මම ඉස්සෙල්ලම යාලු වුනේ ස්කූල් බස් එකේ අයියා එක්ක’ ජනප්‍රිය නිලි නයෝමි කියන කතාව

මේ දවස්වල හැමෝම කතාවෙන ටෙලිනාට්‍යක් තමයි ‘නීල පබළු’ කියන්නේ. එකට හේතුව තමයි මේ නාට්‍ය ප්‍රධාන විලන් චරිතය වන ‘පූජා’ට නයෙක් දෂ්ට කළා. ඒ වගේම මේ ‘පූජා’ කියන චරිතයට පනපොවපු ජනප්‍රිය නිලි නයෝමි තක්ෂිලා කියලා තියෙනවා ආයේ ‘පූජා’ කියන චරිතය නීල පබළු නාට්‍යයෙන් දැකගන්න වෙන්නේ නෑ කියලා. ඉතින් කොහොම වුනත් මේ කතාවේ අවසානය මොකක් වේවිද කියලනම් අපි තවමත් දන්නේ නෑ. කොහොම වුනත් මේ පූජා කියන චරිතයට පන පෙවුවේ 2019 වසරේ ජනප්‍රියම ටෙලි තරුව ලෙස කිරුළු පැලඳී නයෝමි තක්ෂිලා විසින්, නයෝමි කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. නීල පබළු නාට්‍යයේ බටහිර පන්නයේ චරිතයකට පන දුන් නයෝමි ‘රන්තිලිවැව’ නාට්‍යයේ මුතුමැණිකා කියන ගැමි චරිතයට පන පොවමින් ලංකාවේ ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගත්තා.

නයෝමි කියන්නේ පාසල් කාලයේ ගොඩක් දඟ චරිතයක් ඉතින් ඇයගේ පාසල් කාලයේ ප්‍රේමය පිලිබඳ අපිට කිවුවේ මේවගේ කතාවක්, ” ඇත්තම කියනවනම් මගෙන් ඉස්සරවෙලාම පිරිමි ළමයෙක් යාළුවෙන්න ඇහැව්වේ පහවසරේදී ඉතින් මම බයවෙලා ගිහින් අම්මට කිවුවා. ඉතින් අපේ අම්මා ඒ ළමයාගේ අම්මට කියලා පස්සේ එයාගෙන් කරදර වුනේ නෑ. හය හත පන්තිවලට වෙද්දි මම පිරිමි ළමයි ආශ්‍රය කළේ යාළුවෝ සහෝදරයො වගේ ඊටපස්සේ මට ස්කූල් බස් එකේ අයියා කෙනෙක් පිලිබඳ හිත ගිහින් තිබ්බා එයත් මා දිහා බලනචා. පස්සේ පොඩියට සම්බන්ධයක් ඇතිවුණා. පස්සේ ඒ අයියා කැම්පස් ගියා. මමත් උසස්පෙළට වෙන පාසලකට ගියා. එහෙම්ම ඒ සම්බන්දෙත් ඉවරයි” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කල නයෝමිගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01

02

03

04

05

06

07

08

09

10

Leave a comment

Your email address will not be published.