නිලි රොෂානා දියණිය එක්ක ගෙවන ජිවිතය

බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියලා කියන්නේ. ජීවිතේ භාදක කම්කටලු මැදින් යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජය ගත්ත මේ සොදුරු කළා ශිල්පිනිය විවිධ චරිත හරහා කාලෙන් කාලෙට අපි අතරට එනවා. ඉතින් දැන් වැඩි සද්ද බද්දයක් නැති නිසා අපි ඇයව සම්බන්ද කර ගත්තා. ඉතින් ඇය මේ විදහටයි ඇයගේ අලුත්ම තොරතුරු අපට කිවුවේ. ටෙලිනාට්‍ය වලින් මාව දැන් වැඩිය දකින්න නොලැබෙන්නේ මට ආරාධනා නැතුව නෙමෙයි. නමුත් තෝරා බේරාගෙන සුවිශේෂී චරිතයක් කරන්න තමයි මම කැමති. කාලයක් මම එකම චරිතයකට කොටු වෙලා හිටියා. ඉතින් වෙනසකටත් එක්ක මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට වෙනස්ම රංගනයක් දෙනකොට වටිනාකමත් වැඩියිනේ. සිදූ ටෙලිනාට්‍යට කලින් මම ටෙලිනාට්‍ය වල රඟපාලා තියනවා. නමුත් සිදූ ටෙලිනාට්‍යය වයස් බේදයකින් තොරව දෙස් විදෙස් ප්‍රේක්ෂකයින් වැළදගත්තා. අදටත් එලියට බැස්සොත් මංචනායක නෝනා කියලා කතා කරනවා. මුල් කාලේදී මමත් ඒ ටෙලිනාට්‍යය අසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක්. ඉතින් පිටපත අනුවම චරිත කිහිපයක් ඉවත් වුණා. ඉතින් මම නාට්‍යයෙන් ඉවත් උනා කියලා සිදූ ටෙලි නාට්‍යය මන් බැලීම අත හැරියේ නැහැ. ඒත් ප්‍රේක්ෂකයින්ට වගේම දැන්නම් මටත් කැමැත්තක් නැහැ එය නරඹන්න. හේලි ටෙලිනාට්‍යයට මට ආරාධනා කරනකොට මන් විදේශ ගත වෙලා හිටියේ. ඉතින් දනුෂ්ක රත්නායක මට දුරකථන ඇමතුමක් දීලා කිවුවා විලියම් කෙනෙක්ගේ බිරිදකට රඟපාන්න මාව තෝරාගත්තා කියලා. විලියම් ලෙසට රඟපාන්නේ අශාන් ඩයස් කිවුවා.

ඇත්තටම අශාන් ඩයස්ට මන් ගොඩක් ආසා කළා. එදා ඉදලා මගේ තිබුණ ලොකු ආසාවක් ඉෂ්ටවුණා ඔහු එක්ක රඟපාලා. ඉතින් ඒ වගේම නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ටෙලින්ට්‍යයක සුවිශේෂී චරිතයක් රඟපාන්න මටත් අවස්ථාවක් ලැබුණා. පිස්සු චරිතයක් තමයි මම එහි නිරුපනය කරන්නේ. මීට පෙර මම එවැනි චරිතයක් රඟපාලා නැහැ. මම කලින් කිවුවා වගේ මේ චරිතය මගේ රංගන ජීවිතේ සුවිශේෂී කඩයිමක් වෙයි. වසංගතේ නිසා දැන් නිර්මාණ කරනවාත් අඩුයිනේ. ඉතින් මගේ දුවගේ තාත්තා අපිට වියදම් කරනවා. ඒ වගේම ඔහු එදා ඉදලා අපි ගැන හොයලා බලලා උදව් පදව් කරලා හයියක් වෙනවා කියලයි රොෂානා ඔන්ඩච්චි ඇයගේ කලින් සැමියා ගැන අවසානයේ ප්‍රකාශ කලේ. ඉතින් මේ අපූරු රංගන ශිල්පිනියගේ සහ ඇයගේ ආදරණීය දුවගේ සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

1

2

3

4

5

6

Leave a comment

Your email address will not be published.