කෝටිගානක් වටින වාහන පදින ලංකාවේ කෝටිපති නිරූපිකාව

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. කලා නිර්මාණවලින් කාලයක් පුරාවටම ඇයව දක්නට නොලැබුණත් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ත්‍රිකලා ගැන නැවතත් කතාබහක් මතු වෙලා තිබෙනවා. ඒ ඇය මිලදී ගෙන තිබුණු අළුත්ම මෝටර් රථය නිසා. ඒ RANGE ROVER වර්ගයේ මෝටර් රථයක්. ත්‍රිකලා නම් කියන්නේ මෙය ඇගේ ජීවිතයේ එක් සිහිනයක සැබෑවීමක් කියලා. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අවුරුදු 15දී තමයි ඇය ඇයගේ විශාරද උපාධිය සම්පුර්ණ කරලා තියෙන්නේ. නිරූපණයනම් ඇයගේ වෘත්තිය නෙමෙයි කියලා තමයි ඇයනම් කියන්නේ.ඇයට දැන් අවුරුදු 28යි වෙනවා.

මට පුංචි කාලේ තිබිච්ච ආසාවක් තමයි ගුවන් සේවිකාවක් වීම සහ ඔටුන්නක් හිස දරපු රූප රාජිනියක් වෙන එක.අපේ තාත්තා හරියට නිතීයට වැඩ කරන කෙනෙක්. එයා පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ මම පැජන්ට් වලට යනවට. මම ඒවාට විරුද්ද වෙන්න ගියේ නැහැ මම මගේ හින හිතේ තියාගෙන හිටියා.පස්සේ මම විවාහ උනා. මගේ හින වලට අත දෙන සහකරුවෙක් මට හම්බ උනා. එයාට මගේ හින ගැන කිව්වම එය කිව්වේ ඒක ඔයාගේ ආසවක්නම් අපි ඒවා කරමු කියලා.ඇත්තටම එයා මාව හොදට තේරුම් ගත්තු කෙනෙක්. මට ඕන උනේ නැහැ හැම පජන්ට් එහෙකටම යන්න.මට ඕන වුනේ වැඩි දෙනෙක් සහභාගී වෙන පැජන්ට් එහෙකට යන්න. මම ඒ ගැන අන්තර්ජාලයේ විස්තර හොයනකොට තමයි හම්බ උනේ මිසිස් යුනිවර්ස් තරගය ගැන.2017 ඒ අනුව තමයි මම මිසිස් යුනිවර්ස් තරගයට සහභාගී වෙන්නේ.

ඇත්තටම 2016 වර්ෂයේ තමයි මිසිස් යුනිවර්ස් කියන ලයිසන් එක ලංකාවට හම්බ උනේ.පුද්ගලික කාරනා මත 2016 තරගට යන්න හිටිය කෙනාට ඒ තරගයට යන්න බැරි වෙනවා. ඒ නිසා 2017 මට හැකියාව ලැබුනා ලංකාවෙන් සහභාගී උණු ප්‍රථම තරගකාරිය වන්නට.

ඔයා මොඩ්ල් කෙනෙක්නම් ඔයාට අද ඔයාගේ රැකියාව නවත්තන්න ඕනේ කියලා හිතුනොත් නවත්තන්න පුළුවන්. නමුත් රුපරාජිනියකට එහෙම බැ. එකේ ගවුරවය රකින්න ඕනේ. ගැහැනියකට අංක එක පවුල, දෙක තමන්ගේ අනන්‍යතාව, තුන්වෙනුව තමයි ඔටුන්න.විවාහක රු රැජිණ තරගය මිස් පැජන්ට් එකක් වගේ නෙමේ. විවාහ උනාම අපේ හැමදේම වෙනස් වෙනවා. අපේ හෝමෝන පවා වෙනස් වෙනවා. මිසිස් තරගය තියෙන්නේ දරුවෙක් මේ ලෝකයට බිහි වූ අම්මා කෙනෙක්ට ලොකු වගකීම් එක්ක තරග කරන්න වෙන තරගයක් තමයි මිසිස් පැජන්ට්ස්.

යම්කිසි කාන්තාවකට ඒ ඔටුන්න හම්බ වෙනවනම් එයා දැනගන්න ඕනේ පවුල රැකගන්න. තමාගේ පවුල රැකගන්න බැරි කෙනෙක් කොහොමද ඔටුන්න රැකගන්නේ. ඔයාට හොද හදවතක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ දුක අදුරගන්න ඕනේ. මිනිස්සු එක්ක සුහදව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ.

හැම විවාහම රු රැජිනක් ඇතුලෙම ටොප් මොඩ්ල් කෙනෙක් ඉන්නවා. අපි මිනි පැජන්ට් 12ක් විතර පහු කරන්න ඕනේ.දුෂ්කර කාර්යන් බොහොමයකට පසුව තමයි අපි ඔටුන්න දාගන්නේ.ඉදිරියේදී අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන ඇයට උදව් කරන්න හිතාගෙන ඉන්නවා.එක තාම මම ලොකුවට තීරණය කරලා නැහැ. ඉදිරියේදී ඒ ගැන බලමු.

මේ ෆීල්ඩ් එකට එන්න කිසිම වයසක් නැහැ.මිස් ටීන් යුනිවර්ස්,මිස් යුනිවර්ස් මිසිස් යුනිවර්ස් වගේ තරග ගොඩක් තියෙනවා.ලංකාවේ දෙමාපියෝ ගොඩක් බයයි ළමයි මොඩ්ලින් වලට එවන්න.

මම ඉස්කෝල කාලේ පැත්තකට වෙලා හිටපු කෙනෙක්. හරියට පොත් කියවනවා. මට යාළුවො ගොඩක් හිටියේ නැහැ. මට ඕන උනේ හොදට ඉගෙන ගන්න. හරියටම කිව්වොත් පොත් වලම හිටපු කෙනෙක්. බෑන්ඩ් එකේ හිටියා, ඩාන්සින් ගීත ගායනය වගේ භාහිර දේවල් කළා.ඕලෙවල් වලින් පස්සේ මම මැහුම් පන්තිත් ගියා. මම කැමති මගේ දේවල් තනියම කරගන්න. මම හැමදේම වගේ ඉගෙන ගත්ත. මම තාම අසයි දන්නේ නැති දේවල් ඉගෙන ගන්න.

ජිවිතේ දිනන්න.කොයිම වෙලාවකවත් කිසිම කෙනෙක් මත යැපෙන්න එපා.මමත් ගෙදර වැඩ ඔක්කොම කරගෙන මට ලැබෙන අනිත් ටයිම් එකෙන් තමයි මගේ වැඩ කරගන්නේ. කොයිම වෙලාවකවත් තමන්ව අවතක්සේරු කරගන්න එපා. අපිට අතපය 4 තියෙනවනම් කිසිම කෙනෙක් මත යැපෙන්න හිතන්න එපා. මේ ලෝකේ ඉන්න හැමෝම ලස්සනයි.තමන් දක්ෂ පැත්ත තෝරාගෙන ඒ පැත්තට යොමු වෙන්න. අඩුම තරමේ හස්බන්ඩ් මතවත් යැපෙන්න එපා.

මට සින්දු කියන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගායනයට සම්භාන්ධයි. නමුත් මම ඒ පැත්තට කැමැත්තක් නැහැ. ටෙලි නාට්‍ය වලට කතා කලත් මමනම් භාර අරගෙන නැහැ.මම කැමති නැහැ ටීවී එකේ නිතරම මිනිස්සුන්ට පේන්න ඉන්න චරිතයක් වෙන්න. එතකොට මිනිස්සුන්ට අපිව නිතරම දැකලා එපා වෙන්න පුළුවන්. රගපාන්නනම් ආසාවක් හිතිලා නැහැ.

හිත හොද මිනිස්සුන්ට කේන්ති යනවලුනේ ඒ වගේ තමයි මටත් නිතරම කේන්ති යනවා. වැරද්දක් අසාධාරනයනම් පෙන්නනම බැහැ.මම සෝෂල් මිඩියා වලින් කිසිම ජනප්‍රියතාවයක් බලාගෙන ඉන්නේ නැහැ. මට ඒවා පස්සේ දුවන්න අවශ්‍යතාවක් නැහැ. මේ ලගදි කාන්තාරයක ශුට් එකක් කළා. එක මොඩ්ල් කීනෙක් ඒ විදිහටම ශුට් එකක් කරලා තිබ්බා. එයාට මෙච්චර හම්බ උනා කියලත් ප්‍රචාරය කරලා තිබුනා. ඇයි තව කෙනෙක්ව කොපි කරන්නේ. ඔයාට පවුරුශයක් නැති නිසා තමයි ඔයා තව කෙනෙක් වෙන්න යන්නේ. ඔයා එකේ අදහස ගත්තට කමක් නෑ වෙනස් දෙයක් කරන්න.

ඔයාගේ ආත්ම ගවුරවය රැකගන්න. මම පැජන්ට් එකේ බිකිනි ඇන්දා මම ඒක හංගන්නේ නැහැ.එක අවස්ථාව අනුව වෙනස් වෙනවා.මොඩ්ලින් ගත්තොත් ඔයාට යන්න විවිධ පාරවල් තියෙනවා.අලුතෙන් ෆීල්ඩ් එකට එන නංගිලා කවුරු හරි ෆොටෝග්‍රෆර් කෙනෙක් අල්ලාගෙන බාගෙට ඇදගෙන ශුට් කරලා දාලා ෆොලොවර්ස්ලා හදාගන්නවා. ඒකද ජිවිතේ. මොඩ්ලින් ෆීල්ඩ් එකට එන ලුත් පොඩි ළමයින්ගෙන් මම ඉල්ලන්නේ තමාගේ ආත්ම ගරුත්වය පාවා දෙන්න එපා. මේ ක්ෂේත්‍රයේ තත්වය නැති කරන්න එපා.

මේ විදිහට ඇය පවසා තිබෙනවා. ඇය සුන්දරයි දක්ෂයි. අපි ඇයට සුභ පතමු.

Leave a comment

Your email address will not be published.