ගෙදරදීම පරික්ෂා කර ගන්නේ මෙහෙමයි

සාමාන්‍ය කෙස් ගහකට රාත්තල් 3.5 ක වික්‍රියාවකුත් තෙත් වූ විට වැඩිපුර 30%කින් දික් වීමටත් හැකියාව තිබෙනවා නමුත් මේ හැකියාව තිබෙන්නේ නිරෝගී කෙස් ගහකට පමණයි. හානි වූ දුර්වල කෙස් ගසක් නම් ඉක්මනින්ම කැඩී යනවා. බැලූ බැල්මට කෙස් ගහක නිරෝගී බව ගැන තීරණයකට එළඹෙන්න බැහැ. ඒ නිසයි අපි අද මේ ලිපියෙන් ඔබ‍ට කෙස් ගස් නිරෝගීද නැත්නම් ඩැමේජ් වෙලාද කියලා බලාගන්න පරීක්ෂාවන් හතරක් සහ ඒවාට විසඳුම් ඔබට ඉදිරිපත් කරන්නේ.

01.ෆොලිකල් පරික්ෂාව (Follicle test)

ෆොලිකල් (Follicle) කියන්නේ මැරුණු සෛල එකතු වී ඔබගේ කෙස් ගස හටගන්නා සමේ කොටසට. ඔබේ කෙස් ගස නිරෝගීද, ඔබගේ කෙස් හැලීයාම වද නොවිය යුතු සාමාන්‍ය දෙයක්ද කියලා හරියටම දැනගන්න මුලින්ම හිසකෙස්වල මූලය(Roots) පරික්ෂා කරන්න ඕනේ.

මුලින්ම ඔබ කෙස් ගහක් අල්ලා ගෙන එය ඉවතට ඇද ගළවන්න. කෙස් ගස මූලයත් සමග ගැලවිය යුතු නිසා කෙස් ගහ හිසට ආසන්නයෙන් අල්ලාගෙන ගලවන්න අමතක කරන්නෙපා.

ඉන්පසු ෆොලිකල් එක නිරීක්ෂණය කරන්න. සාමාන්‍ය කේශ මූලයක් බල්බ හැඩයෙන් යුක්ත විය යුතුයි. එසේ තිබෙනවානම් ඔබගේ කෙස් ගස් නිරෝගීයි. නමුත් ඔබේ කෙස් ගසේ මූලය කිසිම බල්බ හැඩයකින් තොරව තුනී විදිහට තිබෙනවා නම් ඒ ඔබගේ හිසකෙස් දුර්වල නිසයි.

හිසකෙස් හැලීම වළක්වා ගැනීමට කළ හැකි දේ

විවිධ ආහාර පාලන ක්‍රම විවිධ නම් වලින් තිබෙන බව ඔබ දන්නවා ඇතිනේ. ඉතින් මේ ගැටලුව සඳහා ඔබ මධ්‍යධරණි ආහාර රටාව (Mediterranean diet) අනුගමනය කරන්න. නම ටිකක් අමුතු උනාට මේක කරන ආකාරය අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් ඔබ‍ට හොයාගන්න පුළුවන්. අධ්‍යන වලට අනුව මෙම ආහාර රටාව මගින් හිසකෙස් වැටීමේ අවදානම අවම කෙරෙනවා.

පෝනිටෙල් වැනි ඉතා තද මෝස්තර අනුගමනය කරන්න එපා. විශේෂයෙන්ම නින්දට යාමේදී හිසකෙස් ඉහිල්ව තබාගෙන නින්දට යාම වැදගත්.

විශේෂ විටමින් හා ඛනිජ ලවණ වර්ග ලබා ගන්න.

02.ගිලීමේ පරික්ෂාව. (Sink test)

මේ පරීක්ෂාවෙන් ඔබේ කෙස්ගහක් කෙතරම් සිදුරු සහිත දැයි බලාගන්න පුළුවන්. නිරෝගී කෙස් ගසක් හොඳින් ඝනකම් වුණත් හානි වූ කෙස් ගසක් සිදුරු සහිත නිසා ඉක්මනින්ම ජලය අවශෝෂණය කරගන්නවා.පරීක්ෂණය සිදු කිරීම සඳහා ඔබ හිසේ ඉහළින් පිටුපසින් දෙපසින් වගේ විවිධ තැන්වලින් කෙස් ගස් කිහිපයක් ගලවා ගන්න.

ඉන්පසු වතුර වීදුරුවකට මේ කෙස් ගස් දමන්න.නිරෝගී කෙස් ගසක් නම් ජලය මතුපිට පා වෙනවා. තරමක් හානි වූ නමුත් තවමත් නිරෝගීභාවය රැකිලා තියෙන කෙස් ගසක් නම් මද දුරක් පහලට ගිලෙනවා. සිදුරු සහිත නිසා වතුර අවශෝෂණය කර ගැනීමෙන් බර වැඩි වෙන දුර්වල, හානි වූ කෙස් ගසක් නම් පතුලටම ගිලෙනවා.

සිදුරු සහිත හානි වූ කෙස් ගසකට කලහැකි දේ –

විවිධ වර්ගයේ බටර් වර්ග හා තෙල් වර්ග ආලේප කරන්න. ඒවා ඔබගේ හිසකෙස් විසින් උරාගන්නා තෙතමනය රඳවා ගැනීමට උපකාරී වේවි.

සෑම සේදීමකින් පසුම කන්ඩිෂනර් භාවිතා කරන්න.

pH අගය සමතුලිත කර ගැනීම සඳහා හිසකෙස් වලට ඇපල් සයිඩර් විනාකිරි සහ කෝමාරිකා ගල්වන්න.

03.ඇදීමේ පරික්ෂාව (Tug test)

මේ පරීක්ෂාවෙන් ඔබගේ හිසකෙස්වල ප්‍රත්‍යස්ථතාවය එහෙමත් නැත්නම් ඇදෙන සුළු බව පරීක්ෂා කෙරෙනවා.

මුලින්ම ඔබගේ හිසෙන් එක කෙස් ගහක් ගලවා ගන්න.ඉන්පසු එය ප්‍රවේශමෙන් දෙපසට අදින්න.ඇද අත හැරීමෙන් පසු එය තරමක් ඇදී නැවතත් මුල් පිහිටුමට එනවා නම් ඒ කෙස් ගස නිරෝගීයි. නමුත් එය ප්‍රවේශමෙන් අදින්න පටන් ගත් විටම කැඩී යනවා නම් එය අතිශයින් දුර්වලයි.

හිසකෙස්වල ඇදෙන සුලු බව නැවතත් ලබා ගැනීමට කළ හැකි දේ

හිසකෙස් සේදීමෙන් පසුව සාමාන්‍ය පරිදි වාතයේ වියළෙන්නට ඉඩහරින්න. හිසකෙස් වියලන වලින් එන උණුසුම් වාතය හිසකෙස් වල ඇදෙනසුලු බවට ඉතාම අහිතකරයි.

ජොජෝබා තෙල් වලින් හිසකෙස් සම්බාහනය කරන්න.

කෙස් ගස් වලට මී පැණි ආලේප කරන්න. මී පැණි කියන්නේ කෙස් වල තෙතමනය ආරක්ෂා කර ගත හැකි ස්වභාවික කන්ඩිෂනර් එකක්.

04.සවිවරතා පරික්ෂාව (Porosity test)

මේ පරීක්ෂාව මගින් කෙස්ගසේ පිටත ස්ථරයෙහි තත්වය පරික්ෂා කර ගන්න පුළුවන්.එක් අතකින්, ගලවාගත් කෙස් ගසක ඉහළින් අල්ලා ගන්න.ඉන්පසු අනිත් අතින් කෙස් ගසේ මුල සිට අගට ලිස්සා පිරිමදිමින් පහලට පැමිණෙන්න.

අතට දැනෙන්නේ රළු කඩතොළු සහිත ස්වභාවයක් නම් ඔබගේ කෙස් ගස හානි වෙලා. ඒකාකාරී ලෙස මෘදු බවක් දැනෙනවා නම් කෙස් ගස නිරෝගීයි.

හානි වු හිසකෙස් සදහා කල හැකි දේ –

කෙරටින් සත්කාරයක් ලබාගන්න. එමගින් හිසකෙස් වල අවුල් ඉවත්කර සිනිදු හා දිස්නය දෙන සුළු බවට පත් කරනවා.

බ්ලෝ ඩ්‍රයි කිරීම, කර්ල් කිරීම හා ඩයි කිරිම සීමා කරන්න.

සහල් වතුරෙන් සේදීම (Rice water rinse) කරන්න. අධ්‍යයන වලට අනුව එය කලක් හිසකෙස් මත රැඳී පවතිමින් හානි වීමෙන් කෙස් ආරක්ෂා කරනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *