ගොඩදෙනෙක් නොදන්නා අපූරු වැඩ 10 ක්

සාමාන්‍යයෙන් බියර් වලින් කරන්න පුළුවන් අපූරුම වැඩේ ඒවා බොන එක කියලා අපි කවුරුත් දන්නවා. බියර් කියන නම ඇහුණත් සමහර අයට හැමදේම අමතක වෙනවා. ඔයා ඊළඟ පාර බියර් බොන කොට අපි මේ කියන්න යන දේවල් කරලා බලන්න අමතක නොකර පොඩ්ඩක් ඉතුරු කරගන්න. මොකද ඔයාලා කවදාවත් අහලා නැති හිතන්නෙවත් නැති දේවල් බියර් වලින් කරන්න පුලුවන්. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ වගේ අලුත්ම අපූරු වැඩ කිහිපයක්.

01. හිසකෙස් පෝෂණය කර වර්ධනය වේගවත් කරනවා

බියර් වල, හිස කෙස් වර්ධනය කරන්න වගේම නිරෝගී කෙස් කළඹක් ලබා ගන්න ඉතාම වැදගත් සංඝටක 2ක් වන විටමින් B සහ සිලිකන් තියෙනවා. කොණ්ඩෙට බියර් වීදුරු බාගයක් වගේ හලලා හොඳින් හිස්කබල සම්බාහනය කරලා විනාඩි 5කට විතර පස්සේ සීතල වතුරෙන් හොඳින් හෝදන්න. ඔයාගේ හිසකෙස් හොඳට බැබළෙන්න පටන් ගනීවි.

02. ගොඩක් සිනිදු සහ සවිමත් සමක් ලැබෙනවා

අපි හැමෝම දවසින් දවස වයස්ගත වෙනවා. සම වයසට යාම පාලනය කරන ප්‍රතිඔක්සිකාරක ලොකු ප්‍රමාණයක් එහි තියෙනවා. සමෙහි ස්වයං සුව වීමේ ගුණය වැඩි කරන එක ඇල්කොහොල් සාන්ද්‍රණයක් අඩංගු බියර් වගේ බීම වල තියන තවත් විශේෂම ගුණයක්. මේවා පාවිච්චි කළාම සම ශක්තිමත් වෙන නිසා කුඩා රැලි වැටීම් වලට හොඳ පිළියමක්.

මේ facial mask එක පාවිච්චි කරලා වෙනස වටහා ගන්න.

බියර් තේ හැඳි 1ක්, බිත්තර සුදු මදයක්, ආමන්ඩ් ඔයිල් බින්දු තුනක් විතර එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. මුහුණ හොඳට පිරිසිදු කරලා මේක ආලේප කරන්න. විනාඩි දහයක් විතර තියලා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

03. සුව නින්දක් ලබා දෙනවා

හොප් ශාකයේ මල බියර් හදන්න පාවිච්චි කරන මූලික සංඝටකයක්. ඒවා ස්වාභාවික වේදනා නාශකයක් වගේම නින්ද නොයෑමේ රෝගයටත් කාංසාවටත් බෙහෙතක් විදියට පාවිච්චි කරනවා. ඔයාට මේ රෝග තියනවානම් මේ ප්‍රතිකර්මය කරල බලන්න.කොට්ටය පිරිසිදු කරන කොට ජලය සහ බියර් 1:1අනුපාතයෙන් සමාන ප්‍රමාණවලින් භාවිතා කරන්න. බියර් වල සුවඳ කොට්ටයේ රෙදි සහ පුළුන්වලට හොඳින් උරා ගන්න නිසා ඔයාට ඉක්මනින්ම හොඳ නින්දට වැටෙන්න ලොකු උදව්වක් වෙනවා.

04. වෙහෙස කර පාදවලට හොඳ සුවයක් ලබා දෙනවා

ගොඩක් මහන්සි වුණ දවසක අවසානයේ කුඩා භාජනයකට බියර් පුරවලා දෙපා විනාඩි කිහිපයක් ගිල්වාගෙන ඉන්න. බියර් වල බුබුළු නගින ස්වභාවය නිසා දෙපාවලට සහනයක් ලැබෙනවා.

05. මැරුණු සෛල අයින් කරනවා

සම මතුපිට එකතුවෙලා තියෙන මැරුණු සෛල ඉවත් කරන්න බියර් උපකාරී වෙනවා. ඒ නිසා සමට පැහැපත් බවක් වගේම දිදුලන බවක් ලබාදෙනවා.

ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක් සහ බියර් මේස හැඳි දෙකක් පමණ ගෙන කේස් එකක් වෙනකන් හොඳින් මිශ්‍ර කරන්න. මැරුණ සෛල වගේම අපද්‍රව්‍ය ඉවත් වෙලා අලුත් සෛල පුනර්ජනනය හා උත්තේජනය කරන්නත් මේ ආලේපනයට පුළුවන්.

06. පදම් කල මාංශ මෘදු කිරීම සඳහා

මාංශ වර්ග වලට මෘදු බවක් ලබා දෙන්න බියර් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා රසට හානියක් වෙන්නෙත් නෑ.භාජනයකට බියර් ටික දාලා මෘදු කරන්න බලාපොරොත්තු වන මස් වර්ගය ඒකට දාන්න. ඒ ටික හොඳින් වහලා ශීතකරණයේ තියන්න. ඊළඟ දවසේ ඔයාට ඉතාම මෘදු වගේම රසවත් මස් ආහාරයට ගන්න හැකියාව ලැබෙනවා.

07. දැව භාණ්ඩ ඔප දැමීම

සිනිඳු රෙදි කැබැල්ලකට උණුසුම් බියර් ස්වල්පයක් දමා පිරිසිදු කරන්න හෝ ඔප දාන්න ඕනි දැව භාණ්ඩ මතුපිට හොඳට මදින්න. මෙහෙම කළාම දැව භාණ්ඩවලට අලුත්ම පෙනුමක් සහ බැබළීමක් ලබාගන්න පුළුවන්.

08. පලිබෝධකයන් පලවා හැරීම

කරදරකාරී මැස්සන් පලවා හරින්නත් බියර් පාවිච්චි කරනවා.

ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම වීදුරුවකට බියර් ස්වල්පයක් වක්කරලා ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳින් ආවරණය කරන්න. ඊට පස්සේ ෆොයිල් එක මත සිදුරු කීපයක් හදන්න. බියර් සුවඳට ආකර්ෂණ වන මැස්සන් සිදුරු තුලින් වීදුරුව තුලට රිංගා ගත්තත් ආපසු එලියට යන්න බැරි වෙනවා.

මේ ක්‍රමය කැරපොත්තන්ටත් පාවිච්චි කරන්න පුළුවන්.

09. ලෝහ භාණ්ඩ ඔප දැමීම

බියර් වල තියෙන ආම්ලික ගුණය නිසා ලෝහ ආභරණ වගේම ඕනෑම ලෝහ භාණ්ඩයක් ඔප දාන්න පාවිච්චි කරන්න පුළුවන්. රෙදි කැබැල්ලක් බියර් ටිකකින් තෙත් කරලා ඔයාට ඔප දාන්න ඕනි ලෝහ භාණ්ඩය මතුපිට හොඳින් අතුල්ලන්න. නැත්නම් අවශ්‍ය ලෝහ භාණ්ඩය බියර්වල විනාඩි කිහිපයක් ගිල්වා තියන්නත් පුළුවන්. බියර් වල ගිල්වා තිබුණු භාණ්ඩය වියලි රෙදි කැබැල්ලකින් පිස දාලා ඒක ඔප දාගන්න පුළුවන්.

10. මළ බැඳීම් ඉවත් කිරීම.

බියර් වල තියෙන ආම්ලිකතාවය යකඩවල මල බැඳීම් ඉවත් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මල බැඳී තියෙන තැනට බියර් ටිකක් දාලා විනාඩි කිහිපයක් පෙඟෙන්න ඉඩ හැර මලකඩ ඉවත් කරගන්න පුළුවන්.

Check Also

දිනකට කජු මද 4ක්

කජු ඇට එහි රසය සහ පැහැදිළි හැඩය සඳහා ප්‍රසිද්ධය. අප බොහෝ දෙනා ඒවා අපගේ ආහාරයට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *