කැමති සංකේතයක් තෝරගන්න..

විවිධ සංකේත කියන්න‍ෙ හිතට හිතාගන්න බැරි, අතට අහුවෙන්නෙ නැති ගොඩක් දේවල් නිරූපණය කරන හරි අපූරු දෙයක්. ඔයගොල්ලො හිතන්නේ සංකේත පාවිච්චි කරලා කෙනෙක්ගෙ චරිත ලක්ෂණ ගැන අදහසක් ගන්න පුළුවන්ද? ලකුණු විද්යාවේ දැක්වෙන හැටියට නම්, පුළුවන් !

1කහපාට රවුම

ඔයා තේරුවෙ කහපාට රවුම නම්, ඔයා හුළඟ වගේ සැහැල්ලුවෙන් ඉන්න කැමති, මෘදු ගති තියෙන, සතුටින් ඉන්න, ධනාත්මකව හිතන කෙනෙක්. මොන දේ ගැනවත් වැඩිය කරදර වෙන්නේ නැතුව ඉන්න තියෙන ජීවිතයකට ඔයා කැමතියි. ඔයාට වෙනස්වීම් දරාගන්න පුළුවන්. ඔයා අමාරු අවස්ථා වලදීත් සංසුන්ව, නිස්කලංකව ඉන්න හැටි හොඳට දන්නවා. ඒක ඔයාගෙ සෞඛ්යයටත් හොඳයි !

ඔයා බොහොම උණුසුම්, විනෝදකාමී, මොනවත් සීරියස් ගන්නෙ නැති කෙනෙක් නිසා මිනිස්සු ඔයත් එක්ක වෙලාව ගත කරන්න ගොඩක් කැමතියි. සමහර වෙලාවට ඔයා ඒ නිසාම පොඩි පොඩි මෝඩ වැඩත් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ටිකක් තනියෙන් ඉන්න, ජීවිතේ ගැන විමසුම් මනසින් හිතලා බලන්න, භාවනා කරන්න එහෙම වැඩිපුර වෙලාව යොදවනවා නම් හොඳයි.

ඔයා බොළඳ කෙනෙක් කියලා හිතලා මිනිස්සු සමහරවිට ඔයාව පාවිච්චි කරන්න උත්සාහ කරන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා පරිස්සම් වෙන්න.. ඔයා යන යන තැන සතුට බෙදන, ඒ තැන් ආලෝකමත් කරන කෙනෙක්.

2 කොළ පාට ඇස

ඔයා තෝරගත්තේ කොළපාට ඇහැක් වගේ පේන සලකුණ නං ඔයා කරුණාවන්ත, ශක්තිමත් හා ගැඹුරු අදහස් තියෙන කෙනෙක්. ඔයා ආධ්යාත්මික ශිල්ප ක්රම, නක්ෂත්රය, ගුප්ත විද්යා වගේ දේවල් වලට උනන්දුයි. ඔයා හුඟක් වෙලාවට වෙජිටේරියන් කෙනෙක්. සමහර විට එක පාරක් හරි එහෙම වෙන්න උත්සාහ කරලා ඇති. ඔයා සත්තුන්ට ආදරෙයි. ස්වභාවධර්මය, ඇවිදින එක, උණුසුම් තේකක්, හොඳ පොතක්.. මේ ඔයා ආසම දේවල්.

ඔයා කැමති තනියෙන් ඉන්න, ඒක නිසා සෙනග ඉන්න තැන්, පිරිස් එකතු වෙන තැන් මග අරිනවා. ඔයා හොද ඇහුම්කන් දෙන්නෙක්. ඒ වගේම, ගොඩක් විෂයන් ගැන හොඳ දැනුමක් ඔයාට තියෙනවා. ඔයා දේකට කැමැති වුණොත්, ඒ ගැන ගැඹුරටම ඉගෙන ගන්නවා. ඔයාගේ සෞඛ්ය හොඳ තත්වයක තියනවා, ඒ වගේම ඔයාට හොඳ මොළයක් තියෙනවා. ඔයාගේ ඥානාන්විත බව හා ආධ්යාත්මික ගුණ ඉතා ඉහළයි.

3 සුදු ඉර

ඔයා සුදු පාට සිරස ඉරක් තෝරගත්තොත් ඔයා සන්සුන් ඒත් තීක්ෂණ පුද්ගලයෙක්. ඔයා බොහොම පරිස්සම්, ඒ නිසාම ඍජු, ශක්තිමත් කෙනෙක්. මිනිස්සු ඔයාට ගරු කරනවා සහ අගය කරනවා. ඔයා වගේ අයට විලාසිතා, සුන්දරත්වය සහ රූපලාවන්ය ගැන හොඳ දැනීමක් තියෙනවා.

ඔයා ඔයාට ඕන දේවල් ගැන ශක්තිමත් අදහසක් තියෙන සහ ඒවා අවංක සහ නිවැරදි ක්රමයකින් ළඟා කරගන්න කෙනෙක්. ඔයා බොහොම පිළිවෙළට සහ සංවිධානාත්මකව වැඩ කරන කෙනෙක්. ඒ නිසා මිනිස්සු ඔයත් එක්ක ව්යාපාරයක් කරන්න, වැඩක් කරන්න ආසයි. තව පොඩ්ඩක් වැඩිපුර ස්වභාව ධර්මයත්, අධ්යාත්මික සුවයත් ගැන හිත යොමු කරන්න. ඔයා මිනිසුන් අතර සමගිය සමාදානය ඇති කරන කෙනෙක්.

4 නිල් පාට සර්පිලාකාර හැඩය

නිල් පාට සර්පිලාකාර හැඩය තේරුව කෙනෙක්ව තනි වචනයෙන් විස්තර කරන්න කිව්වොත්, ඒ වචනේ තමයි ‘විනෝදකාමියෙක්’. ඔයාගේ බොරු නැති පිස්සු කෙලින ගතියට මිනිස්සු හරි කැමතියි. ඔයා භයානක වැඩ වලට කැමති කෙනෙක්. ජීවිතේ උපරිම අත්දැකීම් ගන්න තමයි ඔයාට ඕනේ. ඔයා ට්රිප් ගිහින් ගොඩක් දවස් එළියෙ ඉන්න කැමැති කෙනෙක්. ඔයා මොනවත් මගඇරගන්න කැමති නෑ. ලොකු කුතුහලයක් තියෙනවා හැමදේම දැනගන්න.

ඔයා බොහොම විවෘත කෙනෙක් කියලා ඔයා හිතන් ඉන්නව වෙන්න පුළුවන්, ඒත් ඔයා අලුතින් කෙනෙක් අඳුනගන්න කොට පොඩි අනාරක්ෂිත හැඟීමක් දැනෙන ගතියක් තියෙනවා. ඔයාගේ ඇතුලෙ තියෙන සැඟවුණු හැඟීම් හොයාගන්න. එතකොට ඔයා තවත් සම්පූර්ණ වෙන අතරම හැම අතින්ම සතුටින් ඉන්න කෙනෙක් වෙයි. තනියෙන් ජීවිතේ විඳින්නත් ඉගෙන ගන්න. භාවනා කරන්නත් ඔයා කැමති වෙයි. ඔයා තැනකට සතුට අරන් යන කෙනෙක්.

5 නිල් පාට ත්රිකෝණය

නිල් පාට ත්රිකෝණෙ කියන්නේ තාර්කික බවේ සංකේතයක්. ඔයා පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්. ඔයා හොඳ නායකයෙක්. කණ්ඩායමට හොඳක් වෙනවා නම් ගොඩක් දේවල් කැප කරන්න සූදානම් කෙනෙක්. ඔයා බොහොම අවංක සහ ගුණ ගරුක කෙනෙක්. මිනිස්සු ඔයාගේ තර්කානුකූල බවට සහ ඔයා හිතන විදියට කැමති නිසා ඒගොල්ලෝ ඔයාගේ අදහස් වලට ගරු කරනවා වගේම ඔයාගේ අවවාද උපදෙස් ගන්නත් කැමතියි.

ඔයා සමහර වෙලාවට හිතනව වැඩියි. ඒක නිසා ඔයා ඕන්නැති පොඩි දේටත් ආතතියට පත් වෙන්න පුළුවන්. තමන් ගැන හිතන්න සහ සංසුන්ව ඉන්න ඉගෙන ගන්න. ඔයා බොහොම වගකීම් සහගත සහ සත්යවාදී කෙනෙක්.

6උඩ යට මාරු වුන ත්රිකෝණය

උඩ යට මාරු වුන ත්රිකෝණෙ තේරුම තමයි, ඔයා බොහොම ගැඹුරු පුද්ගලයෙක් කියන එක. ඔයාගෙ සිතුවිලි ගඟක් වගේ ගොඩක් ගැඹුරට ගලනවා. ඔයාට හැම දෙයක් ගැනම බොහොම තද අදහස් හා හැඟීම් තියෙනවා. ඔයා ඔහොම තියුණු සහ දක්ෂ ලෙස භාෂාව හසුරුවන්න පුළුවන් වාද කරන්නෙක්. ඔයා වැදගම්මකට නැති දේවල් වලට, ඕපාදූප වලට කැමතිම නෑ. ඔයා සංගීතයට හරි කැමතියි. ඔයාගේ යාලුවෝ ඔයාට පවුලේ අය වගේ. ඔයා බොහොම පක්ෂපාතී, ශක්තිමත්, වීර්යවන්ත යාලුවෙක්.

ඔයා ආදරේ කරන අයත් එක්ක පොඩ්ඩක් නම්යශීලී වෙන්න ඉගෙන ගන්න. හැම දෙයක් ගැනම අනිත් කෙනාගෙ පැත්තෙනුත් ටිකක් හිතන්න බලන්න. එතකොට ඔයාගේ ආධ්යාත්මය දියුණු වෙයි. ඒ වගේම ඔයාගේ හදවත තවත් විවෘත වෙයි. ඔයා බොහොම ශක්තිමත් හා ප්රතිභාපූර්ණ කෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *