ප්ලාස්ටික් වතුර බෝතල් ඔබේ වාහනේ ඇතුලේ තියන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි

ආපදා හා වසංගත රෝග පිළිබඳ පර්යේෂණ මධ්යස්ථානයට අනුව, ලෝකයේ සිදුවෙන ස්වභාවික විපත් වලින් 90%ක්ම ජලයට සම්බන්ධයි. අපි හැමෝම දන්නේ කුණාටු, ගංවතුර, සුනාමි හා නියඟයන් විතරයි ඒ තර්ජන කියලනේ. නමුත් කුඩා වතුර බෝතලේකට වුනත් පුලුවන් අපේ ජීවිතය නොහිතන විදියට විනාශ කරලා දාන්න. ඒක ගිණි ගැනීමක් හෝ වෙනත් සුලු අනතුරක් වෙන්න පුලුවන්. වැඩි විස්තර පහලින් බලන්න.

1. කොහොමද එහෙම වෙන්නේ?

ඔයා පොඩි කාලේදි අත් කාචයක් සෘජු හිරු එළියට යොමු කරලා කඩදාසියක් ගිණි අවුලවන්න උත්සාහ කරලා තියෙනවා නේද? අපි මේ කියන්නේත් ඒ ක්‍රියාවලිය ගැනම තමයි.

සෘජු හිරු එළිය ප්ලාස්ටික් හා දියරයක් හරහා ගමන් කිරීම අත් කාචයක් හරහා ගමන් කිරීමේ ප්‍රතිඵලයට සමානයි. මිඩ්වෙස්ටේ නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පරීක්ෂණයකදී, හිරු එළිය වතුර බෝතලයක් හරහා ගමන් කිරීමේදි එය 250º ක් පමන උණුසුම් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා ගිණි ගැනීමක් ඇති වෙන්න පුලුවන්.

2. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම ක්‍රියාවලියේ සුළු ප්‍රතිවිපාකයකුයි. මෙය වලක්වා ගන්නේ කොහොමද?

මේ දේවල් ටික හොදින් මතකයේ තියා ගන්න.

ඔයාගේ මෝටර් රථයේ වතුර බෝතලය තියලා යන්න එපා. National-Lottery.co.uk සංවිධානයේ සමීක්ෂණයකට අනුව සාමාන්‍ය පුද්ගලයකුට දවසකට දේවල් 3ක් අමතක වෙනවා. ගොඩක් වෙලාවට මේ දේවල් 3 අතර වතුර බෝතලයත් තියෙනවා. ඒනිසා අමතක කරන්න එපා.

උණුසුම් දින වලදි වතුර බෝතලකින් තොරව ජීවත් විය නොහැකි නිසා ඔයා මෝටර් රථයෙන් පිටතට යන විට වතුර බෝතලය රැගෙන යන්න ජංගම දුරකථනයේ සිහි කැදවීමක් තියන්න. වතුර බෝතලය ගන්න ගතවෙන්නේ තත්පර ගානක් වෙන්න පුලුවන්. ඒනිසා කම්මැලි වෙන්න එපා.

වතුර බෝතලය ඔයා යන තැනට අරගෙන යන්න නොහැකි නම් මෝටර් රථයේ හිරු එළිය නොවැටෙන ස්තානයක එය ගබඩා කරන්න.

3. වෙනත් තර්ජන.

මෝටර් රථ වල ආරක්ෂාව අපේ සෞඛ්‍යට වඩා අඩු වැදගත්කමක් තමයි දෙන්නේ. ෆ්ලොරිඩාවේ විශ්ව විද්යාලය විසින් පවත්වලා තියෙන අධ්‍යනයකින් හෙලි වෙලා තියෙනවා, යම් කාල පරිච්චේදයක් ප්ලාස්ටික් වතුර බෝතල් හිරු එළියට නිරාවරණය වී ඇති විට හානිකර ඇන්ටිමනි හා බයිස්පෙනොල් A නිදහස් වෙනවා කියලා. ඒවගෙම බොහෝ ප්ලාස්ටික් බෝතල් උණුසුම් පරිසරයට නිරාවරණය වී ඇති විට, බයිස්පෙනොල් හා BPA ත් නිදහස් කරනවා. මේ නිසා ඇති වෙන්න පුලුවන් සෞඛ්‍ය හානි බොහෝ ප්‍රමානයක් තියෙනවා.

· හෝමෝන මට්ටම් වල වෙනස්කම්.

· හෘදයාබාධ ගැටලු.

· පිලිකා රෝග අවදානම.

· උදරයේ වේදනා.

· පාචනය.

· වමනය.

සමහර අධ්‍යනවලින් හෙලි වෙලා තියෙනවා ස්වයංසිද්ධ ගබ්සාව හා රුධිර වහනය සදහාත් මේ රසායනික ද්‍රව්‍ය බලපානවා කියලා.

 

Leave a comment

Your email address will not be published.