කැමති දියමන්තියක් තෝරාගන්න - Nonimi

කැමති දියමන්තියක් තෝරාගන්න

යාලුවොත් එක්ක බෙදාගන්න

දියමන්තිය යනු අප සැවොම දන්නා පරිදි වටිනා වස්තුවක් පමණක්ම නොවේ.දියමන්ති ප්‍රසිද්ධ වනුයේ ඒවායේ දැඩි බව හා අධික පීඩනයට ඔරොත්තු දීමට ඒවාට ඇති හැකියාව නිසයි.එසේම එය ශක්තිය,පක්ෂපාතිත්වය,ස්ථාවරත්වය හා කාලය පිලිබඳ කියා පාන එක්තරා සංකේතයකි.බැලු බැල්මට බිඳෙන සුළු ලෙස පෙනුනත් පෘතුවියේ ඕනෑම දෙයකට වඩා දියමන්ති ශක්තිමත්ය.

එය කෙතරම් සුනු විසුනු කිරීමට උත්සාහ කලත් ශක්තිමත්ව දීප්තිමත්ව බබලයි.ඒ වගේම තමයි මේ දියමන්ති කාන්තාවන්ගේ හදවත සංකේතවත් කරනවා.ඉතින් ඔබ කැමතිම දියමන්තියේ වර්ණය අනුව ඔබ කුමන ආකාරයේ ගති ලක්ෂණ දරන පුද්ගලයෙක්ද කියා විමසා බලමු.

1.රතු –

ඔබ කැමතිම වන්නේ රතු පැහැති දියමන්තියට නම්,ඔබ ඉතා උද්යෝගිමත් ,ක්‍රියාශීලි වගේම බලවත් ශක්තිමත් පුද්ගලයෙක්.ඒ ඔබ ඔබටම ආවේණික නීති රීති රෙගුලාසි අනුගමනය කරන නිසයි.මේ නිසාම ඔබ අන් අයගෙන් වෙනස් ව කැපී පෙනේ.ඔබට ඔබ ගැනම විශ්වාසයි.

එසේම ඔබේ මෙම සිත්ගන්නාසුලු ආත්ම විශ්වාසය වගේම අවංක ගතිගුණ නිසා අන් අයගේ ගෞරවයටද ඔබට ලැබේ.ජීවිතයේ සෑම අභියෝගයකටම නොබියව මුහුණ දුන්නත් ඔබ මෘදු හදවතක් ඇති පුද්ගලයෙක්.ජීවිතය හැකි උපරිම අයුරින් සතුටින් ගත කිරීමට කැමති ඔබ නිතැනින්ම අන් අයගේ ප්‍රසාදයට ලක් වෙන්නේ ඔබේ යහපත් හැසිරීම නිසාය.

2.සුදු –

ඔබ කැමතිම සුදු පාට දියමන්තියට නම්,ඔබ හරියට හිරු මෙන් දීප්තිමත්ය.හිරු රශ්මියෙන් ලොවම එලිය වෙන්නාක් මෙන් ඔබ යන යන තැනටද ඔබ සතුට,ප්‍රීතිය පතුරුවයි.එතරම් රත්තරන් හදවතක් ඔබට ඇත.ඔබ ගොඩාක් කරුණාවන්තයි.මේ නිසාම මිනිසුන් ඔබට පණ මෙන් ආදරය කරයි.ඕනෑම වෙලාවක ඔබගේ ආදරණියයන්ගේ සිත් සතුටු කිරීමට,ඔවුන්ව දිරිමත් කිරීමට කිව යුතු දේ ඔබ දනී.එසේම ඔබ ලද දෙයින් සතුටට පත් වෙන අයෙක්.ඕනෑම වේදනාකාරී මොහොතක සතුට සොයා ගැනීමට ඔබට හැකියි.

අන් අයව ඔබේ ධනයෙන් පෝෂණය කිරීමට හැකියි.ඒ ඔබම දුක් වින්ද වේදනාකාරී අත්දැකීම වලින් ලැබූ පන්නරයයි.උපයපු ධනයයි.ඔබේ වැදගත්ම ගුණාංගය වන්නේ ඔබේ නිහතමනිකමයි.මේ නිසාම ඔබට ඉතා පහසුවෙන් ඕනෑම තැනකදී පහසුවෙන්ම ප්‍රසාදය හිමි වේ.ජයග්‍රහණය ලැබේ.ඔබ ගොඩක් ආදරණීය චරිතයක්.සැම විටම අන් අයට පිහිට වේ.මේ නිසාම ඔබට සැමගේ ආදරය ගෞරවය හිමි වේ.ඉතින් සතුටෙන් ජීවත් වෙන අධිෂ්ටාණශීලී මිත්‍රශීලී පුද්ගලයෙක් ලෙස ඔබව අර්ථ දැක්විය හැකියි.

3.කොළ –

ඉතා දුර්ලභ වර්ගයේ දියමන්තියක් වන කොළ පැහැති දියමන්තිය නම් ඔබේ තේරීම වුයේ,ඔබ පිවිතුරු අධ්‍යාත්මයක වගේම අවංකත්වයේ ප්‍රතිමුර්තියක්.ඔබ ඉතාමත් අවිහිංසක අයෙක්.නමුත් ඔබ තියුණු බුද්ධියකට හිමිකම් කියයි.ඔබ සත්‍යට ගරු කරයි.සත්‍යවාදීව ජීවත් වේ.මේ නිසාම ඕනෑම අවස්ථාවක බොරුව,වංචාව හඳුනා ගැනීමට තරම් ඔබ දක්ෂයි.නමුත් ඔබ සැම විටම වංචාවට බොරුවට වුවද කරුණාවන්තව සත්‍ය තේරුම් කර දීමට තරම් ඉවසිලිවන්තයි.

ඔබේ මෙම කරුණාව,ඉවසීම වගේම පරිනතභාවය නිසාම සතුරන්ව වුවද පහසුවෙන් ජය ගැනීමට ඔබට පුළුවන්.ඔබ උපතින්ම නායකත්ව ගුණාංග දරන පුද්ගලයෙක්.මන්ද සැම විටම ඔබ හදවත සමඟම බුද්ධියත් භාවිතා කර තීරණ ගන්නෙක් නිසාය.මිනිසුන්ව යහ මගට ගන්නේ කෙසේදැයි වගේම ඕනෑම පුද්ගලයෙක්ව ජය ගැනීමට ඔබට පහසුවෙන්ම හැකියි.එසේම ඕනෑම අයෙකුගේ ව්‍යකුලත්වය ,අවුල් සහගත බව දුරු කරගන්නට උදව් වන්නට වගේම උඬගු පුද්ගලයන්ව නිහතමානී අය බවට පත් කිරීමටත් ඔබට පහසුවෙන්ම හැකියි.ඉතින් ඔබ පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙසද හැඳින්විය හැකියි.

4.නිල් –

ඔබ තෝරා ගත්තේ නිල් පැහැ දියමන්තිය නම් ඔබ සංවේදී ,ආදරණීය ව‍ගේම ඉවසිලිවන්ත පුද්ගලයෙක්.නමුත් ඔබේ මෙම සංවේදීත්වය නිසාම ඔබ දුකට පත් වේ.ඕනෑම අවස්ථාවකට ශක්තිමත්ව මුහුණ දීමේ ශක්තිය ඔබ සතුව තිබුණත් ඔබේ මෙම අධික සංවේදී භාවය නිසාම ඔබ වේදනාවට පත් වේ.මේ නිසාම සතුරන්ට ඔබව පහසුවෙන් රිදවීමට හැකිය.ඒ කෙසේ වුවත් ඔබ මිතුරන්ට මෙන්ම සතුරන්ටද එක සමානව ආදරයෙන් ප්‍රේමයෙන් සැලකීමට තරම් කරුණාවන්තයි.

ඔබ ඕනෑම කෙනෙකු සමඟ පහසුවෙන් මිතුරු වේ.ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මල පුද්ගලයෙක්.ඔබ අවංකයි.සංවේදියි.ආදරනීයයි.සැමවිටම අනුන්ට පිහිට වෙයි.සත්‍යවාදියි.ඕනෑම ගැටුමක් ඇති ස්ථානයට ගොස් එය සමථයකට පත් කර සාමය පතුරවාලීමට ඔබට හැකියි.ඔබ ආගමට දහමට ලැදි පිවිතුරු පුද්ගලයෙක්.


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *