දකින අය වශී වෙන සුපර් මොඩ්ල් චලනි කියන කතාව

මොඩ්ලින් වලින් ලංකාවෙ ඉහලටම යන්න උනන්දුව තිබුන අය අතීතයෙ දකින්න හම්බවුනත් අද වෙද්දි එහෙම අය නම් ගොඩක් පේන්න නැතිම තරම්.අද අපි කතාකරන චලනි වීරරත්න කියන්නෙ ලස්සන ඇග හින්දා ලොකු ගානකට තමන්ගෙ වටිනාකම ⁣පෙන්වන කෙනෙක්.ඇය තමන්ගෙ වැඩ පටන් ගන්නෙම මොඩිලින් වල බලකණු එක්ක.තමන්ගෙ සමකාලීනයන් රංගන ශිල්පිනියන් වෙද්දි චලනි නම් හිතුවෙ මොඩිලින් වලින් ඉදිරියට යන්නලු.

” නිතරම මෙි වෘත්තියේ වටිනාකම තියෙන්නෙ මෙි වෘත්තිය එක්ක ගත කරන කාලය හින්දම තමයි .අපිට කරන්න තියෙන්නෙ ලොකු කැපවිමක්.ඒ කියන්නෙ ඇගේ හැඩය සමෙි පැහැපත්කම මෙි හැමදේම හින්දා තමයි අපිට ලොකු වටිනාකමක් හැදෙන්නෙ” චලනි රෑම් හි ඉදිරිපත් කල දේ නිසාම ඇයට වෙළද දැන්වීම් සදහා පවා වැඩ් අවස්ථාවක් හමුවෙලා තියෙනව.ඒ වගේම ලංකාවෙි ඉන්න අංක එකේ ඩීජෛ් කෙනෙක් එක්ක විවාහ වෙච්ච චලනිට ලස්සන දියණියක් ඉන්නව.

” අම්මා මොඩ්ල් කලාට දුව එහෙම වෙන්න ඔිනා කියන තැනක මම නෑ.නමුත් ඇය දක්ෂ නම් කලාවට යොමු වෙන්න මගෙන් කිසිම බාධාවක් නෑ.සැමියගෙන් වුනත් එහෙමයි” තමන්ගේම ක්ෂේත්‍රයට සමාන තැනක රැකියාව කරන සැමියෙක් ඉන්න හින්දම චලනි ට නම් මෙි සදහා ලැබෙන සහය උපරිම බවයි ඇය පවසන්නෙ.

” ඒක නම් කියන්නම ඔිනා මොඩ්ල් කෙනෙක්ගෙ සැමියෙක්ට උපරිම විදියට තියෙන්න ඔිනා දේ තමයි ඉවසීම කියන්නෙ.නැත්නම් මොඩ්ල් කෙනෙක් එක්ක එක වහලක යට ජීවත්වෙන්න බෑ” නිදහස ලැබුනාම යාළුවන් එක්ක විවිධ තැන්වල යන්න කැමති චලනි කියන්නෙ සුන්දරව හිතල ඒ වගේම හැමදෙයකින්ම සතුටක් ලබන කෙනෙක් බවයි.ඒ වගේ ම තමයි ඉඩ ලැබෙන හැම වෙලාවකම තමන්ගෙ ගෘහ ජීවිතයට තැන දෙනවලු.

” ගොඩක් අය අපි අදින ඇදුමෙන් අපිව මනින්න උත්සහ කරනව.තවත් අය මොඩ්ල් කෙනෙක් ගැන වැරදි කියනව.ඒවට කඩා වැටිල මෙි දේවල් කරන්න බෑ.අනික තමයි එහෙම මුල් කාලෙ ඉදන් කියපු දේවල් ගැන හිත හිත හිටිය නම් අද වගේ තැනකට මට එන්න බෑ”මනාලියක් විදියට මොඩ්ලින් වලට ආපු චලනි මෙි තැන ඉන්න එකම හේතුව ක්ෂේත්‍රය ගැන තිබුන විශ්වාසය බවයි ඇය පවසන්නෙ.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

Leave a comment

Your email address will not be published.