තමන්ගේ පෙනුම වැඩි කර ගන්න ඉස්සර කාලේ මිනිස්සු භාවිතා කරපු අමුතු විදියේ ක්‍රම 10ක්

ඉස්සර කාලේ ඉඳන්ම මිනිස්සු තමන්ගේ බාහිර පෙනුම හරිම වැදගත් දෙයක් විදිහටයි සළකලා තියෙන්නේ.. ඉතින් මේ පෙනුම වැඩි කර ගන්න ඒ කාලයේ  හිටපු මිනිස්සු කරලා තියෙන සමහර දේවල් නම් දැන් අහනකොටත් හරිම අමුතුයි… මේ පහලින් තියෙන ටික බලන්න.. ඇත්තටම මිනිස්සු මේ වගේ දේවල් කලාද කියලා ඔබට පුදුම හිතෙයි.

1. කළුපාට දත්.

අපි දන්න විදියට සීනි ජාති වැඩියෙන් කෑවොත් තමයි දත් පණුවො කාලා කළු පාට වෙන්නේ. නමුත් 18 වන සියවසේදී, ධනවත් පවුල් වලට විතරයි සීනි හා සීනී අශ්‍රිත නිෂ්පාදන (ටොෆි, චොකලට්, ජෑම් වැනි දේවල්) මිලදී ගැනීමට හැකියාව තිබුනේ. ඉතින් සීනි මිලදී ගැනීමට තරම් ධනවත් නොවුනු පුද්ගලයන් සීනි ආහාර ගැනීමෙන් තම දත් දිරාගොස් ඇති බව පෙන්වා, තමන්ද ධනවත්යැයි පෙන්වීමට හිතා මතාම දත් කළු පැහැ කරගෙන තියෙනවා.

2. සිහින් ඉගක් සදහා ඉලඇට ඉවත් කිරීම.

සමහර කාන්තාවන් නම් ස්වභාවිකවම සිහින් ඉගක් හිමිකර ගැනීමට තරම් වාසනාවන්තයි. නමුත් එසේ නැති කාන්තාවන්ටත් අතීතයේ මහ භයානක විසදුමක් තිබිලා තියෙනවා. ඒ තමයි ශල්‍යකර්මයක් මගින් ඉල ඇට ඉවත් කරලා ඉග සිහින් කර ගැනීම.

3. දරදඩු කොලර්


මේක නම් ටික සාධාරණයි. 19 වන සියවසේ අග භාගය වෙන විට පිරිමි ඇදුම් කට්ටලයේ කොලරය ඉතා ඉහලින් ඉතාම දැඩිව තිබිය යුතු වූ අතර එය සෑම මහත්වරුන්ගේම ඇදුම් කට්ටලයේ අනිවාර්ය අංගයක් වුනා. මේක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා ඔබට හිතෙයි. නමුත් මේ කොලරය නිසා පුද්ගලයන් මි*ය*ගි*ය බව ස්තාන කිහිපයකින්ම වාර්තා වෙලා තියෙනවා.

4. කැපී පෙනෙන කොණ්ඩා මෝස්තර.


70 සහ 80 දශක වල මේ වගේ කොණ්ඩ මෝස්තර ජනප්‍රිය වෙලා තිබුනා කියලා ඔබ අහලා ඇති… ඇත්තටම මේක ඉතින් විලාසිතාවක් නිසා අපිට මුකුත් කියන්න බැහැ. මොකද විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ..

5. පාද බැදීම.


මේ පාද බැදීම 10 වන සියවසේදී චීනයේ ලී යු අධිරාජ්‍යයාගේ කාලයේදී අරම්භ වුනා. එහිදී එම අධිරාජ්‍යයා, යාඕ නියාංග් නම් වූ නාටිකාංගනාවට, පාද හදේ හැඩයට බැදගෙන නර්තනයේ යෙදෙන ලෙස ඉල්ලා සිටියා. ඉන් පසුව අනෙකුත් නාට්‍ය ශිල්පිනියනුත් අධිරාජ්‍යයාගේ අවදානය ලබා ගැනීමට එසේ තමන්ගේ පාදත් බැදීම සිදු කලා. 19 වන ශතවර්ෂය වන විට මේ පාද බැදීම චීනයේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ අතර සාමාන්‍ය කාන්තාවන්ගෙන් 40-50% ක් දෙනාත් උසස් පැලැන්තියේ කාන්තාවන්ගෙන් 100%ක් දෙනාත් මෙය සිදු කලා.

ගැහැණු ළමයකුට විවාහයක් සිදුකර ගැනීම සදහා මෙසේ පාදය බැද තැබීම අනිවාර්ය දෙයක් වුනා. වඩාත් ප්‍රිය උපදවන මනාලියකගේ පාද අගල් 3ක් හෝ 4ක් විය යුතු වූ අතර අගල් 5ක් තිබීම මනාලියගේ ව්‍යසනයේ ආරම්භය වුනා.

6. කිඹුල් මල සහිත මඩ ස්නානය.


මේ මඩ ස්නානය මගින් සමේ, සන්ධි වල හා මාංශ පේශීන් වලට ලිහිල් හා සුවපහසු බවක් ලැබෙන බව පැරැණ්නන් විශ්වාස කලා. ඒ වගෙම මෙයට සත්ව අතුරු නිෂ්පාදන එකතු කිරීම මගින් වයසට යාම පාලනය වන බවද ඔවුන් විශ්වාස කලා. මෙහිදී ජනප්‍රියම සම්මිශ්‍රණය වුනේ මඩ හා කිඹුල් අසූචි මිශ්‍ර ස්නානයයි.

7. විකිරණශීලී ආලේපන.


මාරි සහ පියරි කියුරි විසින් රේඩියම් සොයා ගැනීමෙන් අනතුරුව, ලොව පුරා රූපලාවන්‍ය ආලේපන, පිරිසිදු කාරක, ක්‍රීම් වර්ග හා දත් බෙහෙත් නිෂ්පාදනය සදහා විකිරණශීලී ද්‍රව්‍ය භාවිතය වාණිජමය වශයෙන් ලොව පුරා ජනප්‍රිය වුනා. මේ නිෂ්පාදන මගින් පරිභෝගිකයන්ට දීප්තිමත්, පැහැපත් සමක් වගෙම වයසට යාම පාලනය කරන බවට පොරොන්දු ලැබුනා.

8. දත් සුදු කිරීම සදහා මුත්‍රා..


පුරාණ දන්ත වෛද්‍යවරුන් විශ්වාස කලේ මුත්‍රා වලට දත් සුදු කිරීම සදහා මැජික් බලයක් තිබෙන බවයි. ඒනිසා 18 වන ශතවර්ෂයේදී දන්තාලේප සහ මුඛ සෝදන ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා මුත්‍රා භාවිතා කලා. ඇතෙන්ම මුත්‍රා වල පිරිසිදු කිරීමේ ද්‍රව්‍යක් වන ඇමෝනියා අඩංගු නිසා එය බොහෝ දුරට හොද විය හැකි නමුත් අහිතකරතාද ඇති විය හැකියි.

9. බෙලඩෝනා (විෂ සහිත ගස් වර්ගයක්)


බෙලඩෝනා නම් වුනු (ඉතාලි භාෂාවෙන් “ලස්සන ස්ත්‍රිය” යන තේරුම සහිත) මේ විෂ සහිත ගස් වර්ගයේ යුෂ බිංදුවක් ඇස් වල කලු ඉංගිරියාවට දැමීමෙන් ඉතාම සුන්දර පෙනුමක් ලැබෙන බව කාන්තාවන් විශ්වාස කලා. පසුව විද්‍යාඥයන් සොයා ගත්තේ මේ ආචරණය ඇස්වල පේශි තුල ඇති ප්‍රතිග්‍රාහක අවහිර වීමේ ප්‍රතිඵලයක් ලෙස සුන්දර පෙනුමක් ලැබුනත්, නිරන්තර භාවිතය නිසා සදාකාලික අන්ධ භාවයට පත් විය හැකි බවයි.

10. අලංකාර පැච්.


මුලදී මේ පැච් මුහුණේ තිබෙන කැලැල් වසා ගැනීමට භාවිතා කලද 18 වන ශතවර්ශයේදී එය සුන්දර බවේ හා ධනවත් බවේ සංකේතයක් බවට පත් වුනා. ඒවා හදවත්, තරු සහ අහඹු ආකාරයේ ඉලක්කම් යන විවිධ හැඩ වලින් සටහන් කර ගනු ලැබුවා.

Leave a Reply