කැමති ෆොටෝ එකක් තෝරගන්න.

අපි හැමෝම ජීවිතයේ එක අවධියක අපිටම කියලා ආදරයක් හොයාගෙන යනවා.දෙමව්පියන්ගේ සෙවනේ එතෙක් කල් පවුලේ ආදරය හැදී වැඩී තරුණ වයසට පැමිණි පසු අපි සහකරුවෙක් සහකාරියක් සොයාගන්නේ එතැන් සිට මුළු ජීවිතයම ඔහු හෝ ඇය සමඟ සතුටින් ගත කිරීමේ අරමුණ ඇතුවයි.එය ආරම්භ වන්නේ ආදරයකින්.

නමුත් මෙම බොහෝ සබඳතා අතරමගදී බිඳ වැටෙනවා.සමහර ඒවා තම ජීවිත කාලය පුරාවටම පවත්වාගෙන යනවා.ඉතින් මෙන්න මෙහෙම ආදරය කරනකොට ඔබ ඔබේ ආදරවන්තයාව ආදරවන්තියව එහෙම නැත්නම් සහකරු හෝ සහකාරියව වැළඳ ගන්නා ආකාරය අනුව ඔබේ සබඳතාවය පිලිබඳ ඔබ දෙදෙනාගේ ආදරය ගැන ඔබ නොදන්නා බොහෝ තොරතුරු හෙළි වෙනවා.ඒ මොනවද කියලා කියන්න තමයි අද අපි සුදානම් වෙන්නේ.ඔබ දෙපල වැළඳ ගන්නා ආකාරය රූපයෙන් තෝරා ඔබේ ආදරය ගැන දැනගන්න .

A-

මෙය මිත්‍රත්වයේ වැළඳ ගැනීමකි.එනම් ඔබට පහසුවෙන් අනෙකාට ඔබේ හදවතේ ඇති දෙය පැවසීමට හැකියාවක් නොමැත.එසේම ඔබ ආදරය කරන්නේ ඉතාමත් සැලකිලිමත්ව විමසිලිමත්වය.ඔබ කුඩා සැම සිදුවීමක් ගැන පවා අවදානය යොමු කරයි.ඔබ ලෙහෙසියෙන් අනෙකාව විශ්වාස නොකරයි.දෙදෙනා අතර අවබෝධයක්,තේරුම් ගැනීමක් නැතිව,විස්වාසයක් නැතුව ඔබ දෙදෙනා අතර ආදරය වැඩි දියුණු වන්නේ නම් නැත.එනිසා ආදරයක් ඔබගේ සිතේ ඇති වුවත් ඔබ ඔහු හෝ ඇය ගැන හොඳින් තේරුම් ගන්න තුරු ආදරය ප්‍රකාශ නොකරන්න.හොඳින් දෙදෙනාවම තේරුම් ගත් පසු ඔබේ හැඟීම් ප්‍රකාශ කරන්න.

B-

බැලු බැල්මට මෙය ආදරණිය වැළඳ ගැනීමකි.ඔබ අතිශයින්ම ආදරණිය ඒ වගේම ප්‍රියමනාප මිහිරි පුද්ගලයෙක් බව පෙනෙයි.ආදරය කරන විට ඔබ උද්යෝගිමත්.ඒ වගේම ක්‍රියාශීලියි.ආදරයක් ඇති වුවහොත් සිතේ,ඔබ අන්ධ ලෙස ආදරය කරයි.ඕනෑම කැපකිරීමක් කර තම ආදරය වෙනුවෙන් ඔබ කැප වෙයි.තවද මෙම ආකාරයේ වැළඳ ගැනීමකින් ඔබ ඔබගේ පළමු දැකීමෙන්ම ,සබඳතාවයෙන්ම ඔබේ ආදරය රැකගනියි.එනම් ඔබේ ආදරය දිගු කල් පවත්වා ගැනීමට ඔබ දක්ෂය.පහසුවෙන් අනෙකාගේ සිත දිනා ගැනීමට ඔබට හැකිය.

C-

මෙම වැළඳ ගැනීමෙන් කියා පාන්නේ ඔබ සබඳතාවක් ආදරයක් ඇති කරගන්නේ ඉතාම ප්‍රවේශමෙන් බවයි.ඔබ සෑම විටම සොයන්නේ ආරක්ෂාවයි.එසේම ඔබ ආදරයේදී හැඟීම් වලට මුල් තැන නොදෙයි.ඔබ ඔබේ ආරක්ෂාව වගේම වටපිටාවේ සිටිනා පුද්ගලයින් දක්වන ආකල්ප ගැනද සැලකිලිමත් වෙයි.ඉතින් මෙලෙස ඔබව ආරක්ෂා කරන ඔබේ සැම පරීක්ෂණයක්ම සමත් වන පුද්ගලයෙකු සොයා ගැනීම අපහසු බැවින් ඔබට ආදරයක් සොයා ගැනීම වගේම එය පවත්වාගෙන යාමද තරමක් දුෂ්කරය.

D-

මෙම ආකාරයේ වැලඳ ගැනීමකින් පෙන්වන්නේ ඔබට ඔබේ ආදරය තුල සතුට ,මානසික තෘප්තිය පහසුවෙන් සොයා ගත හැකි බවයි.ඔබ අදහස් ප්‍රකශ කිරීමේදී තරමක් පසුගාමී බවක් දැක්වුවද එය ඔබලාගේ සබඳතාවයේ පැවැත්මට බාධාවක් නොවේ.එසේම ඔබට නිදහස අත්‍යවශ්‍යයි.ඔබ තරමක් අලස කම්මලි අයෙක් නිසා ඔබ සොයන්නේද එවන් අයෙක්ය.ඉතින් අලස නමුත් ප්‍රීතිමත් පුද්ගලයෙකු සොයා ගැනීම ඔබට අපහසු නැත.එසේම ඔබ දෙදෙනාම අවංක බැවින් ඔබේ ආදරය දිගු කල් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *