මම හදන බටු මෝජුව කන්න තමයි හැමෝම ගොඩක් ආස – සඳනි

රංගනයට පිවිස ඉතාම කෙටි කාලයකින් තමන්ටම වෙන් වූ අනන්‍ය තාවක් ගොඩනගා ගෙන රටේ ගොඩක් ජනප්‍රිය වූ හාර කෝටිය, කෝටිපතියෝ, තුත්තිරි, ක්‍රයිම් සීන්, හිරු ඇවිදින්, වැනි ටෙලි සිත්තම් වෙතින් රූපවාහිනී තිරය ලස්සන කළ සුරූපිනිය සඳනි ප්‍රනාන්දු මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවන්නෙ අග්නි පියාපත් සමගයි. ඊට අමතරව දාන්න පහක් වැඩසටහන හරහාත් නිවේදනයට එක්වෙන සඳනි සමගයි අද අපේ කතා බහා,

ඉතින් සඳනි කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල ?

ජීවිතේ නම් ගොඩාක් හොඳින් ගෙවනවා. මේ දවස්වල රටේ පවතින තත්ත්වය එක්ක වැඩ කටයුතු සමබරව කරගෙන යනවා

‘සඳනි’ කියන චරිතය මේ ක්ෂේත්‍රයට ආවෙ වෙළඳ දැන්වීම් හරහා නේද?

ඔව් මුලදී එහෙමයි. මම මුලින්ම පෙනී හිටියෙ මන්චි සමාගමේ කොමේ කියන බිස්කට් ඇඩ් එකට. පස්සේ ගොඩක් වෙළඳ දැන්වීම් වලට දායක වුණා. රංගන ශිල්පිනියක ලෙස මේ ක්ෂේත්‍රයට ආවේ ස්වර්ණවාහිනියේ විකාශනය වූ හාර කෝටිය කියන ටෙලි ඩ්‍රාමා එකෙන්

සඳනිගෙ ආදරේ ගැනත් කියමු නේද කවදද දෙන්නා එකලාසයක් වෙන්නෙ?

ආදරේ කරන කෙනා ගොඩක් ආදරෙන් සමීපව ඉන්නවා. එකලාසයක් වෙන්න තව කල් තියෙනවා. මට තවම වයස තියෙනවා එයාටත් එහෙමයි අපි දෙන්නටම තනි තනිව කලයුතු තව වැඩ කොටසක් තියෙනවා. ඉන්පසුව විවාහයට සුදුසු කාලය ආවාම අපේ විවාහය සිදු වේවි.

ආදරය කරන කෙනා ගායකයෙක්ද දෙන්න කොහොමද හමුවුනේ?

ඔව්. එයා ගායකයෙක් මට එයාව මුලින්ම හමුවන්නෙ එයාගෙ පළමු සින්දුවේ මියුසික් වීඩියෝව කරද්දි. මට ඊට කලින් මට මියුසික් වීඩියෝවලට රඟපාන්න අවස්ථාව ලැබුණත් මම ඒවා බාර ගත්තෙ නැ. ඒත් මම මේ සිංදුවට ගොඩක් ආසා නිසා ඒක බාර ගත්තා.

මොකක්ද ඒ ආසම සින්දුව ?

ඉතින් මම ඉන්න මියුසික් වීඩියෝව නරඹලා බලන්නකෝ. එතකොට ඒ සිංදුව මොකක්ද කියලා ඔයාලට දැන ගන්න පුළුවන්නේ

සඳනිට ආදරේ දැනෙන්නෙ කොහොමද ආදරේ සුන්දරයි ද, ඇයි ඔහුට හිත ගියේ. ?

ආදරේ ඉතින් කියන තරම්ම සුන්දරම නෑ යථාර්ථය ඇතුළෙ ජීවත් වෙද්දී එහෙමයි. ඒත් තේරුම් ගැනීමත් එක්ක ආදරේ ගොඩක් ලස්සනට ගලාගෙන යනවා. හිතගියේ නම් මුලින්ම කටහඬට. ඇත්තටම ඒ හඬට ආකර්ශනය වීමක් විතරයි. පස්සේ ගතිගුණ එහෙම එක්ක අපි කතාබහ කරද්දී ඒ හඬට වඩා අමුත්තක් මම ඔහු තුලින් දුටුවා

දැනට සඳනිගෙ වෘත්තිය රඟපෑම විතරයි නේද ?

ඔව් දැනටනම් රඟපෑම විතරයි. ඉදිරියේදී එකේ යම්කිසි වෙනස්කම් සිදු වේවි. බොහෝවිට මගේම ව්‍යාපාරයක් හෝ වෘත්තියක් කරාවි.

ගෙදරදී සඳනි කටයුතු කරන විදිය ගැනත් පොඩ්ඩක් කියමු නේද ?

එහෙම කියන්න තරම් විශේෂයක් නෑ ගෙදර තියෙන හැම වැඩක්ම වගේ මම කරනවා. අම්මගෙ වැඩවලට ගොඩක් උදව් කරනවා. ඒ නිසා රසට උයන්නත් පුළුවනි. ඇත්තටම මම හදන බටු මෝජුව කන්න හැමෝම ආසයි. එයත් ආසයි, කාන්තාවක් හැටියට ගෙදර වැඩත් කරන්න ඕනනේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *