ජංගම දුරකතනයේ ආයු කාලය අඩුවෙන්න බලපාන හේතු 6ක්

Mobile Phone එක කියන්නේ අද ලෝකෙයේම කාටවත් නැතුවම බැරි ජිවිතයට සමීපම උපාංගයක්. හැබැයි ගොඩක් දෙනා මේ ජංගම දුරකථනය හරියට පාවිච්චි කරන විදිහ නම් දන්නේ නැහැ. හැමදාම පාවිච්චි කරන උපකරණයක් විදිහට අපි අතින් වෙන පොඩි පොඩි වැරදි නිසා ඔයාගේ දුරකතනයට අහිතකර දේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ජංගම දුරකතනයේ ආයු කාලය අඩු වෙන්නත් මේ වැරදි බලපානවා. ඉතින් අපි බලමු මොනාද ඔයා නොදැනුවත්වම කරන වැරදි කියලා.

 

ගොඩක් රස්නේ තියන තැනක රත් වෙනකන් Phone එක තියන්න එපා

ඉර එලිය කෙලින්ම වැටෙන තැනක ඔයාගේ ජංගම දුරකථනය තියලා ගොඩක් රත් උනොත් ඒකේ පිටින් මුකුත් නොපෙනුනාට ඇතුලතින් හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ බැටරියේ ආයු කාලය අඩු වෙන්න වගේම Memory Chip එකටත් හානි වෙන්න පුළුවන්.

සැලකිල්ලක් නැතුව Plug කරන්න එපා

සමහර වෙලාවට ඔයා නිදිමතේ හරි කලබලෙන් හරි අහක අලාගෙන ඔයාගේ phone එක charger එකට ගහනවා ඇති. ඒත් ඔයාගේ charging port එකේ තියෙන්නේ හරිම සියුම් pins ටිකක්. මෙහෙම කලබලෙන් ඒකට connect කරනකොට මේ පින් කැඩිලා නැවිලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දේ නිසා ඔයාගේ charger එකේ ආයු කාලයත් කෙටි වෙන්න පුළුවන්.

දුරකථනය පිරිසිදු කරන්න.

මුළු දවසම phone එක අතේ තියාගෙන හිටියත් ඒක පිරිසිදු කරන්න හිතුවේ නැහැ නේද? අපි හැමදාම නානවා වගේ අපේ වාහනේ service කරනවා වගේ අපි හැමදාම පාවිච්චි කරන phone එකටත් පිරිසිදු කිරීම අත්‍යාවශ්‍යයි. ඔයාගේ සාක්කුවේ තිබුනත් බෑග් එකේ තිබුනත් අපේ ඇහැට පේන්නේ නැති දුවිලි අංශු phone එක ඇතුලට යනවා. එහෙම ගොඩක් දුවිලි එකතු වුනාම phone එකේ ක්‍රියාකාරිත්වයට බාධා වෙන්න පුළුවන්. එතකොට phone එක slow වෙලා ඔයාට මුකුත් වැඩක් කරගන්න බැරි වෙයි. ඒ නිසා ඔයාගේ phone එක phone වල වැඩ දන්න කෙනෙක්ට දීලා service කරගන්න.

Phone එකේ brand එකට අදාල Original head phone සහ charger පාවිච්චි කරන්න

ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා වෙළඳපොලේ ලාබෙට තියන චාජර් එහෙම පාවිච්චි කරන්න. මේවයින් ඔයාට අවශ්‍ය වැඩේ කෙරුණත් එහෙම වගකීමක් නැති ඒවා phone එකට සම්බන්ධ කලොත් ඔයාගේ phone එකටම තමයි හොඳ නැත්තේ. සමහර වෙලාවට මේවා current එකත් එක්ක සම්බන්ධ වෙන නිසා ගිනිගන්න උනත් පුළුවන්. Head Phone එක උනත් බාල එකක් පාවිච්චි කලොත් ඔයාට ඒ original එකෙන් ලැබෙන sound එක නම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ phone එකේ බැටරිය වැඩ කරන්නේ නැතුව අලුත් එකක් දැම්මොත් ඒකත් original එකක්ම දාන්න අමතක කරන්න එපා. මොකද ඒ මගින් ඔයාගේ දුරකතනයේ ආයුකාලයට බලපෑමක් සිද්ධ වෙනවා.

පිටුපස සාක්කුවේ phone එක දාන්න එපා.

අපි ගොඩක් වෙලාවට ලේසියට පහසුවට අපි ඇඳගෙන ඉන්න ඇඳුමේ පිටිපස්සේ සාක්කුවේ phone එක දාන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේක නම් හොඳ පුරුද්දක් නෙමෙයි. මොකද ඔයා කොයි වෙලාවක හරි අමතක වෙලා වාඩි උනොත් ඔයාගේ දුරකතනයට හානි වෙන්න පුළුවන්. මේ වැඩෙන් හොරෙක්ට උනත් ඔයාගේ phone එක හොරකන් කරන්න වැඩි chance එකක් තියනවා.

හරියට update කරන්න

ඔයාගේ phone එකට දාලා තියන සමහර apps අවශ්‍ය වෙලාවේදී update කලේ නැත්තන් ඒක හරියට වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වගේම තමයි වැරදි තැන් වලින් download කරන apps නිසා ඔයාගේ දුරකතනයේ තියන දත්ත වෙනත් කෙනෙක් අතට යන්න පුළුවන්. ඒ නිසා phone එක හරියට ක්‍රියාකාරී වෙන්නේ නැතුව යන්න හැකියාවක් තියෙනවාමේ කියලා තියන පොඩි පොඩි දේවල් හරියට කලොත් ඔයාට ඔයාගේ phone එක ගොඩක් කල් හොඳ තත්වයෙන් තියාගන්න පුළුවන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *