මිනිස්සු කියන විදිහටම වෙනස් වීමට ගියොත් ඔබටත් වෙන්නේ මේ ටික තමා

ජනප්‍රිය බ්ලොග්කරුවෙකු වන චෙසී කිංග් ඇගේ ඉන්ස්ටග්‍රෑම් හි අත්හදා බැලීමක් සිදු කළාය: ඇය විවිධ ඡායාරූප සහ වීඩියෝ සංස්කාරක භාවිතා කරමින් ඇයගේ පින්තූර පළ කළ අතර ඒවාට ඇගේ Followersla යොදන කමෙන්ට් මත පදනම්ව ඇගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කළාය. ඉතින් අවසාන ප්‍රතිඵලය දැක්කොත් ඔබටත් පුදුම හිතෙනවා නොඅනුමානයි

මීට වසර 5 කට පෙර, චෙසී හිස් බඩක් මත ව්‍යායාම් ශාලාවේ පැය ගණනක් ගත කළ අතර අතිශයින් අඩු බරකින් යුක්ත විය. අද චෙසී කෑමට වගේම ඇගේ ඇඟටත් ආදරෙයි.

නමුත් සෑම කෙනෙකුගේම පෙනුම විවේචනය කරන අන්තර්ජාල විවේචන වලට ඇය සැමවිටම මුහුණ දෙයි. අන්තර්ජාලයේ මෙවැනි හිරිහැරයන්ට එරෙහිව සටන් කරන සංවිධානයක් වන Cybersmile හි සහාය ඇතිව, චෙසී අත්හදා බැලීමක් සිදු කිරීමට තීරණය කරේ මේ නිසාවෙනි ඒ අනුව ඇගේ  සියලු Followersla ඇයට පවසන පරිදි  “පරිපූර්ණ” ගැහැණියක් වීමට ඇය වීමට තීරණය කළේය.

පළමුව, ඇය ඉන්ස්ටග්‍රෑම් හි ඇය යට ඇඳුමෙන් පෙනී සිටින වීඩියෝවක් පළ කළාය. අන් අය කියන දේ ගණන් නොගැනීම සතුටක් බව ඇය පැවසුවාය. ඉන් පසුව කමෙන්ට් වල සමහර අය ඇයව මහතයි  කියා කමෙන්ට් කරන්නට විය

ඉන්පසු චෙසී ඇගේ Followersla ඇයට පවසන පරිදි ඇගේ අඩුපාඩු සංස්කරණය කර  කුඩා ඉණ සහිත ඇගේ පින්තූරයක් පළ කළාය.

නමුත් චෙසීගේ “ලොකු අත්” නිසා පරිශීලකයින් එම ඡායාරූපයට කැමති වූයේ නැත. ඒ නිසා ඇය නවතත් සංස්කරණය කර සිහින් අත් සහිත ඡායාරූපයක් පළ කළාය.

මෙවර, Followersla ඇගේ විශාල කකුල්” වලට අකමැති වූ නිසා ඇය ඒවාද වෙනස් කළාය.

ඉන්පසුව  ඇගේ Followersla ඇයගේ  ඇහි බැම විවේචනය කිරීමට පටන් ගත් නිසා චෙසී ඒවාද මකා දැමීමට තීරණය කළාය.

එයිනුත් සෑහීමකට පත් නොවුණු ඇගේ . Followersla චෙසීගේ නාසය, ඇස්, හිසකෙස් සහ තට්ටම් දිගටම විවේචනය කළ අතර, එබැවින් ඇය ඔවුන්ට අවශ්‍ය පරිදි සියල්ල නිවැරදි කිරීමට උත්සාහ කළාය.

ඒ සියල්ලන්ටම  පස්සේ ඇයගේ තොල් ලොකු උනාම කට්ටිය කිව්වේ තොල් ගොඩක් ලොකුයි කියලා. ඇය කුමක් වෙනස් කළත්, ඇගේ ඉන්ස්ටග්‍රෑම් Followersla පැවසුවේ ඇය කෙසේ හෝ කැත බවයි.

මේ සියල්ලක්ම බලා සිටි ඇය අවසානයේ  සිය වීඩියෝවට අදහස් දක්වමින්, “සෑම ට්වෙිවේචනයකටම අපි අපගේ ශරීරය වෙනස් කළහොත්, සෑම මිනිසෙක් කියන පරිදි අපගේ ශරීරය වෙනස් කිරීමට ගියහොත් , නොදැනීම අපි රාක්ෂ පෙනුමක් ඇති රාක්ෂයන් වන බවයි.”

01

02

03

04

05

06

ඉතින් මේ ලෝකයේ සෑම මිනිසෙක්ම තමන්ට ආවේණික අයුරකින් ලස්සන වෙයි.යම් දෙයක් විවේචනය කිරීමේ අයිතිය ඔබ සතු වුවත් පුද්ගලයෙකුගේ පෙනුමක් විවේචනය කිරීමේදි දෙවරක් සිතා බැලීම නුවණට හුරුය.ඔබ සමාජ මාධ්‍ය වල යම් කෙනෙකුගේ ඡායාරූපයකට දාන කමෙන්ට් එකකින් පවා ඒ පුද්ගලයාට පීඩාවක් සිදු නොවීමට ඔබ වග බලාගත යුතුය.නොමැති නම් සිදුවන්නේ ඔබ නිසා තව කෙනෙක් පීඩාවකට පත් වීමක් පමණි

අන් අයට ඔනෑ අයුුරින් නොව ඔබ ඔබම වෙන්න

Leave a Reply