කැමති පත්‍රය පවසන ආදරයේ රහස් මෙන්න

ඔබ මේ කාලයේදී ආදර සබඳතාවයක එහෙම නැත්නම් විවාහ වී සිටින අයෙක්ද?විවාහය,ආදරය යන දෙකටම ඔබට තනිවම එය ජයගත නොහැක.දෙදෙනෙකු අනිවාර්යෙන් සිටින අතර මෙහිදී සම්බන්දතාවය දිගු කල් පවතින්නේ ඔබේ අදහස් එකිනෙකට ගැලපීම,එකිනෙකාව හොඳින් තේරුම් ගැනීම ආදිය මත.ඉතින් ඔබේ සම්බන්දතාවය තුල ඔබේ හැසිරීම කෙබඳුද?ඔබ මොන වගේ කෙනෙක්ද කියා ඔබ නිකමටවත් සිතා තිබුණාද?ඔබේ බැඳීම් තුල ඔබ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද කියා ඔබට හඳුනා ගැනීමට යම් පිටුවහලක් වීමටයි අපි අද සුදානම් වෙන්නේ.මෙම කොළ එහෙම නැත්නම් පත්‍ර අතුරින් ඔබ වඩාත්ම කැමති පත්‍රය තෝරා ගන්න.ඒ අනුව අපි ඔබ ගැන කියනා දේ ඇසුරින් ඔබ ගැන වටහා ගැනීමට උත්සහ කරන්න.

පත්‍රය අංක 1

ඔබ අවංක හවුල්කරුවෙකු ලෙස දැක්විය හැකියි.ඔබ ඍජු පැහැදිලි තීරණ වල සිටින අයෙක්.ඔබ ආදරයෙන් බැඳී සිටින විට ඔබේ සබඳතාවයේ පැවැත්ම වෙනුවෙන් එය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සුදානම්.ඔබේ මෙන්ම අනෙකාගේද හැඟීම් හොඳින් තේරුම් ගැනීමට වගේම එකිනෙකාව තේරුම් ගැනීමටත් ඔබ දක්ෂයි.එකිනෙකාගේ හැඟීම් අගය කරන්නේ කෙසේද යැයි ඔබ දන්නවා.ඔබේ ආදරණියයාට කිසිදා වංචාවක් නොකරන ඔබ සැබවින්ම අවංක හවුල් කරුවෙකු ලෙස කිව හැකියි.එනිසාම ඔබ දෙදෙනා අතර සතුට රැඳෙනු ඇත.

පත්‍රය අංක 2

ඔබ තෝරාගත්තේ මෙම පත්‍රය නම් ඉන් කියවෙන්නේ ඔබ නිදහස ප්‍රිය කරන අයෙක් බවයි.නිදහසට ආදරය කරන ඔබ ඔබේ ආදර සබඳතාවයේදී පවා තම නිදහසට මුල් තැන දෙයි.අවදානම් ගැනීමට ඔබ අකැමතියි.බැරෑරුම් දේ කිරීමට ඔබ බියක් දක්වයි.නමුත් අත්හදා බැලීම් වලට ඔබ කැමතියි.ආදරයේදී පවා තම හැඟීම් දිගුකාලයක් නොපවත්වා ගන්නා ඔබ තම මානසික නිදහස වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.

පත්‍රය අංක 3

මින් අදහස් වෙන්නේ ඔබ වෙනත් අයෙකු වෙනුවෙන් කැප වී සිටින බවයි.ඉන් ඔබේ පාර්ශවයෙන් යම් අයහපත් බලපෑමක් පැවතුනත් ඔබේ අදරයෙදී මෙය ඔබට සාර්ථක සබඳතාවයකට මග පෙන්වනු ඇත.මන්ද ඔබ ඔබේ ආදරණියයා වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි.එසේම ඕනෑම අවස්ථාවකට ගැලපෙන පරිදි,ඕනෑම තීරණයකට එකඟ වන ;පරිදි ඔබ නම්‍යශීලි ගති පැවතුම් වලින් යුතු අයෙකි.එනිසාම ඔබේ ආදරය තුල ඔබ යහපත් සාර්ථක හවුල්කරුවෙකි.

පත්‍රය අංක 4

ඔබ ලෝකයේ සොයා ගැනීමට අපහසු ආකාරයේ ආදරවන්තයෙක්.අව්‍යාජ සත්‍ය අවංක ආදරයට ආදරය කරන ඔබ ඔබේ ආදරණියයා සතුටු කිරීමට ඕනෑම දෙයක් කිරීමට සුදානම්.ඔබ ඔබේ ආදරය ගැන සුබවාදී ආකල්ප දරයි.එසේම ආදරය සම්බන්දව විවිධාකාර නොයෙකුත් විශාල සැලසුම් සකස් කරන ඔබ ඒවා එකින් එක සාර්ථක කර ගැනීමෙන් සතුටක් ලබයි.

ඔබ තෝරාගත් පත්‍රය අනුව ඔබේ ආදර ජීවිතයේදී ඔබ කෙබඳු චරිතයක්දයි ඔබට හඳුනා ගන්නට හැකි වෙන්න ඇති.ඉතින් එහිදී ඔබේ දුර්වලතා මෙන්ම යහපත් පැතිකඩයන්ද ඔබේ අවදානයට යොමු වෙන්න ඇති.යහපත් ගුණාංග තවත් වැඩි දියුණු කරගනිමින් දුර්වලතා නිවැරදි කරගනිමින් සාර්ථක ලෙස තම පෞද්ගලික ජීවිතය,ආදරය කළමනාකරණය කර ගැනීමට ඔබත් උත්සහ කරන්න.එවිට සතුට සැමදාම ඔබ අසල රැඳෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *