පැවසෙන දේවල් 7ක් මෙන්න

මාතෘකාවේ තියෙන කුරුලෑ සිතියම (Acne map) කියන නම දැක්ක ගමන් ඔබ කල්පනා කරන්න ඇති ඒ මොකක්ද කියලා. බටහිර චර්ම රෝග විශේෂඥයන්ට අනූව මුහුණේ එක් එක් ප්‍රදේශවල කුරුලෑ ඇතිවීමෙන් අපගේ සිරුරේ නිශ්චිත ස්ථානවල සෞඛ්‍යය ගැන අපට අදහසක් ලබාගන්න පුළුවන්. ඔවුන් පවසන ආකාරයට අපගේ සිරුරේ යම්කිසි සැඟවුණු රෝගයක් අසමතුලිතතාවක් වැනි දෙයක් හේතුවෙන් මුහුනේ නිශ්චිත ස්ථානයක කුරුලෑවක් හටගැනීමට ඉඩක් තියෙනවා.

ඉතින් මේ ආකාරයට සිරුරේ එක් එක් ස්ථාන හා සම්බන්ධව කුරුලෑ ඇතිවන මුහුණේ ස්ථාන, කලාප වලට බෙදා සකස් කළ සටහනකට තමයි කුරුලෑ සිතියමක් කියන්නෙ. ඉතින් අපි ඔබට කුරුලෑ සිතියම සහ මුහුණේ ඒ එක් එක් කලාපයේ කුරුලෑ ඇතිවීමෙන් ඔබගේ සිරුරේ කුමන කොටසේ සෞඛ්‍යය ගැන ඔබ‍ට අදහසක් ලබා ගත හැකිදැයි මේ ලිපියෙන් දැනුවත් කරනවා.

01.පළමු කලාපය – නළල.

නළලෙහි ඇතිවන කුරුලෑ මූලික වශයෙන්ම ආතතිය හා අක්‍රමික නිදාගැනීමේ චර්යාවන් හේතුවෙන් ඇතිවෙන පුළුවන්. ඊට අමතරව ඔබට දිරවා ගැනීමට අපහසු ආහාර හේතුවෙන් ඇතිවන ජීර්ණ ගැටලු හා අක්මාවේ ගැටළුද නළලේ ඇතිවන කුරුලෑ මගින් ඔබට හඳුනා ගන්න පුළුවන්.

02.දෙවන කලාපය – නිකට සහ හණු.

නිකට සහ හනු ප්‍රදේශයේ ඇතිවන කුරුලෑ මූලික වශයෙන් ම ඉස්මතු කර පෙන්වන්නේ හෝර්මෝනමය අසමතුලිතතායි. විශේෂයෙන්ම ඇන්ඩ්‍රෝජන් (පුරුෂ හෝර්මෝන) වල ඉහල මට්ටම් හේතුවෙන් සහ කාන්තාවකගේ ආර්තව දිනවලදීත් මෙම ප්‍රදේශයේ කුරුලෑ ඇතිවීම දැකගන්න පුළුවන්.

03.තෙවන කලාපය – මුහුණේ පිටත දාර.

මුහුණේ කොනට වන්නට, එනම් හිසකෙස් රේඛාව සහ කන් අසල ප්‍රදේශයන්හි කුරුලෑ ඇතිවීමට හෝර්මෝනමය අසමතුලිතතාවයන් බලපානවා. මීට අමතරව එම ස්ථාන වල කුරුලෑ ඇතිවන්නේ අවහිර වූ සිදුරු(pores) නිසයි. මේ නිසා ඔබ භාවිතා කරන රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ ෂැම්පු නැවත පරීක්ෂාකර බලන්න. හැකිතරම් ස්වභාවික හා කාබනික නිෂ්පාදන භාවිතා කර වෙනසක් ඇත්දැයි බලන්න.

04.සිව්වන කලාපය – කම්මුල්.

කම්මුල් මත කුරුලෑ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ අධික සීනි භාවිතයයි. මේ නිසා සියලුම ආකාරයන්හි සීනි වර්ග වලින් ඈත්වී වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වී බලන්න. ඊට අමතරව කම්මුල් මත ඇතිවන කුරුලෑ ඔබගේ පෙනහළු හා සම්බන්ධ ගැටළු නිරූපනය කරනවා. ඔබට ශ්වසන පද්ධතිය හා සම්බන්ධ කිසියම් රෝගී තත්ත්වයක් ඇත්නම් කම්මුල් මත කුරුලෑ ඇති වීම දැකිය හැකියි. කම්මුල් මත කුරුලෑ ඇතිවීමට ඇති තවත් එක් හේතුවක් වන්නේ ජංගම දුරකථනය නිතර භාවිතයයි. ජංගම දුරකථන තිරය මත ඔබ සිතනවාට වඩා විෂබීජ වර්ග හා කුණු තැවරී තිබෙනවා. ඔබ නිතර දුරකථන ඇමතුම් වල යෙදෙන කෙනෙක් නම් දුරකථන තිරය මුහුණ මත තබාගැනීමෙන් කම්මුල් ආශ්‍රිතව කුරුලෑ ඇතිවීම දක්නට ලැබෙනවා. ඒ නිසා නිරන්තරයෙන් විෂබීජනාශක ද්‍රව්‍ය යොදාගෙන දුරකථන තිරය පිස දමන්න අමතක කරන්න එපා.

05.පස්වැනි කලාපය – ඇහිබැම අතරමැද.

ඇහිබැම අතරමැද කලාපයේ කුරුලෑ ඇති වීම ඔබගේ අක්මාවේ ගැටළු නිරූපනය කරනවා. අක්මාව මගින් අපගේ සිරුර තුළ විශාල කාර්යභාරයන් ප්‍රමාණයක් ඉටු කරනවා. ඒ අතරිනුත් ආහාර ජීර්ණ පද්ධතිය හා පරිවෘත්තිය සම්බන්ධ දේවල් විශේෂයි. ඔබගේ ඇහිබැම අතරමැද කලාපයේ කුරුලෑ ඇති වෙනවා නම් එයට හේතුව ඔබගේ ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන අධික තෙල් සහිත එකක් බවයි.

06.හය වැනි කලාපය – නාසය හා උඩු තොලට ඉහළ.

නාසය මත කුරුලෑ ඇතිවීමෙන් පැවසෙන්නේ ඔබ අධික ලෙස කුළුබඩු සහිත, සැර, ලුණු සහිත සහ තෙල් සහිත ආහාරයන් ගන්නා බවයි. මේ නිසා හැකිතාක් දුරට එවන් ආහාරයන්ගෙන් වලකින්න. ඒ වගේම ඔබගේ හදවතේ සෞඛ්‍යය සහ රුධිර පීඩනය කෙරෙහිත් අවධානය යොමු කරන්න.නාසයේ තුඩෙහි සහ උඩු තුළට ඉහළ ප්‍රදේශයෙහි කුරුලෑ ඇතිවීම හදවතේ, ප්ලීහාවේ සහ පෙනහලු වල ගැටළු වල ප්‍රතිඵලයක් විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *