මුඛයෙන් එන දුර්ගන්ධය අනුව ඔබේ සෞඛ්‍යය ගැන හෙලිවන කරුණු
මුඛ දුර්ගන්ධය ඇතිවීම සනීපාරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලන් නොදැක්වීම නිසාම හටගන්නා තත්වයක් නොවන අතර එය විවිධ ප්‍රතිකාර නොකල රෝග වල ලක්ෂණ පෙන්නුම් කිරීමක් ලෙසද මතුවිය හැකියි.මුඛ දුර්ගන්ධයේ ස්වභාවය අනුව පුද්ගලයෙකුගේ සෞඛ්‍යය තත්වය ගැන කරුණු හෙලි කරගත හැකියි. මුඛ දුර්ගන්ධය ඇතිවීමට බලපාන රෝග තත්වයන් 11 ක් ගැන මෙහිදී කරුණු දැක්වෙනවා. මේ ලක්ෂණ ඔබ කෙරෙන් පහළ වන බව නිරීක්ෂණය කල හැකි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී ඔබේ සෞඛ්‍යය තත්වය පරික්ෂාකරගන්න.
#1. විදුරුමස් දියවීමේ රෝගය (periodontitis/gum disease)- දත් නරක් වූ ගන්ධය
නරක් වූ දත් ඇති විට මෙවැනි දුගඳක් හැමීම සිදුවේ. එමෙන්ම දත්මුල් ඉදිමිමේ තත්වය (gingivitis) සහ දත්මුල් දියවීයාම දත් නරක් වීම සහ මුඛ දුර්ගන්ධය ඇතිවීම කෙරෙහි බලපාන තත්වයන් වේ. දන්ත වෛද්‍යවරයෙකු මුණගැසි නරක් වූ දත ගලවා ගැනීම සිදුකරන්න.
#2. ශ්වසන රෝග පීඩා- කපුරුබෝල ගන්ධය
ආසාත්මිකතා ඇතිවීම හෝ වෙනත් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග තත්වයන් ඇතිවීමෙන් මුඛ දුර්ගන්ධය හැමිය හැකියි. ඔබේ මුඛය තුලට ඇතුල් වන බැක්ටීරියා හේතුවෙන් මෙසේ දුගඳ ඇතිවේ. රෝග ස්වභාවය සමනය වී යන විට එම බැක්ටීරියාවන් ද දුරු වී දුනඳ නැතිවී යයි. ඔබට නිදන්ගත නාසාරන්ධ්‍ර ඉදිමිමේ තත්වය (chronic sinusitis) තිබේ නම් වෛද්‍යවරයෙකු හමු වූ මේ තත්වය ගැන උපදෙස් ලබාගන්න.
#3. අම්ල ප්‍රතිවාහ හෙවත් පපුවේ දැවිල්ල- ඇඹුල් ගන්ධය
ප්‍රාශ්වාසය ඇඹුල් සුවඳකින් යුතු වේ නම් එය අම්ල ප්‍රතිවාහ (acid reflux) නම් තත්වය හා සම්බන්ධ ලක්ෂණයකි. දුගඳ පාලනය කරගැනීමට පළමුව ඔබේ ශාරිරිර පීඩාවට ප්‍රතිකාර කල යුතුයි. ආහාර රටාව නිරෝගි සමබල ආහාර රටාවකට ලෙස වෙනස් කිරීම මෙන්ම මත්පැන්, සුදුලූණු, කුළු බඩු අධිකව යෙදූ සැර ආහාර සහ කෝපි වැනි ආහාර වර්ග පරිභෝජනයෙන් බැහැර කිරීමට හැකිනම් මෙම තත්වය දුරුකරගැනීමට ඔබට පහසු වේවි.
#4. දියවැඩියාව- පලතුරු ගන්ධය
දියවැඩියා කීටොසයිඩෝසිස් (diabetes ketoacidosis) නම් බරපතල තත්වය වැලඳීමට ආසන්න පුද්ගලයෙකු තුලින් පමණක් මතු විය හැකි රෝග ලක්ෂණයකි. මෙවැනි ලක්ෂණයක් හඳුනාගත හැකි නම් වහාම අන්තරාසර්ග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමට කටයුතු කරන්න.
#5. ආමාශ පිළිකා – ලෝහමය රසයක් දැනීම සහ ගන්ධයක් වහනය වීම
H.Pylori නම් ආමාශ පිළිකා තත්වය ඇතිවිමට බලපාන බැක්ටීරියා වර්ධනය නිසා මෙවැනි දුර්ගන්ධයක් වහනය විය හැකියි.ලෝහ රසයක් දිවට දැනීම මෙන්ම නාසයට ගන්ධයක් දැනීම ආමාශ පිළිකා රෝගයේ බරපතල අවධියේදි මතුවන ලක්ෂණයක් ලෙස සැලකේ. කෙසේවෙතත්, ඇතැම් ප්‍රතිකාර සහ ඖෂධ ක්‍රම නිසාද එවැනි මුඛ දුර්ගන්ධයක් හටගත හැකියි.
#6. පෙනහළු පිළිකා- කුණු වු ගන්ධය
පෙනහළු පිළිකා ඇතුලු වෙනත් ඕනෑම පිළිකා තත්වයකදි මුඛයෙන් දුර්ගන්ධය වහනය වීම ලක්ෂණයක් වන අතර එය බොහෝ දුරට පිළුණු වූ/ නරක් වූ ගන්ධයක් ලෙස පැහැදිලි කරයි.ප්‍රාශ්වාසය අසාමාන්‍ය ලෙස මෙවැනි දුර්ගන්ධයක් හමන තත්වයකට වෙනස් වි ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කරන්න.
#7. වකුගඩු අකර්මන්‍යතා- පිලී ගන්ධය
ප්‍රාශ්වාසය සිනි ගඳ එසේත් නැතිනම් පිලී ගඳට සමාන දුර්ගන්ධයකින් යුතු බව ඔබට නිරික්ෂණය කල හැකි වී නම් එය බොහෝ දුරට ඔබේ වකුගඩු අකර්මන්‍ය වි ඇති බව හඟවන ලක්ෂණයකි. අකර්මන්‍ය වීම නිසා වකුගඩු මඟින් සිරුරෙන් බැහැර කරන විෂ අපද්‍රව්‍ය නිසි ලෙස බැහර නොවී වකුගඩු තුලම ඒවා තැන්පත් වීම නිසා මෙවැනි දුර්ගන්ධයක් පිටතට වහනය වීමට පටන්ගනියි. මෙය බරපතල තත්වයක් බැවින් වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කිරීම ඉතාම වැදගත් ය.
8#. අක්මාවේ අකර්මන්‍යතා- අප්‍රසන්න පැණිරස ගන්ධය
පැණි රස සුවඳක් ප්‍රාශ්වාසයෙන් වහනය වීමෙන් බොහෝ දුරට අදහස් වන්නේ ඔබේ අක්මාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව හෝ අකර්මන්‍ය වෙමින් පවතින බවයි.මෙහිදි මතුවන වෙනත් රෝග ලක්ෂණයක් වන්නේ සම සහ ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැයට හැරීමයි. මෙවැනි ලක්ෂණ පහළ වි ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු මුණගැසීමට කටයුතු කරන්න.
#9. ලැක්ටෝස් නොඉවසීම- ඇඹුල් කිරි ගන්ධය
ලැක්ටෝස් ප්‍රතිරෝධතාව (lactose intolerance) ඇති පුද්ගලයෙකුගේ ප්‍රාශ්වාසය ඇඹුල් වූ කිරි දුර්ගන්ධයකට සමාන විය හැකියි. ඊට හේතුව නම් පරිභෝජනය කල කිරි වල ඇති ප්‍රෝටීන ඔබේ සිරුරට ඛණ්ඩනය කල නොහැකි වීමයි. මේත් සමඟ පාචනය ඇතිවීම සහ මස් පිඬු වේදනා ඇතුලු තවත් රෝග ලක්ෂණ පහළ වීමට ඉඩ ඇත.
#10. ටොන්සිල් ගෙඩි (tonsil stones)- කිලිටි වූ ඩයපර් එකක මෙන් ගන්ධය වහනය වීම
ටොන්සිල් ස්ටෝන්ස් හෙවත් උගුරේ ටොන්සිල ආශ්‍රිතව චූර්ණීභවනය (calcification) වීමෙන් ඇතිවන කැටිති හෝ ගල් ස්වභාවය නිසා මෙවැනි ආකාරයේ මුඛ දුර්ගන්ධය වහනය වීමක් ඇතිවිය හැකියි. මෙම පීඩාකාරි ස්වභාවයෙන් පෙළෙන පුද්ගලයින් විසින් එය කිලිටි වූ ඩයපර් ඒක ගන්ධයට සමාන බව පවසති. මෙම ගල් කොටස් උගුරේ ටොන්සිල් ආශ්‍රිතව තැන්පත්වී තිබේ. ටොන්සිල් ආශ්‍රිතව වර්ධනය වි ඇති කැල්සියම් කොටස් සහ බැක්ටීරියාවන් ඉවත්කිරීමට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.
මුඛ දුර්ගන්ධය දුරු කරගැනීමට සහ දත් දිරාපත් වීම වළක්වාගැනීමට චුයින්ගම් සැපීම හොඳ විසඳුමක් කියා ඔබ සිතනවා ඇති. නමුත්, විවිධ අධ්‍යයනයන් මඟින් පැහැදිලි කරන ආකාරයට චුයින්ගම් ආහාරයට ගැනීමෙන් සිදුවන්නේ එහි ප්‍රතිවිරුද්ධ ඵලය බවයි. චුයින්ගම් වල ඩංගු සීනී මඟින් මුඛය තුල සිටින බැක්ටිරියාවන් වර්ධනය වීමට සහ ව්‍යාප්ත වීමට හිතකර පරිසරය ඇතිකරයි. මෙහිදි මුඛ දුර්ගන්ධය පමණක් තාවකාලිකව සමනය වන අතර සහමුලින්ම දුරු නොවේ. ඒ අනුව චුයින්ගම් සැපීම යනු දුගඳ ඇතිකරන බැක්ටීරියා වලට ආහාර සහ හිතකර පරිසරයක් ඇතිකරන තවත් ආකාරයක් පමණි.