ජනප්‍රිය නිවේදිකා චානු දිසානායක කියන කතාව

සුන්දර රුවක් සහිත දක්ෂ නිවේදිකාව ලෙස ජනප්‍රිය වුන චරිතයක් තමයි චානු දිසානායක කියන්නේ. සිරස නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වගේම ඇය සිරස නාලිකාවේ පුවත් නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. 2019 වසරේදී ඇය රයිගම් සම්මාන උලෙළේදී හොඳම සම්ප්‍රවේෂක ලෙස සම්මානයට පාත්‍ර වුනා. ඒ වගේම දැන් ඇය රංගන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම සිරස ‘පෙන්ටලන්’ වැඩසටහන වගේම ‘මායිම’, ‘ගම්මැද්ද’, ‘ජීවිත’, ‘යුත් ෆස්ට් වගේ’, වැඩසටහන් හරහාත් චානු දිසානායක ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඇය රංගනයට පිවිසුනේ ලංකාවේ විශාල කතා බහක් ඇතිකළ සිනමාපටයක් වන ‘යූටර්න්’ හරහායි.

චානු කියන්නේ පුංචි කාලේ ගොඩක් හිතුවක්කාර චරිතයක්ලු. ඉතින් ඇයගේ කුඩා කාලය පිලිබඳ චානු කියන්නේ මේ වගේ කතාවක්. ”ඉස්කෝලේ කාලේදී මම කිසිම දේකට මම බැහැ කියලා නැහැ. ක්‍රීඩා, නැටුම්, සංගීතය, නාට්‍ය මේ හැමදේම මම කළා. මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා විධ්‍යාලයේ. මම කවදාවත් පන්තියක හිටපු ළමයෙක් නෙමෙයි. ඒක ඉස්කෝලේ ගුරුවරු පවා දැනගෙන හිටියා. විශ්වවිද්‍යාලයේදීත් මම ලෙක්චර්වල හිටපු ළමයෙක් නෙමෙයි.” කියලයි. චානුට බයික් පදින්න බෑ නමුත් ‘යූටර්න්’ සිනමාපටයේ ඇයට තිබෙන චරිතය අනුව බයික් පැදවීමේ හැකියාව අනිවාර්යෙන් තිබෙන්න ඕන ඉතින් මේ චිත්‍රපටයට තමයි ඇය බයිසිකල් පදින්න පුරුදු වෙලා තියෙන්නේ. චානුගේ තාත්තා තමයි ඇයට රෑ දහය එකොළහ වෙනතුරු බයිසිකල් පදින්න පුරුදු කරලා තියෙන්නේ, එකනම් අමතක කරන්න බැරි සුන්දර සිදුවීමක් කියලයි චානු දිසානායක කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නිවේදිකාවක වන චානුගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01

02

03

04

05

06

07

08

09

 

Leave a comment

Your email address will not be published.