තමන්ගේ ඡායාරූපයට ලැබුණ කොමෙන්ට් ගැන සිත්තැවුලට පත්වෙමින් ජනප්‍රිය ගායිකා උමාරියා බුකීයේ තැබු සටහන මෙන්න

උමාරියා සිංහවංශ කියන්නෙ අපේ රටේ රසික සිත් ආකර්ශනය කරගත් දක්ෂ ගායිකාවකව විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ් වගේම ඇය සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරිව සිටින චරිතයක්. උමාරියා අවසන්වරට ගායනා කළ මන්දපමා ගීතය ද ඇයගේ අනෙකුත් ගීත මෙන් ජනප්‍රිය වුණා.

ඉතිං ඊයේ ඇය විසින් ෆේස්බුක් ගිණුමට එක් තර තිබු ඡායාරූපයක‌ට ඇයගේ අනුගාමිකයින් දැමු කොමෙන්ට් සම්බන්ධයෙන් දැඩි සිත්තැවුලෙන් සිටින බව පවසමින් මුහුණුපොතේ සටහනක් ද තබා තිබුණා.

එම සටහන පහතින්….

ඊයේ දාපු පින්තූරෙට තිබ්බ comment කියෙව්වම ඇත්තටම ලංකාවේ සමහර මිනිසුන් ගැන දුක හිතුනා.
කෙට්ටු වෙලා වැඩිලු. මට ඩයබිටිස් හැදිලා ලු. ඕනකමින් රූපය විකෘති කරන්න හදනවලු. සුදු වෙලාලු. සුදු වෙන්න මොනවද කරන්නේ කියලත් අහනවා. මොනවා කලත් කවදත් වැරදි…!

කියන්න තියෙන්නේ මෙච්චරයි. මට දෙවියෝ දීල තියෙන රූපය, සමේ පැහැය ගතිගුණ ගැන මම ගොඩක් සෑහීමකට පත්වෙනවා. පවුලත් ok. අපිත් මිනිස්සු. සමහර දවස්වලට මහත් වෙනවා, කෙට්ටු වෙනවා. අනික් දවස්වල හම හොඳට තියෙනවා නැත්තන් upsetම යනවා. සුදු වෙන්න තරම් මම අනාරක්ෂිත නැහැ. සුදු වෙලා වගේ පේනවනම් ඒ මගේ හමේ පාට නැත්තන් ඔය ෆෝන් වල FILTERS කියලා දේවල් තියෙනවා අහලත් ඇති.
සමය, රූපය වෙනස් කරන කට්ටියත් ඉන්නවා, ඉතින් ඒක එයාලගේ තීරණ.කරුණාවෙන් මිනිස්සුන්ව විනිශ්චය කරන එක නතර කරන්න. නිකමට හිතන්න මටම දන්නැති භයානක ලෙඩක් තිබිලා කෙට්ටු උනා කියලා? ඇයි ඔච්චර ඉක්මනට මිනිස්සුන්ව මනින්නේ?

මම සනීපෙන්. මේ දවස්වල කැවෙනවා අඩුයි. Workout කරනවා. ඒකයි කෙට්ටු වෙලා වගේ. මමවත් හිතන්නේ නැති එකේ ඔච්චර හිතන්න එපා (තාත්තත් තව මට කන්න කියනවා )අන්තිමටම, ගැහැණු ලමයනේ! ඔබ ඔබ ගැනම සතුටු වෙන තුරු අනික් මිනිස්සු කියන දේවල් වලින් ලෙසියෙන් ඔබ වැටෙනවා. ඒකට ඉඩ තියන්න එපා මමත් කියන්නේ experience එකෙන්. Until u accept yourself as you are you will always be dissatisfied with who you are.BE HAPPY with what god has given you! You are BEAUTIFULPLEASE #BEKIND

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *