කෞෂාල් සිල්වා සමග විවාහ වුන නිළි භාග්‍යාගේ චායාරූප එකතුවක් මෙන්න

භාග්‍යා හෙට්ටිආරච්චි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්, ඇය විවාහ වෙන්නේ ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කෞෂාල් සිල්වා සමග. විවාහයෙන් පස්සේ භාග්‍යා වැඩිය නිර්මාණ වලින් පෙනීසිටියේ නෑ. දැන් ඇය සැමියා සමග විවිද රටවල් වල සංචාරය කරමින් ජීවිතය විඳිනවා. ඒ වගේම මේ සංචාර කිරීම පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්. ”කොහොමටත් මම රට රටවල සංචාරයට ගොඩක් ආසයි. ඒ වගේම කෞෂාල් ක්‍රිකට් ප්ලයර් කෙනෙක් විදියට සංචාරය කරන නිසා එයා එක්ක මම සංචාරවලට එක් වෙනවා.” කියලයි.

හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු රංගන ශිල්පිනියක් තමයි භාග්‍යා කියන්නේ. ඉතින් ඇය නැවත රඟපාන්නේ නැද්ද කියලා ඇහුවම භාග්‍යා අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්, ”මෙහෙමයි විවාහයෙන් පස්සේ කෞෂාල් මට කිසිම නීතියක් දාලා නෑ රඟපාන්න එපා කියලා. හැබැයි මම නිතතර නිතර සංචාරය කරන නිසා මට ක්ෂේත්‍රයේ ඉන්න ටිකක් අමාරුයි. නමුත් ආයෙත් හොඳ නිර්මාණයකට දායක වෙන්න ආසයි. හැබැයි හොඳ නිර්මාණයක් නම් විතරමයි.” කියලා, ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් භාග්‍යා – කෞෂාල් යුවලගේ පින්තූර කිහිපයක් තමයි මේ.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *