ගැහැණු ළමයෙක් කොල්ලෙක්ට පිස්සු වැටුනාම ඉන්නෙ මෙන්න මෙහෙමයි

අපි හැමෝම දන්න දෙයක් තමයි කාන්තාවන් සමහර වෙලාවට “නැහැ” කිව්වාම එයින් අදහස් වෙන්නේ “ඔව්” කියන එක කියලා. ඒ වගෙම තවත් සමහ අවස්තා වලදි ” නැහැ” කියන එකෙන් “සමහර විට” කියන එකත් අදහස් වෙනවා. ඒක නිසා මේ දේවල් හරියට තේරුම් ගන්න නම් ඔවුන්ගේ සලකුණු වලට අවදානය යොමු කරන්න වෙනවා. ඉතින් අපි අද කියන්නේ ගැහැණු ළමයෙක් ඔයාට හරියටම කැමතිද කියලා අදුර ගන්න පුලුවන් ශරීර භාෂා ටිකක් ගැනයි

ඔබ ඇය දිහා බලන සැම අවස්තාවකදීම ඇගේ කළු ඉංගිරියාව පුළුල් වෙනවා.

අක්ෂි සම්බන්ධතාවය ඔක්සිටොසින් නිෂ්පාදනයට බලපානවා. මේ හෝමෝනය මගින් අපි පුද්ගලයකුට බැදී ඇති බවක් හගවනවා. ඒ නිසයි අපි කැමති කෙනෙකු සමග අක්ෂි සම්බන්ධතාවයක් තබා ගැනීමට අපි උත්සාහ කරන්නේ.

*ඔබේ ඇස් හමු වුන විට, ගැහැණු ළමයා ලැජ්ජාවෙන් බලා සිටිනවා නම්. හොදින් මතක තියා ගන්න මිනිසෙකු කෙරෙහි උනන්දුවක් නැති ගැහැණිය කවදාවත් මෙසේ කරන්නේ නැහැ.

*ගැහැණු ළමයා ඔබ සමග කතා කරන විට ඇගේ කලු ඉංගිරියාව වඩාත් විශාල වෙනවා නම්, (මෙය නිරීක්ෂනය කිරීම එතරම් පහසු දෙයක් නොවේ) සාමාන්‍ය නීතිය වෙන්නේ, අපි කැමති කෙනෙක් දෙස බලන විට අපේ ඇස් සැම විටම පුළුල් වෙනවා.

ඇගේ කකුල් වල තත්වය සැලකිල්ලට භාජනය කරන්න.


*කකුල් දිගහැරගෙන සහ කකුල් දනහිස් වලින් දෙපසටමාරු කරගෙන සිටිම මගින් පෙන්වන්නේ, ඇය අවිශ්වාසයෙන් හෝ සැලකිල්ලකින් තොරව සිටින බවයි. ගැහැණු ළමයෙකුට සුවපහසුවක් දැනෙන විට හා උනන්දුවක් දක්වන විට ඇය කවදාවත් කකුල් දනහිස් වලින් මාරු කරගෙන සිටින්නේ නැහැ.

*කකුල් මාරු කරගෙන සිටිනවා නම් ඇගේ පාද වලට අවදානය යොමු කරන්න. ඇගේ සපත්තුවල ඇගිලි වලින් ඉදිකටුවක ප්‍රමානයට බිම ස්පර්ශ කරගෙන සිටිනවා නම් එයින් අදහස් වෙන්නේ ඇය ඔබට කැමති නමුත් ඔබ පිලිබද තව දුරටත් දැන ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.

ඇය ඔබට සමීපව සිටීමට උත්සාහ කරයි.


පුද්ගලයන් දෙදෙනෙකු එක් කාමරයක සිටින විට, ඔවුන් අතර ඇති දුර ප්‍රමාණය මගින් ඔවුන්ගේ සම්බන්ධය ගැන බොහෝ දේ පැවසිය හැකියි.

*ඇය ඔබට කැමති නම්, ලැජ්ජාශීලී වුවද ඇය ඔබ වෙත සමීප වීමට උත්සාහ කරයි.

*ඇය ඇත්තටම ඔබ කැමතිදැයි සොයා ගැනීමට ටිකක් මෝඩ ක්‍රමයක් තියනවා: ඇගෙ සුවපහසු කලාපයට ඇතුලු වෙන්න. (ඇගේ මුහුණට අඩි 2 ක් පමණ ආසන්නයෙන්). එවිට ඇය ආපසු ඉවත්වේ නම් එය නරක සළකුනක්. නමුත් එලෙසම රැදී සිටී නම් ඇය ඔබට කැමතියි වෙන්න පුලුවන්.

ඇය පිටුපසට සෘජු වී ඇගේ පියයුරු ඉස්මතුකර පෙන්වයි.


*හැගීමක් ඇති කරවීම සදහා ගැහැණු ළමයෙක් පිටුපසට සෘජු වී හා ඇගේ බඩ අකුලා ඇගේ පියයුරු ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරයි නම් එය මගහැරීමට ඔබට අපහසු වෙයි.

ඇගේ මහපට ඇගිල්ලේ තත්වය සැලකිල්ලට ගන්න


මේ ඉරියවුව බොහෝ විට මිනිසුන් සාක්කු තුල හා බෙල්ට් එක තුල තම ඇගිලි රුවා ගැනීමෙදී භාවිතා කරනු ලබනවා. නමුත් ගැහැණු ළමයින් මේ ඉරියවුව වඩාත් සංකීර්ණ උපක්‍රම සදහා යොදා ගනු ලබනවා.

*ගැහැණු ළමයකුගේ මහපට ඇගිල්ල ඇගේ බෙල්ට් එක, පර්ස් එක හෝ වෙනත් ඕනෑම උපාංගයක් පිටුපස තිබෙනවා දැයි සැලකිලිමත් වෙන්න. එයින් අදහස් වෙන්නේ ඇය ඇගෙ මුහුණ, ඉණ හා පියයුරු කෙරෙහි අවදානය යොමු කර ගැනීමට උත්සාහ කරන බවයි. ඇගේ උනන්දුවට මෙය හොද ළකුණක්.

ඔබේ ස්වරූපයන් හා අභිනයන් පිටපත් කරගනී


ගැහැනු ළමයා ඔබේ පෙනුම, අභිනය හෝ හැසිරීම පිළිබිඹු කරන්නේ නම් අවධානය යොමු කරන්න. උදාහරණ‍යක් ලෙස ඔබ ඔබේ කොන්ඩය ස්පර්ෂ කර මිනිත්තුවකට පමන පසු ගැහැණු ළමයාද එය කිරීම වගෙම ඔබ කෙදිරි ගාමින් කිව්වොත් ඇයත් කෙදිරිගාමින් කිවීම ආදී දේවලුයි.

*මෙම ව්‍යායාමය මගින් අදහස් කරන්නේ ඇය ඔබව හොදින් තේරුම් ගැනීමට හා ඔබ දෙදෙනාගේ පොදු දෙයක් සොයා ගැනීමට උත්සාහ කරන බවයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අදාල වෙයි.

සපත්තු සෙලවීම


යම් ගැහැණු ළමයෙක් ඇගිලි වලින් සපත්තු සොලවනවා නම් එයින් අදහස් වෙන්නේ ඇය සැහැල්ලුවෙන් සිටින බවයි. සුවපහසුවක් දැන විට හා ඔබේ අවදානය ආකර්ෂනය ලබා ගැනීමටද උත්සාහ කරන විට මෙසේ කරනු ලබනවා.

*මතකතියා ගන්න ඇගේ සපත්තුව තියන දිශාව හෝ දණහිස් ළකුණු ඇගේ උනන්දුව පිලිබද කියන වස්තූන් වෙයි.

ඇය නිතරම ඇගේ ඇදුම හෝ හිසකෙස් පරික්ෂා කරයි නම්


ගැහැණු ළමයා ඇගේ ඇදුම්, හිසකෙස් හෝ උපාංග ඔබ ඉදිරිපිටදි පරික්ෂා කිරීමට උත්සාහ කරනවා නම් එයින් පෙනෙන්නේ ඇය නොසන්සුන්ව සිටින බවයි.

*ඇගේ විශ්වාසය ගොඩ නගා ගැනීමට හා ඇගේ පෙනුම හොද බව විශ්වාස කර ගැනීමට එම ව්‍යායාමය උපකාරී වෙනවා. ඇය ඔබ කෙරෙහි උනන්දුවක් නැති නම්, ඇගේ පෙනුම නිවැරදි කර ගැනීමට කිසිම අවශ්‍යතාවයක් පවතින්නේ නැහැ.

ඇය ඇගේ තොල් ස්පර්ෂ කිරීම


ගැහැණු ළමයෙක් ඇගේ තොල් ස්පර්ෂ කරනවා නම් හෝ ලෙවකනවා නම් ඒ ඔබ පිලිබද උනන්දුවක් හා ඇල්මක් ඇති බවට පැහැදිලි සළකුනකි. බොහෝ විට චිත්‍රපටි තුල මේ ඉරියවුව භාවිතා කරනවා ඔබ දැක තියෙනවා ඇති.

*නමුත් ප්‍රවේසම් වෙන්න : ඇය සෑම මිනිත්තුවෙන් මිනිත්තුවටම ඇගේ තොල් ලෙවකනවා නම් මෙය නරක පුරුද්දක් වෙන්නට පුලුවන්.

බොහෝ විට කැඩපත දෙස බැලිම


හැම ගැහැණු ළමයකුටම පරිපූර්ණ පෙනුමක් අවශ්‍යයි. විශේෂයෙන් ඇය කැමති කෙනෙකු අසල ඇය හිදින විටකදි.

*ඇය සැම විනාඩි 10 කටම වරක් කැඩපත දෙස බලයි නම් එයින් අදහස් වෙන්නේ ඇය අසහනයට පත්ව සිටින බව හා ඇගේ හොද පෙනුමක් තිබෙනවාද යන්න ගැන සහතික කිරීමට අවශ්‍ය වීමයි.

ඇගේ දෑත් අල්ලාගෙන සිටින ආකාරය ගැන අවධානය යොමු කරන්න.


කාන්තාව ඇගේ ලය මත දෑත් බැදගෙන සිටින විට එයින් අදහස් වෙන්නේ අවනත වීමට ඇගේ කැමැත්තක් නැති බව හා නිශ්චිතවම “නැහැ” යන පිලිතුරයි. ඒ වගෙම ඇය ලැජ්ජාවෙන් සිටිනවා නම් ඔබ ඉදිරියේ, ඉක්මනින් විවෘත වීමට පැකිලීමක් දක්වනවා. ඒ නිසා ටිකක් සියුම් වෙන්න.

*ඒ වගෙම ඇය අත් දෙක දිගහැරගෙන සිටිනවානම් එය ඔබට “කොළ එළියක්”.

ඇගේ කොණ්ඩය ඇල්ලීම.


ගැහැණු ළමයෙක් ලැජ්ජාවක් දැනෙන විට හෝ ඊට ප්‍රතිවිරුද්ධ විලාසයක සිටින විට ඇගේ කොණ්ඩය ඇදීම හෝ ඇගිල්ල වටේ කරකැවීම සිදු කරයි.

*ඒ වගෙම, පිරිමි අයද නොසන්සුන්ව හා කම්පනයට පත්ව සිටින විට ඔවුන්ගේම හිසකෙස් අවුල් කර ගන්නවා.

Leave a Reply