කැමති සමනළයෙක් තොරගන්න

සමනලයින් කියන්නේ සත්ව කොට්ටාසයක් උනත් නිදහසේ හා අලංකාරයේ සජිවි සංකේතයක්,ගොඩක් කලාකරුවන් ඔවුන්ගේ පොත් පත් වල හා විශයක් විදියට ඔවුන්ගේ නිදහස සමග ඇති සොබහාදහමේ සම්බන්ධතාවය හා සුන්දරත්වය පෙන්නුම් කරන විශේෂ කෙනෙක් තමයි සමනලයා කියන්නේ. අපේ යටි හිතත් හරියට සමනලයෙක් වගේම තමයි නේද, ඔහේ නිදහසේ හැම තැනම යන කෙනෙක් ගිහින් එයාට කැමති තැනක එයා නවතිනවා.

ඔයා මෙයාව පාලනය කරන්නෙ නැති උනොත් නම් ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ, ඇයි දන්නවද ඒ, මොකද ඔයාට එක දෙයක් එක විදියකට කර ගන්න බැරි වෙනවා, හිත කියන කෙනා හැම තැනම දුවන නිසා,ඉතින් අපි බලමු, අපිට යන්න බැරි ඒත් අපිත් කැමති ඔයත් කැමති තැන් වලට යන සමනලුන්ගේ පෙනුම අපිට තේරුම් ගන්න බැරි වුනත් ඔවුන්ගේ වර්ණයෙන් හැඩයෙන් අපේ පෞර්ෂත්වය ගැන කියන විදිය. දැන් බලමු, ඔයා කැමතිම සමනලයා අනුව ඔයාගේ පෞරෂත්වය කොහොමද කියලා,

01.ඔයා සංවේදි වගේම අවංකයි

ඔයා හැමවෙලෙම තමන්ව උපමාවට අරගෙන අනුන් ගැන හිතන අනුන්ට උපකාර කරන ඉතාමත් ආදරණිය පුද්ගලයෙක් වගේම ඔයාටත් වඩා ඔයා අනිත් අයගේ ඕනැ එපාකම් පිළිබද හිතන කෙනෙක් , අනිත් අයගේ හැගිම් ගැන හිතන නිසා තමන්වත් මග ඇරෙනවා,එහෙම උනොත්නම් ඔයා එයාලට බරක් වෙන්නත් පුලුවන්,මොන දේටත් වැඩිය තමන් හොදින් හිටියොත් තමයි අනිත් අයට උදවු කරන්නත් පුලුවන් වෙන්නේ නේද. ඒකත් ඉතින් ටිකක් මතක තියා ගන්නකෝ.

02.ඔයා සාමකාමී පුද්ගලයෙක්

ඔයා සමබරව ජිවත් වෙන්න කැමති සුහදශිලි අනිත් අය සමග හොදින් කටයුතු කරන කලබලකාරී නැති සන්සුන් චරිතයක්.ඔයා හැම මොහොතකදි ම හැම කටයුත්තක් ම සමබරව කරන කෙනෙක් අනුන්ටත් තමන්ටත් කරදරයක් නොවන අන්දමින් කටයුතු කරන පුද්ගලයෙක්.ජිවිතයේ සමබරතාවය ඔයාගේ මානසික සතුටට බලපාන බව ඔයා ගැබුරින් විශ්වාස කරන කෙනෙක්, ඔයත් ඔයාගේ හැගිම් අනිත් අය දකිනවටවත්, එයාලට කියන්නවත් කැමති පුද්ගලයෙක් නෙවෙයි.

03.ඔයා නිර්මානශීලි පුද්ගලයෙක්

ඔයා හැමදෙයකම ලස්සන දකින්න පුරුදු වෙලා ඉන්නවා,අනිත් අය මලක් දකිනකොට ඒ තුලින් ඔයාට ජිවිතය දකින්න පුලුවන්,ජිවිතේ ප්‍රශ්න අපි කාටත් නූල් බොලයක් වගේ,ඒත් ඔයා දන්නවා පැටලුනු නූල් බොලය දිග ඇරලා ලස්සනට ඔතන්න. ඒ නිසා ඔයාට ජිවිතය හරිම ලෙසි, පොඩි දෙයකින් උනත් ගොඩක් සතුටු වෙන කෙනෙක්.

04.වඩාත් සාර්ථක පුද්ගලයෙක්

ඔයාට විශ්වාසවන්ත අරමුණක් තියෙනවා, ඒක ඉශ්ඨ කර ගැනිම ඔයාගේ පෞර්ෂය සම්බන්ද කරුණක් කියලා ඔයා හිතනවා. ඔයා වෙහෙස මහන්සි වී වැඩකරන අය ඇසුරු කරන්න කැමති පුද්ගලයෙක්, අසාර්ථකත්වයට ඇති භය නිසාම තමන් කරන වැඩ සාර්ථකයි කියලා තහවුරු කර ගන්න කැමති කෙනෙක්.

සර්ථකත්වය ඔයාට නියම විධියට සමරන්න නම් ඔයා ආදරය කරන අය ඔයත් එක්ක ඉන්න ඕන කියලා ඔයා හිතනවා,(ඇත්තටම ඒක එහෙම තමයි වෙන්න ඕන නේද) මොන වැඩක් නිසා හරි ආදරණියන් මග ඇරෙනවනම් ඔක්කොම වැඩ නතර කරලා ඔවුන් සමග කාලය ගත කරන පුද්ගලයෙක්.

05.ඔයා උද්යොගිමත්

මොකක්ද මේ උද්යොගිමත් කියන්නේ, උද්යොගිමත් කියන්නේ කම්මැලි නැතිව ඕනම වැඩක් කඩිසරව කරන්න පුලුවන් කෙනෙක්, හරියට නිකම් ඔයා වැඩ එනකම් බලන් ඉන්නවා වගේ, ඔයා කරන හැම වැඩකම ඔයා දකින්නේ සාර්ථක පැත්ත විතරයි. ඒ වගේම සතුටින් කල් ගත කරන්න දන්න කෙනෙක්, ඔයා කැමති ඔයාට ලැබෙන අභියෝග වලට ඒවා ඔයා දකින්නේ අත්දැකීම් විධියට.

ඔයා කම්මැලිකමට කැමති කෙනෙක්නම් නෙවෙයි,ඒක නිකම් හිරගෙදරක ඉන්නවා වගේ ඔයාට දැනෙන්නේ (ඇත්තටම අපිටත් එහෙමයි අනේ), ඔයා එකපාර ගොඩක් දේවල් කරන්න උත්සහා කරන නිසා ඔයාට අවශ්‍ය ප්‍රතිඵල වලට යන්න අමාරුයි ඒ නිසා ඔයා ඒක වෙනස් කරන්න යන්නේ නැතිව ඒක පිළිඅරගෙන නියමිත වෙලාවට නියම දේ කරන්නකෝ.

06.ඔයා තර්කානු පුද්ගලයෙක්

ඒ කියන්නේ ලෙසියෙන් දෙයක් පිළිගන්න කෙනෙක් නම් නෙවෙයි ඔයා, දෙයක් පෙට්ටියක් ඇතුලෙනම් තියෙන්නේ ඒක ඇරලා ඒ ඇතුලේ එකින් එක තියෙන දේවල් බලලා, හරි කියලා ඔප්පු කර ගන්න කම් පිළිගන්න කෙනෙක් නම් නෙවෙයි. ඒ වගේම බුද්ධිමත්, හැම වෙලේම හරි දේ කරන්න කැමති කෙනෙක්.

කියන්නකො බලන්න දැන්,ඔයා තෝරගත්ත සමනලයා කවුද,ඔයා හිතන විදියට ඔයා ගැන තිබුන දේවල් හරිද, තව මොනවා හරි එකතු වෙන්න ඕනද, නැත්තම් වැරදිද, ඉතින් ඔයාගේ විස්තර අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා ඉතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *