කොකා කෝලා වලින් වැඩ පහසු කරන ක්‍රම 11ක් - Nonimi

කොකා කෝලා වලින් වැඩ පහසු කරන ක්‍රම 11ක්

කොකාකෝලා කියන්නේ ලොව විශාලතම හා ජනප්‍රියම සන්නාමයක්. ලොව පුරා දිනකට කෝක් බිලියන 1.7 ක් පරිභෝජනය කරනවා. ඔබ මෙම බිලියන 1.7 අතර සිටියත් නැතත් අලංකාරය සහ ගෘහ නිෂ්පාදනයක් විදිහට කොකාකෝලා වල බොහෝ විකල්ප භාවිත කරන්න පුළුවන් බව ඖආ දැනන් හිටියද?

පිගන් කෝප්ප හෝදන්න පාවිච්චි කරන්න පුළුවන්

© depositphotos

ඔයාගේ පෑන් එකේ අයින් කරන්න අමාරු පැල්ලම් තියෙනවද? කොච්චර හේදුවත් ඒවා අයින් වෙන්නේ නැත්ද?එහෙනම් ඒකට කොකාකෝලා බීම ටිකක් වත් කරලා ටික වෙලාවක් තියන්න. කෝක්වල තියෙන අම්ලය ඒ පැල්ලම් ලිහිල් කරලා ඒවා පහසුවෙන් හෝදගන්න උපකාරී වෙනවා.

හිසකෙස් ප්‍රතිකාර

ඔයා කෝක් කොණ්ඩෙට දාන එක අත්‍යවශ්‍යම නෑ.ඒත් ඒ ගැන සලකා බලන්න කියලා අපි යෝජනා කරනවා. නිළියක් සහ නිරූපිකාවක් වන සුකී වෝටර්හවුස් ඉඳහිට ඇගේ කොණ්ඩයට මේක පිළියමක් විදිහට භාවිත කරන්න පටන් ගත්ත ඩවසේ ඉදන් මිනිසුන් ඒක පිළිගෙන කෝක් කොණ්ඩෙට දාන්න පටන් අරං තියෙනවා. කොකාකෝලාවල තියෙන පොස්පරික් අම්ලය කෙස් කළඹ හැකිලීම, ස්වාභාවික කැරලි වැඩි කිරීම, අනවශ්‍ය හිසකෙස් සායම් විසුරුවා හැරීම සහ ඔබේ හිසකෙස්වලට පූර්ණ පෙනුමක් ලබා දෙනවා.

ඉවුම් පිහුම්

© depositphotos, © depositphotos, © depositphotos

මේකෙදි සෝස් එක්ක(තක්කාලි) කෝක් මිශ්‍ර කරලා බාබකියු සෝස් එක හදා ගන්න පුළුවන්. ඕනෙනම් ඔයාට ඒකට තව වෙන දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක හදා ගත්තට පස්සේ ඒකේ රසය විදින්න.

වෛද්‍ය විද්‍යාව

© depositphotos, © depositphotos

සමහර මූලාශ්‍රයන්ට අනුව, කෝක් පානයෙහි සෝඩා නිසා අජීර්ණය ලිහිල් වෙනවා. ආමාශ ආම්ලිකතාවය අර්ධ වශයෙන් උදාසීන කරන්න පුළුවන් නිසා සහනයක් ලබා ගන්න පුළුවන්. කෝක් වලින් ලැබෙන තවත් පුදුම සහගත ප්‍රතිකාරයක් තමයි තිරිඟු නිසා ඇතිවන ආසාත්මිකතාවයකින් සහනයක් ලබා ගන්න එකයි. කෝක්හි ඇති පොස්පරික් අම්ලය අසාත්මිකතාවන් බිඳ දමමින් අසාත්මිකතා ප්‍රතික්‍රියා කරලා ලිහිල් කරනවා කියලා විශ්වාසයක් තියෙනවා.

පැල්ලම් ඉවත් කර ගන්න පුළුවන්

© depositphotos

ඔයාගේ ඇදුමේ ග්‍රීස් හරි ලේ පැල්ලමක් හරි අප්‍රසන්න ගදක් අයින් කරන්න කෝක් භාවිත කරන්න පුළුවන්.රෙදි හෝදන යන්ත්‍රයට ඩිටර්ජන්ට් එක්ක කෝක් ටිකක් එකතු කරලා හෝදන්න.පිරිසිදු කිරීමේ බලය ලැබෙන්නේ බීම තුළ ඇති කාබනික් හා පොස්පරික් අම්ලයෙන්.

සලකුණු ඉවත් කරන්න පුළුවන්

© depositphotos, © depositphotos

ඔබේ දරුවන් කෑම කාමරයේ කාපට් උඩ එක එක දේවල් වලින් අපිරිසිදු කරලා තියෙනවනම් කලබල වෙන්න එපා. ඒ පැල්ලම් වලට කෝක් ටිකක් වත් කරලා ජලය එක්ක මිශ්‍ර කරපු සබන් භාවිත කරන්න.

වාහනේ අයිස්(රැදිලා තියෙන හිම) අයින් කිරීම

© depositphotos, © depositphotos, © depositphotos

අයිස් අයින් කර ගන්න හොදම විදිහ තමයි ඒකට කෝක් ටිකක් දාලා ටික වෙලාවක් තියන එක. එතකොට ලේසියෙන්ම ඒ හිම අයින් කරන්න ලේසි වෙනවා.ඊට පස්සේ අනිවාර්‍යෙන්ම වාහනේ හෝදන්න, මොකද කෝක් ඇලෙන සුළු වගේම මලකඩ ඇති කරන දියරයක් නිසා. උණුසුම් මාසවලදී,වාහනේ කවුළුවේ දූවිලි අයින් කරගන්න කෝක් භාවිත කරන්න පුළුවන්.

ගෙවතු වගා මෙවලම

 

තණකොළ , මල් පිපීමට කෝක් උදව් කරනවා. පස මත කෝක් වත් කිරීමෙන් එහි pH අගය අඩු වන අතර ආම්ලික පසෙහි වැඩෙන ශාක සඳහා ඒවා උරා ගන්නවා. සමහර ගෙවතු හිමියන් යෝජනා කරන්නේ එය ඔබේ කොම්පෝස්ට් බඳුනට එකතු කිරීමෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය ශක්තිමත් වගේම පොහොරවල ගුණාත්මකභාවය වැඩි දියුණු වෙනවා කියලයි. ඊට අමතරව,හම්බෙල්ලන් ඉවත් කිරීමට හෝ බඹර උගුලක් සෑදීමට අවශ්‍ය නම් කෝක් හොදයි.

නිර්මාණකරණයට

© depositphotos, © pixabay

ඔයා ආසම කරන මෙවලම් වල පරණ ගතියක් ගන්න කැමති නම් කෝක් ටිකකින් කඩදාසිය පොගවගෙන ඒක පිහන්න. එහෙමත් නැත්නම් පින්තූරය කෝක් එක්ක භාජනයකට දාලා වියලෙන්න තියන්න.

රිදී පිරිසිදු කරන්නා

© depositphotos, © depositphotos

කෝක්හි තියෙන අම්ලය රිදී වල අපිරිසිදු හා පැල්ලම් ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඔයාගේ ආභරණ කෝක්හි විනාඩි කිහිපයක් තියලා පොඟවා ගන්න. මේ ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය නම්, කෝක් සහ ඔයාගේ මුද්ද එක්ක භාජනයක් මිනිත්තු කිහිපයක් මයික්‍රෝවේව් උදුනකට දාන්න. ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න!

විනෝදාත්මක අත්හදා බැලීම්

ඔයාට කෝක් බොන්න ඕනේ නැත්නම් ඒ වෙනුවට කෝලා දිය උල්පතක් හදන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ කෝක් එකට මෙන්ටොස් එකක් හරි පෙපර්මින්ට් එකක් හරි දාලා බෝතලේ ටිකක් හොල්ලලා ඒක අරින එක විතරයි.

මේ දේවල් කරන්න උත්සහ කරලා තියෙනවද? ඔයාට ලැබුන ප්‍රතිඵලය මොකද්ද? ඔයාගේ අදහ්ස් අපිත් එක්ක බෙදා ගන්න.

Leave a Reply