කොට කෙල්ලෙක්ට සහ උස කොල්ලෙක්ට ප්‍රීතිමත් විවාහ ජීවිතයක් තිබීමට හේතු මෙන්න

ආදරය කරනකොට උස්මිටිකම්, වත්පොහොසත්කම්, වයස් පරතර අදාලම නැහැ කියනවනේ.. මේ හැමදේටම වඩා බලවත් වෙන්නේ ආදරයයි. මේ අතරින් ගොඩක් උස සහකාරයො ඉන්න මිටි සහකාරියන් වඩාත් ප්‍රීතිමත් පවුල් ජිවිතය ගත කරනවා කියලා කිටී සොන් විසින් කරපු පරික්ෂණයක් මගින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් අපි අද මේ කාරණයේ ඇත්ත නැත්ත පිලිබදව තමයි හොයලා බලන්න හිතුවේ.

1. උස පරිණාමය.


කිටී සොන් විසින් කාන්තාවන් 7,850ක් දෙනෙකුගේ දත්ත එකතු කරගෙන මෙම පරික්ෂණය සිදු කර තියෙනවා. එහිදී පෙන්නුම් කලේ බිරින්දෑවරුන්ගේ සතුට සදහා සෘජුවම සහකාරයාගේ උස බලපාන බවයි. සොන් පවසන් විදියට එම කාන්තාවන් උස පිරිමි පුද්ගලයන්ට වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ ඔවුන්ගේ තේරීම හරි හැටි පැහැදිලි කර ගත නොහැකි නිසායි. මෙහිදී පරිනාමීය හේතුව කාන්තාවන්ගේ අභිරුචිය සදහා ප්‍රබල බලපෑමක් එල්ල කරනවා.

2. පිරිමියකුගේ උස ආරක්ෂාව හා ස්ත්‍රීත්වය පිලිබද හැගීමක් කාන්තාවට ලබා දෙනවා.


මීලග පරීක්ෂණයේදී “සහකාරයගේ උස සම්බන්ධව ඔයාගේ හදවතට දැනෙන හැගීම මොකක්ද?” යන ප්‍රශ්නය කාන්තාවන් 601ක් දෙනෙකුගෙන් විමසනු ලැබුවා. එහිදී ඔවුන් බහුතරයකුගේ අදහස වුනේ:

• “මගේ සහකාරයගේ ඇස් මගේ දිහාවට පහලට යොමු වෙන එක ඇත්තටම මට මාරම හැගීමක්…”

• “කිසිම කරදරයක් නැතුව ඕනෑම ප්‍රමානයක අඩි උස සපත්තු වගෙම අඩි නැති සපත්තු වුනත් පලදින්න පුලුවන්..” මොකද එයා කොහොමත් මට වැඩිය උසයි කියලා පේනවනේ..”

• “මගේ අත් ඔසවලා ඔහුගේ බෙල්ල වටේ යවලා ඔහුව වැලද ගන්න එක ඇත්තටම අපූරු දෙයක්…”

• “ඔහුත් එක්ක ඉන්න හැම විටම මට මෘදු වගෙම ආරක්ෂිත හැගීමක් ඇති වෙනවා..”

3. උස පුද්ගලයන් බොහෝ බුද්ධිමත්..


බුද්ධිය සහ උස අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බව බොහෝ පරික්ෂණ මගින් ඔප්පු වෙලා තිබෙනවා. එහිදී පුද්ගලයකු උසින් වැඩි වෙන විට ඔවුන්ගේ බුද්ධිමත් බවද වැඩිවෙන බව විද්යාඥයන් විසින් පවසලා තියෙනවා. නමුත් මිටි පුද්ගලයන් බුද්ධිමත් නොවන බව ඉන් අදහස් වෙන්නේ නැහැ.

4. උස පුද්ගලයන්ට ඉහල ආදායමක් ඇති බව විශ්වාස කරනවා.


එක්තරා පරීක්ෂනයකින් පුද්ගලයකු උසින් වැඩි නම් ඔහුට ඉපයිය හැකි මුදල් ප්‍රමානයද වැඩි බව සොයාගෙන තියෙනවා. එම පරික්ෂණයේදී එක් අගලක් උස වැඩිවීම හා සියයට 2 සිට 2.5 දක්වා ආදයම, ඉපයීම වැඩිවීම අතර සම්බන්ධයක් පවතින බව තහවුරු වී තිබෙනවා.

5. උස පුද්ගලයන්ට ඉහල සමාජ තත්වයක් තිබිය හැකිය.


තවත් අධ්‍යනයකින් පෙන්නුම් කලේ උස, අන්තර් පුද්ගල සම්බන්ධතා හා සමාජ තත්වය සමග සෘජු සම්බන්ධතාවයක් පවතින බවයි. මෙය තවත් තහවුරු වෙන්නේ උසින් වැඩි පුද්ගලයන් සමාජ ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වීමට වැඩි කැමැත්තක් දක්වන නිසයි. ඒවගෙම ඔවුන් ඉහල ඉලක්ක අත්පත් කර ගැනීම සදහා සමාජීය පුද්ගලයන් සදහාද උපකාර කරනවා.

6. උස පරතරය අතර ඇති කදිම වෙනස


පෝලන්ත මානව විද්යාඥයෙකු වන Boguslaw Pawlowski මේ සම්බන්ධව සිත් ගන්නා සුලු නිගමනයක් සිදු කර තිබෙනවා. ඔහුට අනුව ජීවන සහකරුවකු තෝරා ගැනිමේදි අවදානය යොමුකල යුත්තේ මුදල් හා සමාජ තත්වයට නොව උස වෙනස අතර අනුපාතයටයි. ඔහුගේ අධ්‍යනයට අනුව පිරිමි පුද්ගලයකුගේ උස 1.09 ගුණයකින් වැඩි විය යුතුයි.

මෙසේ මෙම අනුපාතය ගැලපෙන, සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන විවාහක යුවලවල් සදහා උදාහරණ ලෙස ඔහු දක්වා තියෙන්නේ;

• චෙරී බ්ලෙයාර් සහ ටෝනි බ්ලෙයාර් = 1.10

• වික්ටෝරියා බෙකම් සහ ඩේවිඩ් බෙකම් = 1.09

Leave a comment

Your email address will not be published.