බේ ජීවිතයට ලබාදෙන පණිවිඩය

රූපයේ දැක්වෙන්නේ විවිධ හැඩ,වර්ණ වලින් යුතු පතොක් බඳුන් 5කි.ඔබට ඇත්තේ මෙම වර්ග 5න ඔබගේ සිත වඩාත්ම ආකර්ෂණය වෙන පතොක් ශාකය දරන බඳුනේ රුවට අදාල අංකය අනුව ඔබ වෙත ගෙන එන පණිවිඩය කුමක්දැයි කියා දැනගැනීම පමණි.ඉතින් උත්සහ කර බලන්න.ඔබ වෙත ගෙන එන පණිවිඩය කුමක්දැයි දැනගන්න.

පතොක්. අංක 1

.

මෙම පතොක් පැළය ලපටි අවස්ථාවේ ඇත.හරියට කුඩා දරුවෙකු වගේය.එනම් අහිංසකය.නරක සිතුවිලි, වෛරී සිතුවිලි වලින් තොරය.ඒ අනුව පැහැදිලි වෙන්නේ ඔබේ ආත්මය කුඩා දරුවෙකු මෙන් පිරිසිදුය.ලස්සනය.ඔබට ඇත්තේ කරුණාවන්ත හදවතකි.එනිසා ඔබ බොහෝ විට ඔබ අසනා දකිනා දෙය ඇසුරෙන් මිනිසුන් ගැන කලකිරෙයි.එනිසාම ඔබ ලෝකය දෙස බලන ආකාරය වෙනස් කරගත යුතුය.

මන්ද ඔබ කරුණාවන්ත වුවද ලෝකය සැම විටම කරුණාවන්ත නැත.ඔබ ගමන් කරන මාර්ගය රෝස මල් වලින් පිරි උයනක් නොව.එහි රෝස කටුද ඇති බව මතක තබා ගන්න.විෂමාකාර ලෝකය එලෙසින් දැකීමට ඔබ ඉගෙනගත යුතුය.එවිට ඔබේ කලකිරීම දුරු වනු ඇත.ඔබට අවශ්‍ය ඔබගේ ආදරණියයන්ගේ සතුට පමණි.නමුදු සැමවිටම සැම පුද්ගලයෙකුම අවංක නැත.එනිසා ඒ බව වටහාගෙන ජීවත් වෙන්න.නමුත් බිය නොවන්න.ඔබගේ සුන්දර හදවතට සතුටක් දැනෙන අයුරින් ඔබේ සියලු යහපත් පැතුම් ඉටු වෙන දිනයක් ප්‍රමාද වී හෝ එළඹෙනු ඇත.

පතොක්. අංක 2.

මෙම පතොක් ශාකයේ යම් ස්ථාවරත්වයක් ඇත.ඔබද එලෙසමය.ඔබට ස්ථාවර අරමුණු ඇත.ඔබට අවශ්‍ය ඔබ කැමතිම දෙය නොවේ.ඔබට වටිනා ප්‍රයෝජනවත් දෙයි.පොත් පත් සමඟ හුදෙකලාව ඔබව සන්සුන් කරයි.ඔබට ඔබගේ ආදරණියයන් ඔබ සමීපයේ සිටින විට සුව පහසුවක් දැනෙයි.ඔබට ඇත්තේ සරල ආශාවන්ය.නමුත් ඒවා සාමාන්‍ය මිනිසුන්ගෙන් අසාමාන්‍ය වෙන අවස්ථා ඇත.

පතොක්. අංක 3

.ඔබට වැදගත් වෙන්නේ ඔබ ආදරය කරන පුද්ගලයින් සමඟ කාලය ගත කිරීමයි.ඔවුන් හා සතුටින් සිටීමයි.ඔබට ප්‍රාර්ථනාවක් කළ හැකි නම්, ඔබට අවශ්‍ය වන්නේ ඔබ ආදරය කරන අයට සෞඛ්‍යය හා සතුට පමණි.මෙම ගතිගුණය ඉහත කී පතොක් වර්ග දෙකටම සමාන වන නමුත් වෙනස් වන්නේ ඔබේ පරාර්ථකාමිත්වය නිසාය.ඔබ පරාර්ථකාමී අයෙක් බැවින් ඔබගේ මෙම ගුණාංගය නිසාම ඔබ අන් අයට වඩා ඉදිරියෙන් සිටින අතරම ඔබව ඔවුන්ගෙන් වෙන්ව කැපී පෙනෙයි.

පතොක්. අංක 4

ඔබගේ පළමු හා අවසාන පැතුම වන්නේ ආදරයයි.පතොක් මත හදවතක් ඇති කර ගැනීමට ඔබ තෝරාගත්තේ එබැවිනි.ඔබ මායාවන්,ඉන්ද්‍රජාලය විශ්වාස නොකරයි.නමුත් ඔබ ආදරය විශ්වාස කරයි.එය ඔබේ සියලු පීඩාවන් සිතෙන් අමතක කරවයි.එනිසා ඔබ ප්‍රාතිහාර්යයන් විශ්වාස නොකරයි.නමුත් ඔබේ සහකරු හෝ සහකාරිය මත පුර්ණ විශ්වාසය තබයි.ඔබට අවශ්‍ය වන්නේ ආදරයෙන් පිරි දිවිපෙවතකි.

පතොක්. අංක 5.

මෙය එතරම් සුවිශේෂී කැපී පෙනෙන සැරසිලි නොදරයි.ඔබත් එවැනි සරල පුදගලයෙකි.ඔබ අතිශයින් සරල සාමාන්‍ය අයෙකි.නමුත් ඕනෙවට වඩා සාමාන්‍ය වීම මත ඔබ දුර්වලයෙකු ලෙස පෙනෙන්නට හේතුවකි.එනිසා උත්සාහයෙන් වැඩකර ජයග්‍රහණය ළඟා කරගෙන සාර්ථක ජීවිතයක් ගත කිරීමට උත්සහ කරන්න.මිතුරන් සමඟ ඔබේ හැඟීම් බෙදා ගන්න .අවශ්‍ය විට උපදෙස් පතන්න.

ඔබ තෝරාගත් රූපයට අනුව ඔබට අදාළ පණිවිඩය ලැබෙන්නට ඇති.නමුත් සමස්තයක් ලෙස ගත කල පතොක් ශාකය කාන්තාරයේ වැඩෙනවා සේම වතුර බිංදුවකට මහත් සේ ලැදිය.එලෙසින්ම සමස්ත පණිවිඩ සියල්ලම යම් යම් ආකාරයට එකිනෙකාට සාපේක්ෂව ආදරය යන හැඟීම වටා ගෙතී ඇති සෙයක් දක්නට ලැබේ.එනිසා ඔබ කවරෙකු වුවත් ඔබගේ පණිවිඩය ඔබට වටිනා බවක් දැනුනත් නොදැනුනත් මිනිසුන් ලෙස ආදරණියව එකිනෙකාට ගරු කරමින් කරුණාවන්ත දිවි පෙවතක් ගත කර ලෝකයටම ආදරය හැකි ලෙස පතුරවලන්නට ඔබත් උත්සහ කරන්න.

Check Also

ඔබ වැඩිපුර සිනාසෙන විට සිදුවන දේවල්

අපි සිනාසෙන විට, අපට ක්ෂණිකව වෙනස් හැඟීමක් දැනෙන්නට පටන් ගනී, අමුතු ආකාරයකින්, අපගේ මුහුණ සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *