නිහඬතාවය බිඳිමින් කරළියට ආ උමාලි - Nonimi

නිහඬතාවය බිඳිමින් කරළියට ආ උමාලි

යාලුවොත් එක්ක බෙදාගන්න

උමාලි තිලකරත්න කියූ සැණින් ඔබගේ මතකයට එන මෙරට දක්ෂ රංගන ශිල්පිණිය කාලයක් නිහඬව සිට නැවතත් කලා නිර්මාණයක් ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙනවා. රංගන ශිල්පිණියක්, ගායිකාවක් මෙන්ම නර්තන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා දක්වන ඇය ජපන් භාෂාව පිළිබඳව ද මනා ප්‍රාගුණ්‍ය චරිතයක් ලෙස හැඳින්වුවහොත් වරදක් නෑ.

මේ දිනවල විකාශය වන රේස් නම් මෙම ටෙලි නිර්මාණය ඔස්සේයි ඇය මෙලෙස ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙන්නේ.

එහි ඇය රංගනයෙන් දායක වන්නේ මුස්ලිම් තරුණියකගේ චරිතයකට පණ පොවමින්.

එම ටෙලි නිර්මාණයට උවින්දුගේ චරිතයට රංගනයෙන් දායක වන හේෂාන් මනුල, උමාලි සහ ඔහුගේ රංගනය සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකට අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

”මේ නිර්මාණයේ උමාලි ඉන්නේ මගේ හොඳම යාළුවාට. එයා මුස්ලිම් තරුණියකගේ චරිතයක් රඟපාන්නේ.උමාලිගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ රංගන ජීවිතයේ මට හමුවුණු නව පරපුරේ වෘත්තිමය වශයෙන් රංගන ශිල්පිනියක් ලෙස නම් කරන්න පුළුවන් කෙනෙක් තමයි උමාලි කියන්නේ. සෑහෙන්න ලොකු සහයෝගයක් මට උමාලිගෙන් ලැබෙනවා. අපි දෙන්නාගේ මුළු ජවනිකාවම පළවෙනි වතාවෙන්ම රූගත කරන්න පුළුවන් කියලා අධ්‍යක්ෂවරයා පවා කියලා තියෙනවා. අපි දෙන්නාගේ සංයෝගය නිසා ටෙලි නිර්මාණය ලේසියෙන් රූගත කිරීම් කරන්න පුළුවන්. උමාලි කියන්නේ වැරදි, අඩුපාඩු හදාගෙන හරිම පහසුවෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.”

කාලයක් පුරාවට උමාලි කලා නිර්මාණ ඔස්සේ දැකගන්නට ලැබුණේ නැහැ.

01

02

03

04

05


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *