පැන්සල මේ විදියට කටේ තබා ගන්න

සිනා වීම මගින් සිතේ සතුටක් ඇති වන බව මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. නමුත් දවසේ හැම වෙලාවකම අපිට හිනා වෙලා ඉන්න බැරි විදිහට දුක් කරදර ආතති තත්වයන්ට අපිට නිතරම මුහුණ දෙන්න වෙනවා. නමුත් මේකට විසඳුමක් පැන්සලක් භාවිතයෙන් කරන ආකාරය නවතම අධ්‍යන මගින් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා බාහිර සාධක මොන විදියෙන් වුනත් අපේ සතුට අපිම නිර්මාණය කරගන්නා ආකාරය ගැන බලමු.

01.සරල ක්‍රියාකාරකම් හා හැසිරීම් මගින් අපගේ හැඟීම් වෙනස් කරගැනීමට පුළුවන්.

සතුට කියන මාතෘකාව දශක ගණනාවක් තිස්සේ අධ්‍යනය කරන මාතෘකාවක්‌. මෑතකදී පරීක්ෂක කණ්ඩායමක් මේ පිලිබඳ අලුත් හා සිත් ඇදගන්නා සුළු අදහසක් ඉදිරිපත් කලා. ඒ තමයි සිරුරේ සරල ක්‍රියාකාරකම් මගින් ඔබගේ හැඟීම් වලට බලපෑමක් ඇති කළ හැකි බව. උදාහරණයක් ලෙස නායකත්ව තනතුරු තනතුරු වල දී අඩු ආත්ම විශ්වාසයක් තිබෙන කාන්තාවන්ට තමන් ඉදිරියේ ප්‍රබල කාන්තා දේශපාලනික චරිතයක ඡායාරූපයක් තබා ගැනීමෙන් වඩා හොඳ ආත්ම විශ්වාසයක් හා ධෛර්යයක් ලැබෙන බව ඔප්පු වී තිබෙනවා.

මේ සංකල්පයම සිනහව සමගත් සම්බන්ධ වෙනවා. ඔවුන් පවසන ආකාරයට සතුටින් සිටීම ඔබට සිනහව ගෙනදිය හැකි අතර, සිනා වීම ඔබව සතුටට පත් කරනවා. මේ අධ්‍යනයේදී සිසුන් පිරිසකට කාටුන් එකක් පෙන්වා එය කොතරම් හාස්‍යජනක දැයි විමසා බැලුවා. එහිදී පැන්සලක් කටේ තබාගෙන සිනහසෙන ඉරියව්වක් නිරූපණය කරමින් කාටුන් එක බැලූ සිසුන්ට එය වඩාත් හාස්‍යජනක ලෙස පෙනී තිබුණා.

02.පැන්සලක් කටේ තබා ගැනීමෙන් සතුටට බලපෑමක් ඇති කරන්නේ කෙසේද?

අප කලින් කියූ ආකාරයට කාටුන් එකේ හාස්‍යජනක බව මැන බැලූ අධ්‍යනයෙන් මෙම සංකල්පය නිවැරදි බව ඔප්පු වී තිබෙනවා. එය සිදුවන්නේ මෙහෙමයි. පැන්සලක් කටේ තිරස් ආකාරයට තබා ගැනීමෙන් ඉබේම ඔබේ මුහුණෙන් සිනහසෙන ඉරියව්වක් නිරූපණය කෙරෙනවා. සාමාන්‍යයෙන් ඔබගේ කායික ක්‍රියාකාරකම් ක්ෂණයකින් මොළය මගින් වටහා ගන්නා නිසා මෙම ඉරියව්ව ඔබ සිනහ සීමක් ලෙස මොළය වටහාගන්නවා. එවිට ඔබේ සිතේ සතුටක් ඇතිවෙනවා. කෙටියෙන් කියනවා නම් ඔබ ඒ මොහොතේ සිනහ වෙමින් සිටින බවට ඔබ විසින් මොළය රැවටීමක් තමයි මෙහිදී සිදුවන්නේ.

03.මෙම සතුට බලපැවැත්වෙන කාලය?

තවත් අධ්‍යනයකින් ඉතාම සිත්ගන්නා සුළු කරුණක් හෙළි වී තිබෙනවා. ඒ තමයි මෙසේ පැන්සලක් කටේ තබා ගැනීමෙන් ඇතිවන බලපෑම මිනිත්තු 15, 20ක පමණ සිට දින 2ක් තෙක් පවතින බව. එහිදී ඒ දින දෙක පුරාවට වරින්වර නොවෙයි නොකඩවා එක දිගටම එය පවතිනවා. මොලය හා සිරුර ඉතාම සංවේදී නිසා කුඩා උත්තේජනයක් මගින් සිරුරේ හැඟීම් නිවැරදි කරමින් මේ ආකාරයට විශාල බලපෑමක් ඇතිකරන්න පුළුවන්. ඒ ආකාරයේ උත්තේජකයන් රසක් සුවඳක්, ශබ්දයක්, දෘෂ්ටියක් හෝ ස්පර්ශයක් වුණත් විය හැකියි. මේ නිසා ඔබ එදිනෙදා පරිහරණය කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒ සෑම එකකින්ම ඔබගේ හැඟීම් වලට බලපෑමක් ඇති කළ හැකි නිසා.

04.ඕනෑම හැඟීමක් මෙසේ ඉරියව් මඟින් පාලනය කළ හැකියි.

අප ඔබට ඉදිරිපත් කළ මේ සංකල්පය සතුටට පමණක් නොවෙයි. දුකක් තරහක් ආදී වෙනත් ඕනෑම හැඟීමකටත් පොදුයි. උදාහරණයක් ලෙස ඔබ ඔරවාගෙන සිටින ඉරියව්වක් මුහුණෙන් නිතර පුහුණු වෙනවා නම් ඔබගේ හැඟීම් නුරුස්සන සුළු කෝපකාරී එකක් බවට ඉබේම හැරෙන බව ඔබටම දැනේවි. මෙය පැන්සලක් නැතිව වුණත් ඔබට කරන්න පුළුවන්. මේ නිසා සෑම විටම ඔබගේ ඉරියව් සතුටුදායක ඒවා ලෙසින් පවත්වා ගන්න. එවිට ඔබේ හැඟීම්ද ඒ ආකාරයෙන්ම සතුටුදායක වේවි. ඔබට හොඳ ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම් මනෝ විද්‍යාඥයන් පවසන්නේ කය ඍජුව තබාගෙන කෙලින් සිටගෙන හොඳින් හුස්ම ගන්නා ලෙසයි. එවිට ඔබ‍ට හොඳ ආත්ම විශ්වාසයක් දැනේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *