ජනප්‍රිය නිලි අමිෂා කාවින්දි කියන කතාව

නර්තනයෙන් කලාවට පිවිසි ඇය පසුව රිදී තිරයට පිවිසුනා. රිදී තිරයේ පෙම්වතිය. අහිංසකාවිය, විතරක් නෙවෙයි රිදී තිරයේ චන්ඩි රැජින ලෙසත් ඇය කා අතරත් ජනප්‍රිය වුනා. ඇය තමයි ජනප්‍රිය සිනමා නළු අර්ජුන කමනාත්ගේ ආදරනීය බිරිඳ වන අමිෂා කාවින්දි. ‘සුදු හංසි’ ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ ‘ගරසරප’ වැනි සිනමාපට හරහා අමීෂා ලාංකේය සිනමාවතුල ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා. නමුත් දැන්නම් අමීෂා වැඩිය පෙන්න නම් නෑ. මේ දවස්වල රටේ පවතින තත්වය නිසා රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්නවා කියලයි ඇය අපිට කිවුවේ.

ඉතින් අමීෂා අර්ජුන සමග ගෙවන පුද්ගලික ජීවිතය පිලිබඳ අපට කිවුවේ මෙහෙමයි. ” මමයි අර්ජුන අයියයි හරිම සතුටින් ජිවත් වෙනවා. දෙන්නම හොදට කාලා බිලා විනෝදෙන් ඉන්නවා. කාලා බීලා හිටියට මම මහත් වෙන්නේ නෑ. මාව දකින සමහර අය අහන්නේ ඔයා මෙච්චර චුටි කෙනෙක්ද ෆිල්ම් වලදී මහතයි වගේ පෙන්නේ කියලා. ඔයා මහත නැහැනේ පුංචියිනේ කියන අයත් ඉන්නවා. මාව ස්ක්‍රීන් එකට ගොඩක් මහතට පේනවාඇති. මම කොහොමත් ජිම් යන්නේ නැහැ. ගොඩක් මහත් වෙනවා වගේ දැනුනොත් නර්තනය කරනවා. එහෙම නැතුව මට නම් ජිම් ගිහින් යකඩ උස්සන්න බැහැ කැමති නෑ ඒවාට.” කියලයි. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ කරන සිනමා නළු අර්ජුන කමනාත්ගේ ආදරනීය බිරිඳවන අමිෂා කාවින්දි සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

1

2

3

4

5

Leave a comment

Your email address will not be published.