ජල බෝතල් නිෂ්පාදකයින් ඔබෙන් සඟවන දේවල් 4ක් මෙන්න

අපි අද කියන්න යන්නෙ අපි කවුරුත් නිතරම පාවිච්චි කරන ප්ලාස්ටික් වතුර බෝතල් ගැන පුදුම හිතෙන තොරතුරු ටිකකුයි. ප්ලාස්ටික් බෝතල් නිෂ්පදකයන් පවා මේ රහස් පාරිභෝගිකයන්ගෙන් සගවන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වුනාට ඔයාගේ සෞඛ්‍යට ප්‍රබල බලපෑමක් කරන මේ කරුණු ගැන ඔයා අනිවාරෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕනෙ.

ප්ලාස්ටික් බෝතල් නැවත පාවිච්චි කරන්න හොද නැත්තේ ඇයි?

ප්ලාස්ටික් බෝතල් වල අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ගොඩක් අඩංගු වෙනවා. ඒනිසා බෝතලයේ පහලින් තියෙන විශේෂ සලකුණ ගැන අවදානය යොමු කරන්න මතක තියා ගන්න ඕනේ. ඒ පහලින් තියෙන සංඛ්‍යා ත්‍රිකෝණය මගින් කුමන වර්ගයේ ප්ලාස්ටික් මේ සදහා භාවිතා කලාද කියලා සදහන් වෙනවා.

බොතලයේ පහල 1 (PET හෝ PETE) කියලා සදහන් කරලා තියෙනවා නම් එවැනි බොතල් සුදුසු වෙන්නේ තනි භාවිතයක් සදහා විතරයි. ඒ වගෙම එවැනි බෝතල් අධික උෂ්ණත්වයකට, ඔක්සිජන් වලට හෝ හිරු රෂ්මියට නිරවරණය වෙනකොට ජලයට ඇතුලු වෙන විෂ ද්‍රව්‍යත් ඉවත් කරලා දානවා.

ඒ වගෙම 3 හෝ 7 (PVC සහ PC) යන ලේබල් තියෙන බෝතල් වල විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා දීර්ඝ කාලයක් ඒ බොතල් භාවිතා කිරිමෙන් ඔයාට සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා.

පොලිතීන් වලින් (2 සහ 4) සහ පොලිප්රොපිලීන් (5 සහ PP) වලින් සාදන ලද බෝතල් නැවත භාවිතා කිරීම සදහා සුදුසුයි. ඒ වුනාට ඒවාත් හොදින්ම සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න නම් සීතල වතුර ගබඩා කරලා තියාගන්න විතරක් භාවිතා කරන එක තමයි වඩාත් හොද.

බැක්ටීරියා සහ මූලික සනීපාරක්ෂාව.

විද්යාඥයො කියන විදියට නිතරම පාවිච්චි කරන ප්ලාස්ටික් බෝතලයක වැසිකිලි ආසනයක තියෙනවටත් වඩා විශබීජ තියෙනවා. වැඩිපුරම එහෙම වෙන්නේ අපි නිතරම අපිරිසිදු අත් වලින් බෝතලය අල්ලන නිසයි. ඉතින් ගොඩක් අය හිතනවා වගේ ඒකට විසදුමක් විදියට බෝතලයට උණුසුම් වතුර දාගෙන විතරක් ඉන්න එක ප්‍රමානවත් වෙන්නෙ නැහැ.

බෝතලයේ තියෙන විෂබීජ හරි හැටි ඉවත් කර ගන්න ඕනේ නම්, උනුසුම් සබන් වතුරෙන්, විනාකිරි වලින් හරි ප්‍රතිබැක්ටීරිය මුඛය සෝදන ද්‍රව්‍ය වලින් හරි බෝතලය නිතරම සෝදන්න ඕනෙ.

ඒ වුනාට බෝතලය කොච්චර හොදින් සේදුවත් ඒක සම්පූර්ණ පිරිසිදුයි කියලා අපිට කියන්න බැහැ. පරික්ෂණයකින් හොයාගෙන තියෙන විදියට හොදින් සෝදපු බෝතලයක වුනත්, බෝතල් ගෙලේ බැක්ටීරියාවන් ඉන්නවා. ඉතින් ඔයාට වතුර බොන්න වෙන්නේ බැක්ටිරියාවන් එක්ක තමයි. මේකට විසදුමක් ඇත්තෙම නැද්ද? තියෙනවා. ආරක්ෂිතව වතුර බොන්න ඕනෙ නම් බටයක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

ඔයාගේ වතුර එන්නේ කොහෙන්ද?

ගොඩක් වතුර බෝතල් සමාගම් ඔවුන්ගේ ලේබලයේ ගොඩක් දර්ශනීය දියපාරකින් ජලය ලබා ගන්න ආකාරයක් මවාපෙන්වන්න ලස්සන රූප සටහන් යොදනවා. ඒ වුනාට ඇත්තම තත්වය ඒක නෙමෙයි.

ඒ වගෙම සමහර සමාගම් තමන් ජලය ලබා ගන්න මුලාශ්‍රය, ප්‍රධාන ජල සැපයුම් ජාලය කියලා වතුර බෝතල් ලේබලයේ කාගෙවත් වැඩි අවදානයක් ලැබෙන්නෙ නැති තැනක ඉතාම කුඩා අකුරෙන් සදහන් කරලා තියෙනවා. ඒ වුනාට මතක තියා ගන්න ඔවුන්ට ඒ ජලය සදහා යන පිරිවැය ඔයා ඒ වෙනුවෙන් ගෙවන මුදලට වඩා ගොඩක් අඩුයි.

ඇත්තටම ඒවා සෞඛ්‍ය සම්පන්න නැද්ද?

වතුර බෝතල් සමාගම් සමහරක් වැඩියෙන් උත්සාහ කරන්නේ තරුණ හා ක්‍රීඩාශිලි ජනතාවගේ වෙළදපොල ආකර්ෂණය කර ගන්නයි. ඒ නිසා ඔවුන් බෝතල් කල ජලය විවිධාකර රසයන්ගෙන් යුක්තයි කියලා ප්‍රචාරනය කරනවා වගෙම පැණි බීම වර්ග වලට වඩා සෞඛ්‍ය ආරක්ෂිතයි කියලත් ප්‍රචාරනය කරනවා.

ඔවුන් එහෙම කිව්වුවට මේ ජලයේ සෝඩා තරම්ම සීනි අඩංගු වෙන්න පුලුවන්. ඒ නිසා වෙළද ප්‍රචාරන වලට නම් රැවටෙන්න එපා. හැම වෙලාවෙම ලේබලයේ තියෙන තොරතුරු පරික්ෂා කරලා බලන්න පුරුදු වෙන්න.

Leave a Reply