තව තවත් වැඩියෙන් පරිප්පු කන්න හිතෙන සතුටුදායක ආරංචිය මෙන්න

පරිප්පු අධි රුධිර පීඩනයට එරෙහිව සටන් කළ හැකි මිලෙන් අඩු හා පහසුම ක්‍රියා මාර්ගය බව පෙන්වා දෙන පර්යේෂකයෝ පරිප්පු අනුභව කිරීමේදී මිනිසාගේ රුධිර වාහිනිවල පවතින සෞඛ්‍ය දුර්වලතා මඟ හරවන බව අවධාරණය කර සිටි.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵලයට අනුව බෙහෙත්වලින් තොරව ලොව පුරා මිනිසුන් විශාල පිරිසකට මරු කැඳවන නිහඩ මාරයා ලෙස ගැනෙන අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කළ හැකි ඵලදායී ක්‍රමයක්‌ හදුනාගෙන ඇතැයි ඔහු කියයි.මීයන් යොදාගෙන සිදු කරන ලද මෙම පර්යේෂණවලදී වෑංජනයක්‌ වශයෙන් හා සුප්වලට යොදා අප ආහාරයට ගනු ලබන පරිප්පු අධි රුධිර පීඩනය කපා හරිමින් එම රෝග තත්ත්වයට එරෙහිව සටන් කරන බව අනාවරණය කරගෙන ඇත

වයසත් සමගම ඉහළ යන අධි රුධිර පීඩනය (හයි බ්ලඩ් ප්‍රෙෂර්) කපා හැරීමට අප දෛනිකව ආහාරයට ගනු ලබන පරිප්පුවලට ඉහළින්ම හැකියාව පවතින බව ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මැනිටෝබා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයන් දෙකකදී අනාවරණය වී තිබේ.පරිප්පු අධි රුධිර පීඩනයට එරෙහිව සටන් කළ හැකි මිලෙන් අඩු හා පහසුම ක්‍රියා මාර්ගය බව පෙන්වා දෙන පර්යේෂකයෝ පරිප්පු අනුභව කිරීමේදී මිනිසාගේ රුධිර වාහිනිවල පවතින සෞඛ්‍ය දුර්වලතා මග හරවන බව අවධාරණය කර සිටිති.

 

මෙහිදී පරිප්පු හා අධි රුධිර පීඩනය පිළිබදව පැවැත්වූ පර්යේෂණයන් දෙක මෙහෙය වූ වෛද්‍ය පීටර් සහ්රඩ්කාට අනුව මෙම පර්යේෂණවල ප්‍රතිඵලය “විස්‌මිත”ය.මෙම පර්යේෂණයේ ප්‍රතිඵලයට අනුව බෙහෙත්වලින් තොරව ලොව පුරා මිනිසුන් විශාල පිරිසකට මරු කැදවන නිහඩ මාරයා ලෙස ගැනෙන අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කළ හැකි ඵලදායී ක්‍රමයක්‌ හදුනාගෙන ඇතැයි ඔහු කියයි.

මෙහිදී සිදු කරන ලද පර්යේෂණයන් දෙකෙන් එකකදී ධමනි ආශ්‍රිත රෝගයකින් පෙළුණු මීයන්ගේ පාදයන් දක්‌වා රුධිර වහනය වර්ධනය කිරීමට පරිප්පු මිශ්‍රණයක්‌ ආහාරයට ගැනීම හේතු වූ බව අනාවරණය වී ඇති අතර දෙවැනි පර්යේෂණයේදී පරිප්පු ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය ඇති වීම අවහිර කළ හැකි බව හෙළි වී තිබේ.

අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට මෙන්ම පරිප්පු වගාකරුවන්ට ද මෙම පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ඉතාමත් වැදගත් වන බව පර්යේෂකයෝ පවසති. මෙම පර්යේෂණයන් පරිප්පු වගාකරුවන්ට සහනදායී පුවතක්‌ වනුයේ ඉකුත් ජනවාරි මාසයේ ස්‌ක්‍රිප්ස්‌ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් පරිප්පුවල පවතින කාන්තාවන්ගේ “ඊස්‌ට්‍රජන්” හෝර්මෝනයට සමාන වූ සංයෝගයන් හේතුවෙන් පියයුරු පිළිකා ප්‍රතිකාරයට පරිප්පු බාධා පමුණුවන බව හෙළි කිරීමෙන් පසු පරිප්පුවලට නරක කාලයක්‌ උදාවන ලකුණු පෙන්නුම් කිරීම හේතුවෙනි.

අධි රුධිර පීඩනය යනු ආඝාතය (ස්‌ට්‍රොaක්‌), හෘදයාබාධයන් හා හෘදය වස්‌තුවේ අකර්මණ්‍යතාව යන රෝගයන්ට ද මුල්වන භයානක රෝග තත්ත්වයක්‌ බව වෛද්‍යවරුන් විසින් හදුනාගෙන තිබේ.මෙම පර්යේෂණයන් හි ප්‍රතිඵල පසුගියදා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ ඩැලස්‌ නගරයේ පැවැති ඇමෙරිකානු හෘද සංගමයේ වාර්ෂික සමුළුවකදී ඉදිරිපත් කර තිබිණි.

 

ඒමන්ති මාරඹේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *