තාම කෙල්ලෙක් වගේ හැඩට ඉන්න රහස සචිනි ප්‍රථම වරට හෙළි කරයි.

පුංචි තිරය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත රඟන ශිල්පිනියක් තමයි සචිනි අන්ද්‍රා කියන්නේ. නිරුපිකාවක විදියට කළා ක්‍ෂේත්‍රයට පිවිසුන ඇය පසුව ටෙලිනාට්‍ය හරහා වගේම වෙළඳ දැන්වීම් සහ ගීත රූප රචනා හරහාත් ඇය අතිශය ජනප්‍රියත්වයක් ලැබුවා. කොහොම වුනත් සචිනි කියන්නේ කළා ක්‍ෂේත්‍රයතුල බොහොම සෙමින් ගමනක් ආ චරිතයක් ඒ වගේම ඇය දකින්න ලැබෙන්නෙත් කලාතුරකින් ඉතින් සචිනි ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි නිතරම මගේ මුණ රූපවාහිනියෙන් පෙන්න ගන්න මට ඕන නෑ, මට ඕන ගුණාත්මක නිර්මාණ වලට මගේ හැකියාව යොදවන්න ඒ නිසා තමයි මාව ඉඳලා හිටලා දකින්නේ. හැබැයි ඉඳහිට දැක්කත් මට තියෙන ප්‍රේක්ෂක ආදරේ නම් අඩුවෙලා නැහැ.” කියලයි.

ඒ වගේම තමයි සචිනි කියන්නේ හරිම ආඩම්බරකාරියක් කියල ගොඩක් අය කියනවා ඉතින් ඒ ගැන සචිනි කිවුවේ මේ වගේ කතාවක් ”අනේ ඒ ආඩම්බරකමට නෙවෙයි, ඇත්තටම මම හරිම අඩුවෙන් තමයි කෙනකු එක්ක කතා කරන්නේ. මේ දැන් හොඳයි. මම කළා ක්ෂේත්‍රයට ආව මුල්ම කාලේ කතා කළේම නැති තරම්. කාලය ගත වෙද්දී මට හිතුණා එහෙම ඉන්න එක හරි නෑ හැමෝම එක්ක ගොඩක් සුහදව ඉන්න ඕන කියලා. දැන් බහුතරයක් එක්ක මං කතා කරනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරණ සචිනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

ඇය දරුවන් දෙදෙනක්ගේ මවක්. ඒ ය්නත් තවමත් ඇය හරිම සුන්දරයි. ඇය ඇයගේ ලස්සන තාමත් තියාගෙන ඉන්න විදිහ ගැන අදහස් දක්වා තිබුනේ මෙහෙමයි

“ඔව්. මගේ රැකියාවට මගේ පෙනුම ලස්සනට ඉන්න එක හරිම වැදගත්. නමුත් මව් කිරි දෙන එක ඊට බාදාවක් නම් නෙමෙයි.මම දරුවෝ ලැබෙන්න ඉන්නකොට දෙනෙකුට කෑවේ නැහැ.ඒක මිත්‍යා විශ්වාසයක්. දෙන්නෙකුට කනවා කියලා අනවශ්‍ය ලෙස ආහාර ගැනීම නිසා අම්මලා නිකම්ම මහත් වෙනවා. අවශ්‍ය වෙන්නේ හරි ආහාර නිසි ලෙස ගැනීම විතරයි. ඒකට දෙන්නෙක් කන කෑම කන්න ඕනේ නෑ.මම හොඳට කෑවා. හැබැයි පෝෂණය අවශ්‍ය පරිදි මම කෑම තෝරා ගත්තා. ගර්භණි මවකට සාමාන්‍ය අම්මා කෙනෙකුට වඩා දිනකට කැලරි 300 ක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක අපිට එක අයිස් ක්‍රීම් එකක් කෑවත් ලැබෙනවා.නමුත් වරදවා තේරුම් ගන්න එපා. මම කිව්වේ උදාහරණයක්. පැණිරස කෑම නම් මම පුළුවන් තරම් ඈත් කළා. එත් දැන් ඕනෙම කෙනෙකුට අන්තර්ජාලයට ගියොත් එක් එක් ආහාර වල තියෙන කැලරි ප්‍රමාණයන් දැනගන්න පුළුවන්.ඒ අනුව අපිට අවශ්‍ය ආහාර රටාව අපේ ජිවන රටාවට ආර්ථිකයට ඔරොත්තු දෙන විදිහට හදාගන්න පුළුවන්. නැතිනම් කෙනෙක් කියන්න පුළුවන් මට ඔය කෑම, බීම ගන්න ඒ හැටි සල්ලි නැහැ කියලා. නමුත් උත්තරය එක නෙමෙයි.අපිට පුළුවන් දැරිය හැකි මිලට ඉතා හොඳ අලුත් එළවළු, පලතුරු කන්න පුළුවන්.ඒ නිසා මම , මම ගන්න ආහාර ගැන සැලකිලිමත් වුණා. ඒක ආහාර පාලනයක් නෙමෙයි. හරි දේ හරි විදිහට කෑමට ගත්තා. ඒක දරුවට කිරි දෙන්න වගේම ගර්භණි කාලයෙත් මට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.

දරුවෝ ලැබෙන්න ඉන්නකොට මම මහත් වුණා. අපිට අපේ ශරීරයේ ඇතිවන හෝර්මෝන වල වෙනස්කම් ගර්භණි කාලයේදී කොහොමත් පාලනය කරන්න බැහැ. ඉතින් මාත් ඒ තත්වයට මුහුණ දුන්නා. හැබැයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ නොඉක්මවා කෑම ගත්තේ නම් නැහැ

දැන් ඉන්න සුපුරුදු පෙනුම ලොකු රහසක් නැහැ. මං අර ඉස්සෙල්ලා කව්වා වගේ හරි කෑම වර්ග හරි විදිහට කිරි දෙන ගමන් ගත්තා. ඒවගේම ව්‍යයාමත් කළා. හැබැයි ව්‍යායාම වලට වඩා මගේ බර අඩු කළේ ආහාර කියලයි මං හිතන්නේ

ඔය විදිහට තමයි සචිනි අම්මෙක් වෙලත් තාම කෙල්ලෙක් වගේ හැඩට ඉන්නේ. ඔයාලත් ට්‍රයි කරලා බලන්න

01

02

03

04

 

05

06

07

08

09

10

 

Leave a comment

Your email address will not be published.