ගුවන් යානා සේවකයින් ඔබ ගැන සිදු කරන අධීක්ෂණ 7ක් මෙන්න

ගුවන් මගියෙකු ගේ මානසික ස්වභාවය තක්සේරු කිරීමේ ක්‍රියා දාමය රේගු වෙන් අවසන් නොවේ .ආරක්ෂණ පරීක්ෂණ කටයුතු වලින් පසු ඔබ වඩාත් විනෝදජනක දේ සිදුවන ගුවන් යානය තුළට ඇතුළුවේ .ආකර්ශණීය සිනහවෙන් යුතු ගුවන් සේවක , සේවිකාවන් ,ඇත්තටම ඇවිදිමින්, කථා කරමින් දුටු පමණින් ම බිහිසුණු පුද්ගලයාගෙන් හොඳ කෙනා තෝරා බේරා ගැනීමේ විශේෂ හැකියාවක් ඇති ස්කෑනර යන්ත්‍රයන් වේ .ඒ පිළිබඳව අප එකතු කර ගත් කරුණු 7 ක් ඔබේ අවධානය සඳහා මෙලෙස ගෙන එමු .

ඔබ ” හෙලෝ ” නො කිව්වොත් ගුවන් සේවකයා නියත වශයෙන්ම ඔබ ගැන විමසිලිමත් වනු ඇත .

ගුවන් යානය තුළට ඇතුළු වීමේ දී “හෙලෝ ” කියා ඔබව ඇමතීමට හේතුවක් ඇත . එය ඔවුන් ගේ ක්‍රියා පිළිවෙතේ එක් අංගයකි .මගියෙකුට ” හෙලෝ ” කියා ප්‍රති උත්තර දීමට පවා නො හැකි නම් , හදිසි අවස්ථාවක දී ,ඔහුට ඔවුන්ගෙන් උදවවක් ,උපකාරයක් බලාපොරොත්තු විය නො හැක. පුද්ගලයෙකු මිත්‍ර ශීලී සහ කලබල කාරී පුද්ගලයෙකු නො වන්නේ නම් ,එයින් සාමාන්‍යයෙන් ඔහු ගේ චරිතය පිළිබඳව බොහෝ දේ නිරූපණය වේ .හදිසි , බිහිසුණු අවස්ථාවල දී එවැනි අයට සේවකයන් ගේ සහයෝගය නිරතුරු ලැබේ .

ඔබ ඔවුන් දෙස කෙළින් නො බැලීම .

ගුවන් යානයට ගොඩවන අවස්ථාවේ මගීන් පිළිගැනීමට සිටින ගුවන් සේවකයන් , නිතරම ඔවුන්ගේ ඇස් දෙස බලනු ඇත . ඒ අවස්ථාවේ දී ඇසින් ඇස ගැටීම මගියා මග හරින්නේ නම් , එය භයානක සංඥාවකි . සිතීම සරලයි . ඔබ වරදක් කෙළේ නම් , අහක බැලීම කරයි .නිසැකයෙන්ම , ඉවත බලන සියළු දෙනාම නරක අයවළුන් සේ නො සිතිය යුතුය .ගුවන් සේවකයින් මගීන් ගැන අවසාන නිගමනයක් ගැනීමට පාදක කර ගන්නා සංඥාවලින් එකකි , මේ .

ඔබේ මුහුණ සුදු මැලි වි නාසය රතු පැහැයෙන් යුතු වී නම් ,

ගුවන් මගියා ගේ අසනීප තත්ත්වය අවට සිටින සෙසු මගීනට ගැටළුවක් නොවන බවටත් , ගුවන් ගැබේදී එය පැතිර යාමේ අවදානමක් නොමැති බවටත් නිර්දේශ කරමින් වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද වාර්තාව, ගුවන් යානයට නැගීමට පෙර සමහරවිට ගුවන් තොටුපොළ සේවකයින් මගීන් ගෙන් ඉල්ලා සිටීමට ඉඩ තිබේ . නමුත් කැස්ස සහ දියර ගලන නාසය සහිත පැමිණි පුද්ගලයෙකු , බළලුන් නිසා තමා අසාත්මිකතාවයට පත්ව සිටින බව පැවසුව හොත් , ඔහුව ඇතුළට ගනු ඇත .

මේ තත්ත්වය ගුවන් සේවකයින්ට මහත් කරදරයක් ගෙන දෙන්නකි .ඔවුන් ගේ වත්මන් සුවදුක් විමසීම මෙන්ම එම අයවළුන් ගැන අමතර අවධානයක් යොමු කරන්නට සිදුවීමත් විශේෂයි .එසේම තමන්ට ද මෙම රෝගය බෝ විය හැකි යයි සැකයෙන් සහ බියෙන් පසුවන සෙසු මගීන් ගෙන් දුරස්ව ආසන සපයා දීමටත් වෙහෙසක් ගත යුතු වේ .

ඔබට විස්තර පත්‍රිකා සහ කුඩා පොත් පිංචක් ලැබෙනු ඇත .

ගුවන් මගියෙකු තමා අවට සිටින සියළුම දෙනා සමඟ කථා කරන්නට පටන් ගත හොත් සහ තමා ගේ මතයට හා අදහස් වලට ඈඳා ගැනීමට උත්සාහ කළොත් , සිදු වන්නේ කුමක් ද ? ගුවන් සේවකයින් ගේ ප්‍රමුඛතම කාර්‍යය වන්නේ , සෑම ගුවන් මගියෙකුටම හැකිතරම් ගුවන් යානය ආරක්ෂිත මෙන්ම සුව පහසු තැනක් බවට පත්කර දීමයි .මෙබඳු කලහකාරී මගීන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පණ්ඩිතකම අන් අය හා බෙදා ගන්නට යාම බැවින් , එය අප්‍රසන්න බවක් ගෙන දෙයි .

ඔබ විශ්මය දනවමින් , වේගවත් ව කථා කරමින් ප්‍රශ්න වලට පිළිතුරු දීම .

විශ්මයාර්ථ රාශියක් සමඟ නිහඬතා වයෙන් හැසිරෙන පුද්ගලයන් කණස්සල්ලෙන් සිටින අයවළුන් වේ .එසේම කෙනෙකු ඉතා වේගයෙන් හෝ ඉතා හෙමින් හෝ කථා කරන්නේ නම් , එය ගුවන් ගමනට අවධානය යොමු කරවන්නකි . ඔවුන් තමන්ගේ සත්‍ය තත්ත්වය සඟවා ගන්නේ එලෙසිනි .ඇත්ත වශයෙන් , ඔබ ප්‍රව්ෘත්ති ප්‍රකාශකයෙකු ගේ තත්ත්වයෙන් කථා කළයුතු නො වූවත් , ඔබ ගේ ස්වරූපය සැක සහිත නම් , ඔබව තේරුම් ගැනීම අපහසුය .ගුවන් සේවකයින් ගේ අමතර අවධානයක් ඔබ වෙත යොමු කරවා ගැනීමට අවශ්‍ය විය හැක .

ඔබ ග්‍රීක දෙවියෙකු සේ පෙනීම .

ගුවන් සේවකයෙකු ඔබට සිනාසෙමින් ඔබගේ ශක්තිමත් බාහු දෙස බලන්නේ නම් , බොහෝ දුරට ඒ ඔබ ලස්සණ නිසා නොවේ .ඔබ උදව්වක් ලබා දිය හැකි තත්ත්වයේ සිටින කෙනෙකු ලෙස ඇය ඔබව හඳුනා ගැනීමයි , එයට හේතුව . ඝෝෂාකාරී හෝ කරදර කාරී හෝ ලෙස හැසිරෙන මගියෙකු වේ නම් ඔහුව පාලනය කර ගැනීම සඳහා ඔබ ගේ සහයෝගය ලබා ගත හැකිවනු ඇත . එසේම ඇත්තටම බර අධික බෑගයක් සමඟින් එන මහළු කාන්තාවක් වෙනුවෙන් ද උදව්වක් ලබා දීමට ඔබට හැකිවනු ඇත .

ඔබ විකාර ස්වරූපයෙන් නො සිටින්න .

හිස සහ මැණික් කටුව කසමින් , මුහුණේ පේශි නටවමින් , විටෙක කහිමින් , හිස වනමින් , ගස්සමින් ඉරියව් නිතර වෙනස් කරමින් සහ වෙනත් වචනයෙන් නොවන ක්‍රියා කරමින් කිසිවක් සැඟවීමට උත්සාහ කරන හෝ රහසිගත යමක් වසන් කිරීමට තැත් කරන හෝ කෙනෙකු වංචනිකයෙකුගේ ගති ලක්ෂණ පිළිබිඹු කරයි .කෙනෙකු ඕනෑවට වඩා සිනාසෙනවිට එහි අදහස වන්නේ , ඔහු වඩාත් කණස්සල්ලෙන් සිටින අයෙකු බවයි .

හරියට ගුවනින් යාමට බියක් ඇති අයවළුන් මෙන් මෙබඳු මගීන්ට වැඩි අවධානයක් සේම අනුකම්පා සහගත බවක් ද ලබා දීමට සිදු වේ .නොසංසුන් මගියෙකු වහා හඳුනා ගත හැකි අතර , ගුවන් සේවකයින්ට ඔහූ වාඩිවී සිටින්නේ කොතැනකද යන්න පවා මතකයට නැඟේ. මෙබඳු පුද්ගලයකු කලහකාරී විය හැකි බැවින් එය ගුවන් යානයේ ආරක්ෂාවට ද තර්ජනයක් වීමට හේතු වේ .

එක වචනයකින් හෝ ක්‍රියාවකින් හෝ කෙනෙකු පිළිබඳව නිගමනයකට එළඹිම පමණක් ගුවන් සේවක ක්‍රියා දාමය නොවේ .එය හැසිරීම් තක්සේරුවේ මිශ්‍රණයකි .කෙසේ වෙතත් , ගුවන් මගීන් ගේ ආරක්ෂාව රඳා පවතින්නේ සේවකයින් ගේ මෙම තීරණ ගැනීමේ හැකියාව මතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *