තරුණියන් වැඩියෙන්ම දඩබ්බර ගති ඇති තරුණයින්ට කැමති වීමට බලපාන විද්‍යාත්මක හේතු 7ක් මෙන්න - Nonimi

තරුණියන් වැඩියෙන්ම දඩබ්බර ගති ඇති තරුණයින්ට කැමති වීමට බලපාන විද්‍යාත්මක හේතු 7ක් මෙන්න

කාන්තාවන් වැඩියෙන්ම ආකර්ෂණය වන්නේ දරදඬු ගති ඇති අයට එහෙමත් නැත්නම් bad boys කාණ්ඩයේ පෞරුෂයක් ඇති අයට බවයි කියන්නේ. තරුණියන් එවැනි පෞරුෂයක් ඇති තරුණයින්ට කැමති ඇයි? මේ සම්බන්ධව සිදුකල විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනයකින් හෙලිදරවු වූයේ මේ වගේ කරුණු කිහිපයක්.

1. පිරිමින් තුල ඇති ආත්ම විශ්වාසයට කාන්තාවන් බොහෝ සෙයින් කැමතිය

ඔවුන් තුල හොඳ ආත්ම විශ්වාසයක් නොමැති නම් කාන්තාවන් ඔවුන් හට එතරම් ආකර්ෂණය වේවිද? ඔවුන්ගේ ඇති ඉහළ ආත්ම විශ්වාසය ඔවුන්ගේ හැසිරීම් වලින් මෙන්ම ඔවුන්ගේ ආකල්ප තුලින් අන් අයට හොඳින් නිදර්ශණය වේ. භාවිතා කරන වාහන, ආශ්‍රය කරන මිතුරන්, විනෝද වන ආකාරයන්, ඇතුලු ඔවුන්ගේ විවිධ හැසිරීම් කැපී පෙනෙන වෙනසකින් යුතු වේ.

2. ඩිම්බ මෝචනය සිදුවන සමයේදී කාන්තාවන් ස්වභාවිකව එවැනි තරුණයින් කෙරෙහි ආකර්ෂණය වීම ස්වභාවිකව සිදුවේ.

කාන්තාවන් නරක ගති ඇති අයට වඩාත් කැමති වීමට තවත් හේතුවක් නම් එය ඔවුන්ගේ ස්වභාවයේම කොටසක් වීම නිසයි. විද්‍යාත්මක පැහැදිලි කිරීමට අනුව කාන්තාවන්ගේ ඩිම්බ මෝචනය (ovulation) සිදුවන සමයේදී කාන්තාවන් හට ස්වභාවයෙන්ම එවැනි තරුණයින් කෙරෙහි උනන්දුවක් ඇතිවේ. ඩිම්බ මෝචනය වීම නැතිනම් ඩිම්බ කෝෂ වලින් පැලෝපීය නාලය තුලට ඩිම්බයක් නිකුත් වන අවදියේදී කාන්තා සිරුරේ සිදුවන හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා එවැනි ආකර්ෂණයක් ඇති වන බවයි. එම අවදිය ඇතිවීමට ආසන්න කාල වලදි කාන්තාවන් හොඳ කඩවසම් පෙනුමක් ඇති, නායකත්ව ලක්ෂණ ඇති විප්ලවකාරී ගතිගුණ ඇති තරුණයින් හට වඩාත් ආකර්ෂණීය වන බව විද්‍යාත්මක පැහැදිලි කිරීමයි.

3. දඩබ්බර ගති ලක්ෂණ සහිත පෞරුෂයක් ඇති තරුණයින් වඩාත් ආකර්ෂණීය අය වීම

හිතුවක්කාර ගති ඇති පිරිමි පුද්ගලයින් කිසිඳූ සීමාවකට කො‍ටු වි කටයුතු කරන අය නොවීම කාන්තාවන් හට ඔවුන් කෙරෙහි කැමැත්තක් ඇති වීමට ප්‍රබලව බලපාන හේතුවකි. ඔවුන් ජීවත් වන්නේ ඔවුන් කැමති ක්‍රමයකට වීම කාන්තාවන් ඔවුන්ව ප්‍රිය කිරීමට තවත් හේතුවකි.ඔවුන් තමන්ගේ විශ්වාස කෙරෙහි කොතරම් දැඩිව කටයුතු කල ද කාන්තාවකට නිසි ලෙස ගරු කරමින් ඇයව සතුටින් තබන ආකාරය හොඳින් දැනුවත්ව සිටීම ඔවුන් කෙරේ ඇති ආකර්ෂණය වැඩිකරවන ගතිගුණයකි.

4. විනෝදකාමි සහ නිර්භීත තරුණයින්ට කාන්තාවන් ඉතා කැමතිය

දඩබ්බර ගති ගුණ ඇති තරුණයින්ගේ ප්‍රධාන ගතිලක්ෂණයක් වන්නේ ත්‍රාසජනක නවමු අත්දැකීම් ලැබීමට ඇති දැඩි උනන්දුවයි. මෙම ලක්ෂණයට කාන්තාවන් ඉතා ප්‍රිය කරති.

5. ඔවුන් ලඟ සිටින විට වඩාත් හොඳ ආරක්ෂාකාරී බවක් දැනීම නිසා

පුරුෂයෙක්ගෙන් කාන්තාවක් ආදරය මෙන්ම ආරක්ෂාවත් බලාපොරොත්තු වේ. ඒ නිසාම බොහෝ කාන්තාවන් තුල මෙවැනි ගතිගුණ ඇති අය තමන්ව ආරක්ෂාකරමින් බලාගනිවි යැයි විශ්වාසයක් ගොඩනැගේ. පිරිමි අයගේ කායික පෘෂ්ටිමත්බව ද කාන්තාවන් තුල එවැනි හැඟීමක් ඇති වීමට ප්‍රබලව හේතුවේ.

6. හොඳ ගති ගුණ ඇති අයට වඩා ආකර්ෂණීය බවින් වැඩි අයට කාන්තාවන් වැඩි කැමැත්තක් දැක්වීම

එක් අධ්‍යයනයකදී කාන්තාවන් පිරිසකට පිරිමින් දෙදෙනෙකුගේ විස්තර ඇතුලත් පත්‍රිකා ලබාදී තිබුණු අතර ඔවුන්ට තිබුණේ ඒ අතරින් කැමති අයෙකු ‍තෝරාගැනීමටයි. බොහෝ කාන්තාවන් විසින් එහිදි ‍තෝරාගෙන තිබුණේ කායික පෙනුමින් වඩාත් කඩවසම් තරුණයා වූ අතර යහපත් ගති ඇති පුද්ගලයා බොහෝ දෙනාගේ අවසන් ‍තෝරාගැනීම වී නොතිබුණි. මේ අධ්‍යයනයට අනුව, ගතිගුණ වලට කාන්තාවන් ආකර්ෂණය වන්නේ නියම සම්බන්ධතාවයක් ඇති කරගැනීමේදී පමණක් බවයි. ඒ හැර බොහෝ විට කාන්තා ආකර්ෂණය හිමිවන්නේ කඩවසම් පෙනුමක් ඇති අයට බවයි පැහැදිලි වන්නේ. මේ හේතුව නිසාම දඩබ්බර ගති ඇති අය වඩාත් ආකර්ෂණීය අය ලෙස පෙනිය හැකියි.

7. තමන් තුල සිටිනා නිදහස්කාමී තරුණිය හඳුනාගැනීමට ඔහු උපකාර කරන නිසා

මනෝවිද්‍යාඥවරයෙකු වන ආචාර්ය රොබින් මැක්කේයි විසින් පැහැදිලි කරන ආකාරයට තමන්ගේ විනෝදකාමී සහ නිදහස ප්‍රියකරන පැතිකඩ ආයාසයෙන් මැඩගෙන සිටින තරුණියන් දඩබ්බර ගති ඇති තරුණයින්ට ආකර්ෂණය වන බවයි. කාන්තාවන් කුඩා කාලයේ සිටම දැඩි විනය නීති වලට යටත් කෙරෙන නිසා බොහෝ විට ඔවුන් හට ලැබෙන්නේ සීමිත නිදහසකි. ඒ නිසාම තරුණියන් තමන්ට නොලැබුණු නිදහස එසේ ජීවත්වන අයෙකු තුලින් ලඟා කරගැනීමට උනන්දු වන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.

 

Leave a Reply