මම අන්සතු නැහැ - අන්සතු ප්‍රේමයේ පෙම්වතිය නිපුණි ගුණවර්ධන - Nonimi

මම අන්සතු නැහැ – අන්සතු ප්‍රේමයේ පෙම්වතිය නිපුණි ගුණවර්ධන

යාලුවොත් එක්ක බෙදාගන්න

අන්සතු පෙම සංගීත රූප රචනාව මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිර්මාණයක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වන ශිල්පීන් දෙපළත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා .

මෙහි රංගනයෙන් දායක වූ යුවතිය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා .ඒ ඇයගේ රංගනය අතිශය තාත්වික රංගනයක් වීම හේතුවෙන් ඇය නම් නමින් නිපුනි පූජිත ගුණවර්ධන. පසුගිය දිනක සතිඅන්ත පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම නිර්මාණය ගැන වගේම තවත් බොහෝ දේ ගැන අදහස් දක්වා තිබුණා .

ඔබ අ*නි*ය*ම් පෙමක හිමිකාරියක් වෙලාද කියලා ඇහුවම ඇය කියලා තිබුණේ “මාව දකින්න කැමති එහෙම නම් ප්‍රශ්බයක් නැහැ මොකද ඒ නිර්මාණය ඇතුළෙ මම සාර්ථක නිසා නේ ඒ ආකාරයට දකින්නේ“ කියලයි .

ඇයි මෙම නිර්මාණයට කැමති උනේ කියලා ඇහුවම ඇය සඳහන් කර තිබුණේ “මේක හරිම ස්වභාවික නිර්මාණයක්. ගීතයක් උනාට ඒ මිනිත්තු ගණන ඇතුළේ කරන්න ලොකු දෙයක් තියෙන බව වැටහුණා. මූණ ඉරියව් සහ ශරීරය චලන තුළ තමා වැඩේ සිද්ධ වුණේ“ කියලයි.

එමෙන්ම දවස් දෙකක් මෙහි රූපගත කිරීම සඳහා වැය වුණු බවත් පළමු දවසේ පුහුණුවීම් කළ බවත්, දෙවැනි දවසේ රූපගත කිරීම් කළ බවත් ඇය පවසනවා. එමෙන්ම ත්‍රිවිල් එක කැරියර් එකක දාලා ෂූට් කළ නිසා මුලින්ම බයයි හිතුණ බවත් පස්සේ ආරක්ෂිතයි කියලා තේරුම් ගත් බවත් ඇය පවසා තිබුණා.

එමෙන්ම අන්සතු ප්‍රේමය කියන අදහසට ඇයගේ එතරම් කැමැත්තක් නැති බවත් නමුත් ඒමත් නිර්මාණයට කැමති බවත් ඇය පවසනවා.

“ආදරයක් එක එක ආකාරයට දකින්න පුළුවන් අසම්මත පෙමක් කිව්වත් මෙතන තියෙන්නේ ආදරේම තමයි. කොයි තැනකවත් කුණුහරපයක් නැහැ. මේ දෙන්නගේ හැගීමට මුහුණ දෙනකොට කොච්චර අපහසුතාවකට පත් වෙනවා ද? සීමාසහිත ආදරයක් තියෙන්න පුළුවන්“ කියලා ඇය සඳහන් කර තිබුණා .

ඒ වගේම ඔබ අන්සතු කෙනෙක්ද? කියලා ඇහුවම ඇය ලබාදී තිබුණේ මෙන්න මේ වගේ පිළිතුරක්..

“මම අන්සතු නැහැ.. කා සතුත් නැහැ.. මට ඕනේ මගේ විදිහට ගමනක් යන්න“


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *