අවුරුදු කීපයක් පාවිච්චි කළාට පසුව සමහර විට ඇතැම් දේවල් සතුව වෙනත් ප්‍රයෝජනවත් ලක්ෂණ අඩංගුව ඇති බව පෙනී ගොස් තිබේ .උදාහරණයක් වශයෙන් පොත් වල සහ සටහන් පොත් වල තිබුණු තීරු ( margin ) දැක්විය හැකිය . මේවා ගින්නෙන් සහ වෙනත් කරදර වලින් පොත් ආරක්ෂා වීමට හේතු වූ අතර , මුලදී ඒවා නිෂ්පාදනය සදහා අධික වියදමක් දරන්නට සිදු විය . ඒ තීරු සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයක් නැති දෙයක් යයි අපි විශ්වාස කළෙමු .
සත්‍ය වශයෙන් ඉතා ප්‍රයෝජනවත් විය හැකි අලංකාරවත් විස්තර සහිත රහස් කාරණා කිහිපයක් ගැන ඔබට කියමු .
1) සිදුරු සහිත උරපොදි ( backpack )
ආරම්භ යේදී මේවා තිබුණේ සංචාරක යින්ගේ උරපොදි වල පමණි .ඔවුහු ඒවායේ ලණු ආදිය එල්ලා ගෙන ගියහ .මේ සිදුරු කුඩයක් , වතුර බෝතලයක් , හෝ කැන්වස් සපත්තු වුවද එල්ලා ගෙන යෑම සදහා ඔබට භාවිතා කළ හැකිය
2) iphone යේ කැමරාව අසළින් තිබෙන තිත
iphone යේ කැමරාව සහ ආලෝක ( flash ) බොත්තම අසළ තිබෙන රවුම් සිදුර එහි දෙවැනි මයික්‍රෝෆෝනයයි.දුරකථන සංවාද යේදී බැහැරින් එන ශබ්ද අවහිර කොට පැහැදිළි හඩක් ලබා දීමට ත් එය අවශ්‍ය කෙරේ .
3) දත් කූරු
බොහෝ දෙනෙකු සිතන්නේ මෙය විනෝදකාමී ලෙස සැලසුම් කර ඇති දෙයක් කියාය. නමුත් ඇත්ත වශයෙන්ම ජපන් ජාතිකයන් ගේ දත් කූරු වල , උඩ කොටස කඩා වෙන්කොට ආධාරකයක් සේ ( කෑමට පෙර හෝ පසුව ) භාවිතා කළ හැකිය
4) යතුරු පුවරුවේ පැහැදිළි ව පෙනෙන රේඛාවන්
F සහ J අකුරු යතුරු පුවරුවේ පහසු වෙන් ස්පර්ශ කළ හැකි රේඛා අතර ඇති බැවින් ,ඒ දෙස නො බලාම යතුරු ලියනය කරන්නට එය ක්‍රියාත්මක කරන අයවළුන්ට හැකි වේ .මේවා ඔබේ දර්ශක ඇගිලි ( pointer fingers ) තබා ගත යුතු ප්‍රධාන යතුරු දෙකයි .මේවා මත ඇති ගොඩැලි ( bumps) සහිත බව උපයෝගී කරගෙන ඔබේ ඇගිලි (දෑත් ) තිබෙන ස්ථානය ක්ෂණිකව වටහා ගැනීමට ඔබට හැකි වනු ඇත .
5) ඔබේ කැන්වස් පාවහන් වල තිබෙන සිදුරු .
මේ වර්ග යේ ප්‍රථම පාවහන් සැලසුම් කරන ලද්දේ බාස්කට් බෝල ක්‍රීඩක යින් සදහා ය.ඔවුන් ට සපත්තු නූල් තදින් ගැටගැසීමට අවශ්‍ය වූ නිසා ඒවායේ පැති වල මේ සිදුරු බොහොමයක් තිබිණි . සමහර පාවහන් වල තවමත් මේ මෝස්තරය දක්නට ඇත .එහෙත් අද මේ සිදුරු තිබීමේ එකම අරමුණ නම් , පාද වලට අතිරේක වාතාශ්‍රයක් ලබාදීමට යි.පැරැණි ක්‍රීඩක යින් කළාක් මෙන් ඔබට තවමත් ඒ දෙය කළ හැකිය .
6) සුදු ළූනු මිරිකනයේ ඇති කූර.( The pin on a garlic press )
සුදු ළූනු පොඩි කිරීම සදහා පමණක් මේ උපකරණ ය භාවිතා නොකෙරේ .මෙය චෙරි වල ඇට ඉවත් කිරීම සදහා ද යොදා ගත හැකිය . මෙහි තිබෙන කූර (pin ) මගින් චෙරි ඇටය තෙරපා පහසු වෙන් ඉවත් කරයි .
7) පෙට්ටි විවෘත කර ණය ( box cutter )
පෙට්ටි විවෘත කරණයන්හි අග කෙළවර සෑම විටම කැඩී යාම නිසා අළුතින් දැමීම ට සිදු වේ . අනවශ්‍ය අග්ගිස්ස ඉවත් කිරීම සදහා පිහියක අනිත් පැත්ත උපයෝගී කර ගන්න .
8) උදුන් ( oven )යට ලාච්චුව
සාමාන්‍ය යෙන් බොහෝ දෙනෙකු මෙය පාවිච්චි කරන්නේ තාච්චි , පියන් , සහ වෙනත් දෑ ගබඩා කර තැබීම සදහා ය. නමුත් ඇත්තටම මේ ලාච්චු ව ඇත්තේ ආහාර උණුසුම් ව තබා ගැනීම පිණිසය . දැනටමත් පිළියෙළ කර ඇති ආහාර එම ලාච්චුවේ දමා උණුසුම් ව තිබියදී අළුතින් යමක් උදුනෙන් පිස ගැනීමට හැකි බවයි , එයින් අදහස් කරන්නේ .
9) නූඩ්ල්ස් හැන්දේ තිබෙන සිදුර ( hole in the spaghetti spoon )
මෙහි ඇති සිදුර කොපමණ නූඩ්ල්ස් ප්‍රමාණයක් තැම්බිය යුතු ද යන්න තීරණය කිරීම සදහා ඔබට උදව්වේ .සිදුර ට වැටෙන නූඩ්ල්ස් තීරු ගණන එක් අයෙකු සදහා ප්‍රමාණවත් වන අතර ඒ අනුව අවශ්‍යතාවය නිගමනය කිරීමට ඔබට පහසු වේ.