පිළිතුරු සොයාගෙන නැති අපේ ලෝකය තියෙන ප්‍රශ්න

නූතන විද්‍යාවට පවා තවමත් පැහැදිලි හේතුවක් ලබා දිය නොහැකි සමහර දේවල් තියෙනවා. ඒවායින් කිහිපයක් පිළිබඳ විස්තර ඔයාට මෙයින් දැනගන්න පුළුවන්.

01. ස්වභාවිකව කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල වෙන්නේ ඇයි?

සාමාන්‍යයෙන් වර්තමාන කාන්තාවන්ගේ පියයුරු, මිනිස් පරිණාමය සිදු වූ වානර විශේෂ වල ගැහැණු වානරයින් සමඟ සසඳන විට ප්‍රමාණයෙන් විශාල බව නිරීක්ෂණය කල හැකියි. එම ගැහැණු වානරයින්ට සාපේක්ෂව කුඩා දරුවන්ට මව්කිරි දෙන සමයේ විතරක් නෙවෙයි, අනෙක් හැම කාලයේදීම කාන්තාවන්ගේ පියයුරුවල කිසිඳු වෙනස්කමක් සිදු නොවී ඒ විදියටම තියෙනවා. මේ ගැන විද්‍යාඥ්‍යන් විශාල වශයෙන් විවිධ මත ප්‍රකාශ කරනවා.

මෙසේ සකස් වීමට හේතුව ලිංගික සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා බව පරිණාම ජීව පිලිබඳ විද්‍යාඥයන්ගේ අදහසයි. තම දූ දරුවන් මනාව පෝෂණය කිරීමට වගේම රැක ගැනීමටත් හැකියාව පවතින කාන්තාවක් යන පණිවිඩය මේ හරහා පුරුෂයින්ට ලැබෙනවා.

ලෝකයේ පවතින බොහොමයක් සංස්කෘති වලට අනුව කාන්තාවන්ගේ පියයුරු ලිංගික ආකර්ෂණයක් විදියට සලකන්නේ නැති නිසා මානව විද්‍යාඥයන් මේ මතය ප්‍රතික්ෂේප කරනවා.

02. තල්මසුන් තමන්ව වෙරළට ගොඩ ගසන්නේ ඇයි?

තල්මසුන් වගේම ඩොල්ෆින් මසුන් රංචු වශයෙන් නොගැඹුරු මුහුදට සහ වෙරළට පැමිණීමට හේතුව මිනිසුන්ට ගොඩක් ලොකු ප්‍රශ්නයක්. මෙසේ පැමිණෙන මසුන්ට වෙරළේ ඉඳන් අයෙමත් මුහුදට යාම අසීරු බැවින් වෙරළේම ඉක්මණින් මියැදෙනවා. ඇරිස්ටෝටල් ජිවත් වූ කාලයේ සිටම මිනිසුන්ට මේ ප්‍රශ්නය තිබුණා. මෙසේ වීමට හේතු වශයෙන් මතිමතාන්තර බොහොමයක් තියෙනවා. ඒවායින් කීපයක්,

‌මුහුදු සුළං නිසා මුහුදු ඇල්ගී හා අනෙකුත් පැළෑටි මුහුදේ ඉඳන් ගොඩබිම වෙත පාවී එනවා. මේවාට ආකර්ෂණය වී විවිධ මසුන් විශේෂත් ගොඩබිමට ඇදෙනවා.

සූර්යය කුණාටු මඟින් සත්ත්ව ලෝකයට පැහැදිලි කළ නොහැකි විදියේ නොයෙකුත් බලපෑම් එල්ල කරනවා.

මුහුදේ සිදුවන ශබ්ද දූෂණය හේතුවෙන් ශබ්ද තරංග හරහා සන්නිවේදන කටයුතු සිදුකරන තල්මසුන් හා ඩොල්ෆින් මසුන්ට තමා යා යුතු මඟ නිවැරදිව තෝරා ගැනීමට බාධා සිදු වෙනවා.

03. තාරකා ජෙලි (star jelly) කියන්නේ මොනවාද?

ලොව පුරා නොයෙක් ස්ථානවල තණකොල මත තිබී කොහි සිට කෙසේ පැමිණියාද යන වග නොදන්නා ජෙලි කොටස් මිනිසුන් විසින් සොයාගෙන තිබෙනවා. පරීක්ෂණවලට භාජනය කළ විට මේවා තුල බැක්‍ටීරියාවල සහ පණුවන්ගේ DNA හඳුනාගෙන තිබෙනවා. මෙයට හේතුව එම ජෙලි කොටස් පොළවේ තිබීම වෙන්න පුළුවන්.

සමරුන්ගේ විශ්වාසයට අනුව මේවා නිෂ්පාදනය කරන්නේ කොළ-නිල් ඇල්ගී විශේෂය හෝ උභය ජීවින්. තවත් සමහරුන්ගේ මතය වෙන්නේ මේවා දිලීර වර්ගයක් බවයි.

මේ ගැන නිසි තක්සේරුවක් අද වනතෙක් කර නැතත්, ඇස්ටරොයිඩ හරහා පෘථිවියට ආ බව විශ්වාස කරන බැවින් අභ්‍යවකාශ ජෙලි (Space jelly) නමින්ද මේවා හඳුන්වනවා.

04. සෙනසුරු ග්‍රහලෝකය මත ලොකු ෂඩාස්‍රයක් ඇති වුණේ කෙසේද?

සෙනසුරු ග්‍රහලෝකය මත තියෙන ඉතාම ආකර්ෂණීය නමුත් අද්භූත සිද්ධිය වන්නේ වර්ග කිලෝමීටර් 25,000ක් පුරා විහිදී තිබෙන ෂඩාස්‍රාකාර හැඩැති වළකුළු සැකැස්මයි. මිනිස් බුද්ධියට අවබෝධ කරගත හැකි ආකාරයට අනුව මේ තිබෙන්නේ ගොඩක් අසාමාන්‍ය සුළි කුණාටු සැකැස්මක්.

විද්‍යාඥයින්ට මේ සැකැස්ම විද්‍යාගාර‍යක් තුල ප්‍රතිනිර්මාණය කරන්න හැකි වුවත්, සෙනසුරු මත මේ ආකාරයට ඉතාම සුන්දර සැකැස්ම ඇති වූ විධිය පිළිබඳවත්, එය වෙනස් නොවී මෙතරම් දීර්ඝ කාලයක් පැවතීමට හේතුවවත් අද වන තෙක් විද්‍යාඥයන් සොයාගෙන නැහැ.

05. කෙදිනක හෝ අපට රොබෝවරු සමඟ කතා කල හැකි වේවිද?

අපි දැනටමත් රොබෝස්ලා එක්ක කතා කළත් එය සම්පූර්ණයෙන්ම පෙර සකසන ලද දත්ත පද්ධතියක් මතයි පදනම් වෙලා තියෙන්නේ. තමන් විසින් තනිවම සිතාබලා නිර්මාණශීලි ආකාරයට පිළිතුරු සැපයීමට රොබෝස්ලාට බැහැ.

පෙර සකසන ලද දත්ත පද්ධතියක් මත පදනම් නොවී තනිවම සිතාබලා සංවාද කිරීමේ හැකියාව සහිත රොබෝස්ලා නිර්මාණය කිරීම සඳහා අද වනතුරු දරන ලද ප්‍රයත්ඥයම අසාර්ථක වෙලා තියෙනවා.

06. ජීවයේ ආරම්භ වූයේ කෙසේද?

වර්තමානයේ පවතින නූතන විද්‍යාව අනුව ජීවය ආරම්භ වී තිබෙන්නේ අකාබනික මූලද්‍රව්‍ය වල හටගත් රසායනික හා භෞතික වෙනස්වීම් මඟින්.

ඒත් අද වනතෙක් ජීවි සහ අජීවි අණුවක වෙනස්කම නිවැරදිවම ලකුණු කරන ස්ථානය අපි දන්නේ නැහැ. එමෙන්ම එක් අණුවක් තවත් අණුවකට ජානමය ලක්ෂණ උරුම කරන්නේ කෙසේද කියා දන්නෙත් නැහැ.

07. භූමි කම්පා ඇතිවීමට පෙර සතුන්ට ඒ බව දැනෙනවාද?

ස්වාභාවික විපත් සිදුවීමට පෙර ගෘහස්ත සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම් පිළිබඳව අතීත ග්‍රීසියේ සිටම වාර්තා වෙලා තියෙනවා.

ඒත් මේ පිළිබඳව අද වනතුරු ප‍රීක්ෂණ පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ස්වාභාවික විපත් ප්‍රතිනිර්මාණය කිරීමට හැකියාවක් විද්‍යාව සතුව නොපවතින නිසයි.

‌මේ පිළිබඳව පල වී ඇති එක මතයක් වන්නේ භූමිකම්පා හටගැනීමට පෙර වායුගෝලයට එකතු වන ආරෝපිත අංශු වලින් සතුන් මේ පිළිබඳව දැනුවත් වන බවයි. ඒත් මේ මතයට බහුතරය එකඟ වෙන්නේ නැහැ.

08. අඟහරු ග්‍රහයා මත තිබෙන කළු පාට සළකුණු මොනවාද?

‌අඟහරු ග්‍රහයා මතුපිට කාලයෙන් කාලයට හටගන්නා කළු පාට ඉරි වගේ සැකැස්මට හේතුව විටින් විට වතුර ගලා යාම කියා සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා.

‌අඟහරු මතුපිට බැස්මක් තියෙන තැන්වල හටගන්නා මේ සළකුණු, වසන්ත සෘතුවේදී මතු වී සීත සෘතුව වන විට නැවත නොපෙනී යනවා. මේ ආකාරයට චක්‍රයක් විදියට නැවත නැවතත් එකම ප්‍රදේශ වල මෙය සිද්ධ වෙනවා.

මෙය සිදුවන්නේ කොහොමද කියා නිශ්චිතවම හඳුනාගෙන නැතත්, වතුර ගලායාමක් නිසා ඇති වූ බව කියන මතය වැඩි දෙනෙක් පිළිගන්නවා.

09. සුමේරියානුවන් ආවේ කොහි සිටද? ඔවුන් සන්නිවේදනය සඳහා යොදාගත් භාෂාව කුමක්ද?

බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාර දෙක බිහි වුණේ සුමේරියානු ශිෂ්ටාචාරය මත පදනම්වයි. සුමේරියානුවන් යනු තාරකා විද්‍යාවේ ඉඳන් භෞතික විද්‍යාව තෙක් ඉතා පුළුල් විෂය ක්ශේත්‍ර ගණනාවකම පුරෝගාමිත්වය ලබාගත් අතිදක්ෂ පිරිසක්.

අද තාක්ෂණය අතින් ඉහල මට්ටමක සිටියත් සුමේරියානුවන්ගේ නැගීම හා ඇතිවීම කොහොම සිදුවූවාද කියා සොයාගැනීම පවා අදටත් ඉතාම අසීරුයි. සුමේරියානු භාෂාව හා අනෙක් භාෂා අතර සමානාත්මතාවයක් සොයා ගැනීමත් ඒ වගේම අසීරු දෙයක් වෙලා තියෙනවා. සුමේරියානු කීලාකාර ලේඛන පරිවර්තනය කරන්නේ අකාඩියන් කියන භාෂාව පාවිච්චි කරලා, එයත් ලෝකයේ දන්නා වෙනත් කිසිඳු භාෂාවකට සමානකම් පෙන්වන්නේ නැහැ.

10. මිනිසුන් ඈනුම් යැවීමට හේතුව කුමක්ද?

අපි හැමදාම මේක කලත් මිනිසුන් ඈනුම් යැවීමට හේතුව තාමත් හරියට සොයාගෙන නැහැ.

සමහර ජීව විද්‍යාඥයන්ගේ අදහසට අනුව මෙය මොළයේ උෂ්ණත්වය අඩු කිරීමට සිදු කරනු ලබන උෂ්ණත්ව පාලනය හා සබැඳි ක්‍රියාවක්. මෙම මතයට වැඩි පිළිගැනීමක් තියෙනවා.

ඒත් මෙයටත් වැඩිය තේරුම් ගැනීමට අසීරු කරුණ නම් එක් අයෙකු ඈනුමක් යවනවා දුටු විට අනෙක් අයද එම පුද්ගලයාව අනුගමනය කිරීමයි. මේ ගැන සිදුකල පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ සාමාන්‍යයෙන් මිනිසුන් නොදැනුවත්වම අනෙකාගේ හැසිරීම් අනුගමනය කරන නිසා මෙය සිදු වන බවයි. එමඟින් ඔවුන්ගේ තත්වය සහ දැනට පවතින තත්වය ඉතා හොඳින් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බව මොළය විසින් නිගමනය කරනවා.

‌සයිකෝපැත් නමින් හඳුන්වන මානසික රෝගීන් මේ විදියට අනෙක් අය ඈනුම් යවනවා දුටුවත් එය අනුගමනය කරන්නෙ නැහැ.

Check Also

පුරාණ රූපලාවන්‍ය රහස්

ඈත අතීතයේ සිටම කාන්තාවන් අලංකාරය සඳහා වෙහෙස මහන්සි වී ඇත. අද ඔබ වෙත ගෙන එන්නේ …

One comment

  1. Photos load වෙන්නෙ නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *