ගොඩක් අය කියනවා මම ශලනි තාරකා වගෙයි කියලා – කස්තුරි

ශලනි තාරකාගේ මුහුණුවරට සමාන නවක රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන අද වන විට ටෙලි නාට්‍ය කීපයක දැකගත හැකිය. ඇගේ ආගමනය සම්බන්ධව කළ සංවාද සටහනකි මේ.

ඔබ රංගන ක්ෂේත්‍රයට යොමු වෙන්නෙ කොයි ආකාරයෙන්ද?

මගේ ගම මහියංගනය. මම පාසල් ගියේ මහියංගණ ජාතික පාසලට සහ බදුල්ල විශාකා විද්‍යාලයට, පසුව රුහුණු සරසවියට ඇතුළත් වෙලා කලා අංශයෙන් ඉගෙනුම ලබනවා. පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණේ ඉගෙනගෙන රැකියාවක් කරන්නයි. නමුත් සැලොන් අමායා එකේ නිලුකා අක්කා දවසක් මට කතා කරා බ්‍රයිඩල් ෆොටෝ ෂුට් එකක් කරන්න. ඒ මගේ පළවෙනි ෆොටෝ ෂුට් එක. ඊට පස්සේ විවිධ තැන්වලින් ආරාධනා ලැබුණා වගේම තරගවලටත් සහභාගි වුණා. ඔය අතරේ නිලූකා අක්කා දෙරණ ටීවී එකේ අවුරුදු කුමාරි තරගයට අයදුම්පතක් දාලා මාව සහභාගි කළා. ඒ අනුව 2019 දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය මට හිමිවුණා. පසුව තමයි ටෙලිනාට්‍ය පැත්තට ලැබුණු ආරාධනා අනුව යොමු වුණේ.

ඔබ දැනට රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍ය පිළිබඳවත් මතක් කළෝතින්?

සංගීත් ප්‍රභු කියන අයියා මගේ දක්ෂතාවය දැකලා හිරු ටිවි එකේ විකාශය වෙන ‘හුස්මක් තරමට’ නාට්‍යයේ තරංග දිසානායක සහ රවීන්ද්‍ර විජයරත්න යන මහත්වරුන් හමුවෙනවා. ඒ හරහා ‘හුස්මක් තරමට’ නාට්‍යයේ ප්‍රධාන චරිතයේ යාළුවා වෙන සහේළිගේ චරිතයට පණ පොවන්න මට අවස්ථාව ලැබුණා. හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ වගේම සිරස රුපවාහිනියේ ‘සක්කරං’ නාට්‍යයේ අයිරින් කියන චරිතයට සම්බන්ධ වෙලා ඉන්නවා එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

නවකයෙක් විදියට රංගන ක්ෂේත්‍රය දකින්නෙ කොයි ආකාරයෙන්ද?

ක්ෂේත්‍රය හොඳයි හොඳ විදියට හිටියොත්. අපිට ගැලපෙන දෙයක් කළොත් ප්‍රශ්නයක් නැහැ. තව මට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා ක්ෂේත්‍රය ගැන.

ඔබේ පෙනුම ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ වගෙයි නේද?

බොහෝ දෙනෙක් එහෙම කියනවා, සමාජ මාධ්‍යයේ මිතුරු මිතුරියන් පවා මට කියලා තියෙනවා මම ශලනි අක්කා වගේ කියලා. ඉතින් සතුටුයි.

ඉදිරි වැඩ කටයුතු පිළිබඳවත් මතක් කළෝතින්?

ඉදිරියේදි අධ්‍යාපන කටයුතුවලට බාධා නොවෙන විදියට රංගන ක්ෂේත්‍රයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා . තවත් ටෙලිනාට්‍ය කීපයක සහ රූප රචනා කළ ගීත කිපයකට රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී එයටත් සමිබන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ගමනෙදි අමිමා , තාත්තා , නංගි , අත්තමිමා , සියා , සංගීත් ප්‍රභු අයියා , තරංග දිසානායක අයියා , රවීන්ද්‍ර විජේරත්න අයියා , අරුණ ජයවර්ධන අයියා , නිලූකා අක්කා, ඉෂාරි අක්කා , සඳමිණි අක්කා, රුහුණු සරසවියේ යාළුවෝ ඇතුළු මගේ ගමනට සහයෝගය දීපු හැමෝටම ස්තුතියි කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

 

Check Also

ලංකාවේ ජනප්‍රිය නිළියන් මේකප් ඇතුව සහ නැතුව

නලු නිලියන්ව අප බොහෝවිට දකින්නේ මේකප් සමගිනි. එහෙත් ඔවුන් මේකප් නොමැතිව සිටින විට ඔවුන්ගේ ස්වරූපය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *