පිටත ලෝකයෙන් වෙන්ව ජීවත් වන රටක් වෙන උතුරු කොරියාවේ මිනිසුන් ගෙවන දුෂ්කර ජීවිතය

එරික් ලෆොග් කියන්නේ ලොකේ වටේ යන ඡායාරූප ශිල්පියෙකුයි. ඔහු 2008 සහ 2012 වර්ෂ ඇතුලත උතුරු කොරියාවට 6 වරක් ගිහින් තියනවා. ඒ ගිය හැමවරම මේ රටේ විවිධ දේවල් පිලිබද රහසේම ඡායරූප ගන්න එරික් සමත් වුනත්, 6වන වර ඔහුව හසුවී, ඔහුගේ ඡායාරූපත් තහනම් කර නැවත කොරියාවට ඇතුලු වීමටත් එරික්ට තහංචි පනවලා තියනවා. කොහොම වුනත් ලබා ගෙන තියන ඡායාරූප වලින් නම් මේ අපූරු රටේ නොදැකපු පැතිකඩක් ලෝකයාට විවර වුනා කිව්වොත් හරි.

1. පියොන්යෑං යුවලක් – 2008

බහුතර ආසියානු රටවල වගේම උතුරු කොරියාව තුලත් ප්‍රසිද්ධියේ හැගීම් ප්‍රකාශ කිරීම අශෝභන දෙයක් විදියට සලකන නිසා මේ පින්තූරය නම් ඉතාම අසාමාන්‍යයි. ඒ වගෙම මේ ඡායාරූපය “තහනම්” ගනයට වැටෙන්න තවත් හෙතුවක් වෙන්නේ උතුරු කොරියාවේ, සේවයේ යෙදී සිටින විටදි සොල්දාදුවන්ව ඡායාරූපයට නැගීම නීතියෙන් තහනම් කරලා තියෙන නිසයි.

2. උතුරු කොරියානු කාන්තා සෙබලියක්, පියොන්යෑං – 2012

මෙය 2015 දී ගත් හමුදා ඡායාරූපයක්. ඒ කාලයේදී රට තුල හමුදා භටපිරිස් වල පැවති හිගකම නිසා කාන්තාවන් බදවා ගන්න තීරණය කරලා තියෙනවා. වයස අවු 17දී උතුරු කොරියාවේ සියලුම ගැහැණු ළමයින් හමුදා සේවය ආරම්භ කිරීමේ කාර්යලයට පැමින අවු 7ක් සේවය කල යුතුයි. ස්ත්‍රීන් හා පුරුෂයන්ට එකම කොන්දේසි පවතින අතර සොල්දාදුවන් සීතල බැරැක්ක වල ජීවත් වන අතර ආහාර හිග කමින් හා සනීපාරක්ෂක පහසුකම් නොමැති කමින්ද ඔවුන් පීඩා විදිනවා.

3. උතුරු කොරියානු පුරෝගාමීන්, නායකයින්ට ගෞරව දැක්වීම, පියොන්යෑං – 2012

මේ ඡායාරූපයත් තහනම් ගනයට වැටීමට හේතු කිහිපයක් තියනවා. පලමුවෙනි එක, ඉදිරියෙන්ම සිටින පුද්ගලයාගේ ටයි පටිය, දෙවැන්න නම් දරුවන් මන්දපෝෂනයෙන් පෙලෙන ආකාරයක් පෙනීමයි. නමුත් උතුරු කොරියානු රජය තම රටේ මිනිසුන් ආහාර හිගකමින් පෙලෙන බව පිලිගැනිමට කැමති නැහැ. බොහෝ ජනයාගේ දෛනික ආහාරය වෙන්නේ බඩ ඉරිගු 200g ක්, සාම්ප්‍රදායික කිමිචි ගෝවා ස්වල්පයක් හා ජලයයි. ඔවුන් බහුතරයක් සහල් ආහාරයට ගන්නේ නිවාඩු දිනවලදී පමනයි.

4. උමං මාර්ගය ඇතුලත, පියොන්යෑං – 2012

මේ පියොංයැං උමං මාර්ගය උපාය මාර්ගික පහසුකමක් වන අතර ඔබ සංචාරක මග පෙන්වන්නෙකු සමග යන්නේ නම් ඔහුගේ අවසරය ඇතුව ඡායාරූප ගැනීමට පුලුවන්. ඒ වගෙම මෙහි සංචාරකයන්ට ඇවිදීමට විවෘතව පවතින්නේ ස්තාන 3ක් පමනයි.

5. දකුණු කොරියාවේ මායිමේ පිහිටි කෙසොං, නේවාසික දිස්ත්‍රික්කය – 2012

උතුරු කොරියාවේ නිවාස වල ඡායාරූප ගැනීම තහනම් කර තියෙන්නේ විශේෂයෙන් ඒවා පරිපූර්ණ නොවීම හේතුවෙනුයි. ඉහත රූපයේ තිබෙන බැනරය එසේ තබා තිබෙන්නේ ඡායාරූප ගැනීම තහනම් කර ඇති නිසා නොව ඔවුන්ට එම ස්තාන ආවරණය කර ගැනීම සදහා අමතර මුදල් නොමැති වීම නිසයි.

6. වීදි වල ආහාර අලෙවි කරන කාන්තාවන්, හම්හුන්ග් – 2012

අසියානු රටවල මෙන්ම උතුරු කොරියාව තුලත් වීදි ආහාර තියෙනවා. නමුත් ඔවුන්ගේ මෙනුව ඉතාම දුර්වල වන අතර එහි විකිනීමට තිබෙන සාම්ප්‍රදායික කිමිචි ගෝවා මිලදී ගැනීම නීතියක් ලෙසත් පවතිනවා.

7. නායකයින් දෙපලක්, පියොන්යෑං – 2012

රටේ නායකයින්ගේ පිටුපස ඡායාරූප ගැනීම තහනම් කර ඇති නිසා, මේ පැත්තෙන් ගත් ඡායාරූපයත් තහනම් කර තියෙනවා. ඒ වගෙම ඡායාරූපයක් ගන්නා විට ස්මාරකයේ හිස හා පාද කපා දැමෙන ආකාරයට ඡායාරූපය ගැනීම හා ඉරියවුව වෙනස් කරමින් ඡායාරූප ගැනීම තහනම් කර තියෙනවා. ඒ වගෙමද සෙවනැල්ලක් වැටුනු විට නායකයාගේ ස්මාරක වල ඡායාරූ ගැනීමත් නීති විරෝධි ක්‍රියාවක්.

8. Red tramway, පියොන්යෑං – 2012

මේ ඡායාරූපයත් තහනම් කල හැකි ආකාරයේ එකක්. එයට හේතුව තමයි, මේ ඡායාරූපයේ තිබෙන ට්‍රෑම් රථය දෙස සමිපව බැලුවොත් පෙනෙනවා එහි කණ්නාඩි කැඩී ගොස් රථයද බොහෝ පැරණි අබලන් එකක් කියලා. මෙයින් උතුරු කොරියවේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් බොහෝ දේ හෙලි කරනවා. ඒ වගෙම අපේ රටේ අතීතයේ වගේ කරත්ත පවා කොරියාවේ ඇතැම් ප්‍රදේශ වල ගමනා ගමනය සදහා යොදා ගන්නවා.

9. පැරණි නිවාස, කෙසොං – 2011

මෙහි පෙනෙන නිවාස ඉතාම අබලන් තත්වයේ කිසිදු පහසුකමකින් තොරව තියෙන ඒවායි. උතුරු කොරියාවට ඉතා තදින් ශීතල බලපාන නිසා ඇතැම් නිවාස වල කුස්සියේ උදුනද උණුසුම් වීම සදහා භාවිතා කරනවා.

10. පියොන්යෑං වල පෝලිම් – 2011

පොදු ප්‍රවාහන ගැටළු, විදුලිය ඇනහිටීම්, ඉන්ධන ගැටළු නිසා කොරියාව තුල පෝලිම් දකින්නට ලැබීම සාමාන්‍ය දෙයක් වෙලා තියනවා. ඉතින් රජය මේ ඡායාරූපය තහනම් කිරීම අරුමයක් නෙමෙයි.

 

11. කාන්තාවක් කියනවා ” No photo”, හම්හුන්ග් – 2011

සංචාරකයන් තමන්ගේ ඡායාරූප ගන්නවාට දේශිය ජනයා එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද කුඩා කාලයේ පටන්ම ඔවුන්ගේ සිත් තුල විදේශිකයන් සම්බන්ධයෙන් භීතියක් ඇති කරලා තියනවා. ආණ්ඩුව මේ ඡායාරූපයට අකමැත්තක් දක්වන්නේ, කාන්තාව හා කුඩා දරුවා සිටින විඩාපත් භාවය හා අසතුටුදායක පෙනුම සැලකිල්ලට ගනිමිනුයි.

 

12. උතුරු කොරියානුවන්ගේ ඇදුම් සදහා කෘතිම රෙදි නිපදවන රසායනික කම්හලක් – 2011

උතුරු කොරියාවේ සෑම රසායනික කර්මාන්තශාලාවක්ම උපායමාර්ගික වස්තුවක් හා රහසක් වන අතර, එබැවින් සංචාරකයන් එය දෙස බැලුවත්, ඔවුන්ට ඇතුළට යාමට ඉඩ ලබා දෙන්නේ නැහැ.

13. පියොන්යෑං රෝහලේ සංචාරක කටයුතු සඳහා ව්‍යාජ වෛද්‍ය පරීක්ෂණ – 2011

මේ ඡායාරූපය බොහෝ ප්‍රශ්න මතු කරනවා. රෝගියා හැන්දකින් එක් ඇසක් වසා තිබෙන අතර අනෙක් ඇසද වසා ගෙන සිටිනවා. එවිට වෛද්යවරයා ඇයගේ ඇස් පරික්ෂා කරන්නේ කොහොමද?

14. කෙත් වල වැඩ කරන දරුවන්, පියොන්යෑං – 2010

ජන නායකයින්ගේ වගකීම වෙන්න ඕනේ ජනතාවගේ ජිවිතය උසස් කර ගැනීමට උදවු කිරිමයි. උතුරු කොරියාවේ දරුවන්, ක්ෂේත්‍රයේ සාමුහික ක්‍රියාකාරිත්වය වගකීමක් ලෙස සලකන අතර, දරුවන් නිදහස් ශ්‍රමයේ මූලාශ්‍රයක් ලෙස සලකනු ලබනවා. නමුත් දුප්පත් රටවල් බොහෝමයකට සාපෙක්ෂව උතුරු කොරියානුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන අතර ඔවුන්ගෙන් 99%කට කියවීමට හා ලිවීමට හැකියාව තියෙනවා.

15. තණකොල නෙලන සොල්දාදුවන්, පියොන්යෑං – 2009

මෙවැනි දර්ශන පියොන්යෑං සදහා පොදුවන නමුත් සංචාරකයන්ට මෙහි ඡායාරූප ගැනීම තහනම් කරලා තියනවා. හේතුව සරළයි: උතුරු කොරියානුවන්ගේ බඩගින්නේ සංකේතයක් ලෙස බටහිර රටවල් එය සලකන්නට පුලුවන් නිසයි.

16.කෙත්වල වැඩ කරන ගැහැණු සොල්දාදුවන් – 2008

උතුරු කොරියානු මිලිටරි සේවය පවතින්නේ ගොවින්ට හා කම්කරුවන්ට සහාය ලබා දීමට බව බොහෝ දෙනාගේ මතයයි. රටේ පවතින පස කෘෂිකර්මාන්තය සදහා එතරම් සුදුසු නොවන නිසා වැඩ කිරීමට බොහෝ මිනිසුන් ඇත්තේද නැහැ.

17.වාෂ්ප ට්‍රක් රථයක් – 2011

ඉන්ධන නොමැතිකම නිසා බොහෝ වාහන අගුරු දැවීමෙන් නිපදවන වායුවකින් ගමන් කරනවා.

18.චිල්බෝ මුහුදු ප්‍රදේශයේ ගම්මානයක් – 2010

එරික්ගේ බලකිරිමට මේ පින්තූරය ගැනීමට මග පෙන්වන්නා ඉඩ දුන්නත්, පසුව ඔහු එම පින්තූරය රැගෙන ගියා. හේතුව පැහැදිලියි: දරිද්‍රතාවය ලෝකයාගෙන් වසන් කිරිම.

19.සංචාරකයෙක් පැමිනෙන විට පරිඝනකයක් භාවිතා කරන ආකාරයකින් සිටින දැරියක්, හම්හුන්ග් – 2011

මේ දර්ශනය සාමාන්‍ය එකක් විය හැකියි: පරිඝනකයක් ඉදිරිපිට වාඩි වූ කෙල්ලෙක්. නමුත් වැදගත් දෙයක් තියනවා: පරිඝනකය අක්‍රිය වෙලයි තියෙන්නේ. මෙය උතුරු කොරියානුවන්ට සාමාන්‍ය දෙයක්. මොකද රටතුල බලාගාර දෙකක් පමනක් පවතින නිසා නිතරම විදුලි කප්පාදු සිදු වෙනවා.

20.වෙරළක් ආවරනය කරන කටු කම්බි වැටක් – 2008

නිල පිටපතට අනුව මේ වැටේ අරමුණ වෙන්නේ උතුරු කොරියනුවන්ගේ ආරක්ෂාවයි. නමුත් රටින් පිටවීමට උත්සාහ කරන පුද්ගලයන්ව රට තුලම තබා ගැනීමට මේ වැට භාවිතා කිරීම නායකයින්ගේ යටි අරමුණ වෙන්න පුලුවන්.

ඉතින් මොකද උතුරු කොරියාව ගැන ඔබට හිතෙන්නේ?

Leave a Reply