න.

ඔබ තෝරාගත් කාඩ්පත අනුව ඔබ වෙනුවෙන් අනාගතය කෙසේ නම් අපේක්ෂා කළ හැකි දැයි ඔබට සොයාගන්නට හැකි වෙන්නට ඇති.නමුත් ඔබ මතක තබා ගත යුතු කරුණක් ඇත.උත්සාහවන්තයා ජය ගනී කියා කියමනක් ඇත.එසේම ඔබ දුප්පතෙකු ලෙස ඉපදීම වරදක් නොවෙයි.නමුත් ඔබ මිය යන්නේද දුප්පතෙක් ලෙස නම් එය ඔබේ වරදක්.එනිසා ඉරණම උරුමයක් කර නොගෙන තම දෛවය තමන්ගේ නොනිමි උත්සාහය ,කැපවීම මත වෙනස් කර ගැනීමට සාර්ථක පුද්ගලයෙකු ලෙස ජීවිතය ජය ගැනීමට උත්සහ කරන්න.


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *