මගේ හස්බන් එක්කත් යාළුවෙනවා, එයාට තිබුණ ආසාව නැති වුණා

සේමිණී ඉද්දමල්ගොඩ (Semini Iddamalgoda) සහ නදීෂා හේමමාලි (Nadeesha Hemamali) පසුගිය දාවසක හිරු කොපි චැට් වැඩසටහනට සහාබාගී වුණා.

ලංකාවේ බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් මොවුන් දෙදෙනා කාලයක් තිස්සේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ප්‍රේක්ෂක මතකයේ රැදුණු රංගන ශිල්පිනියන් වේ.

නමුත් මොවුන් දෙදෙනානම් එතරම් හොඳ මිතුරියන් නෙමෙයි කියල තමයි දැන ගන්න ලැබෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ කාලයකට ඉහතදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ රණ්ඩුවක්.

ඉතිං අතීත සිදුවීම සිහිපත් කළ සේමිණී පැවසුවේ,
“ නදීශා ආපු අලුතම සිවදාසන් මහත්මාගේ මව් දෙව්දුව ටෙලිනාට්‍යයේ රූගත කිරීමකදී, මම රූගත කිරීමේ ඉඳලා කොස්ටියුම් චේන්ජ් කරන්න ආවා.

ඊට පස්සේ පුටුව උඩ ලොකු බෑග් එකක් තිබ්බා. ඉතින් මම කාගෙද මේ බෑග් එක? බෑග් තියන්නද පුටු තියෙන්නේ? කියලා ඇහුවා…”

පසුව “ආ…… මේ මගේ බෑග් එක. මම මේක බිමින් තියන්නෙම නෑ. මේ මනුස්සයා හරිම නපුරුයි. මට එයාට තිබුණ ආසාව එතනදිම නැති වුණා. අලුතින් එන අයට සලකන් නෑ, මාත් පස්සේ වැඩිය මම ගනන් ගත්තේ නෑ” යනුවෙන් නදීශා පැවසුවා.

“ටෙලි නාට්‍යයේත් මගේ හස්බන් එක්ක යාළුවෙනවා.” යනුවෙන්ද සේමිණී ද නැවතත් පිළිතුරු දුන්නා. කෙසේ වෙතත් දැන් ඔවුන් මිතුරියන් බවයි ඔවුන් දෙදෙනා පවසන්නේ.

Check Also

ලංකාවේ ජනප්‍රිය නිළියන් මේකප් ඇතුව සහ නැතුව

නලු නිලියන්ව අප බොහෝවිට දකින්නේ මේකප් සමගිනි. එහෙත් ඔවුන් මේකප් නොමැතිව සිටින විට ඔවුන්ගේ ස්වරූපය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *