මුහුණ ලස්සන කරන ජපන් සම්බාහන ක්‍රමයක් - Nonimi

මුහුණ ලස්සන කරන ජපන් සම්බාහන ක්‍රමයක්

ජපානයේ අසාහි ( Asahi ) සම්බාහනය ඉතා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක්. විශේෂයෙන්ම ඔබගේ මුහුණේ ඇති රැළි වැටිම් මෙන්ම තඩිස්සි වූ පෙනුම මගහරවා ගැනීමට මෙම ක්‍රම උපයෝගී කරගන්නවා . කවුද අකමැති සඳක් වගේ මුහුණකට .මෙම ලිපියේ සියලු පැහැදිලි කිරීම් හොඳින් වටහා ගැනීමට මෙන්ම ක්‍රියාවට නැංවීමට රූපසටහන් ආකාරයටම කළ යුතු වෙනවා .ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවක් වන Nalalia vodianova පවා මෙම ක්‍රමය සාර්ථක බව ප්‍රකාශ කරනවා .අතිශය වැදගත් දේවල් ඔබට වසා ගැටිති ආශ්‍රිත ප්‍රශ්න ,කුෂ්ඨ තුවාල , සෙම්ප්‍රතික්ෂාව, උණ තිබේ නම් නොකළ යුතුයි.

මුහුණ මෙන්ම අත් හොඳින් විෂබීජ හරණය කළ ගත යුතුයි .

සම්බාහනයේ ඝර්ෂණය අඩු කර ගැනීමට සුදුසු තෙල් හෝ ක්‍රීම් වර්ගයක් යොදා ගත යුතුයි .

ඇඟිලි තුඩු වලින් යම් බලයක් යෙදිය යුතු අතර එය වේදනාවක් දැනෙන මට්ටමට නොවිය යුතුයි ( විශේෂයෙන් වසා ගැටිති බහුල හකු හා බෙල්ල ප්‍රදේශයේ ).

සෑම දිනකම එකම වේලාවක දී කළ යුතු අතර අඩු තරමින් එක ආකාරය තුන් පාරක් කළ යුතුයි . රැලි සහිත ප්‍රශ්නකාරී පෙදෙස් සදහා 4 හෝ 5 වරක්.

මූලික පියවර

රූපයෙ පරිදි මුහුණේ දෙඅත් තබාගෙන කම්බුල් හරහා ඔබේ මුහුණේ පහලට( 2 රූපය ) ඇඟිලි තුඩු මඟින් තෙරපුමක් ලබාදෙමින් ගෙන එන්න . එසේ අඩුම තරමින් තුන් වරක් සම්භාහනය කරන්න .

දෙවන අවස්ථාව ඇස් ආශ්‍රිතව

දෑත් වල මැදඟිල්ලේ තුඩුවලින් තෙරපුමක් ලබාදෙමින් ඇස් කෙළවර සිට නාසය පෙදෙස සම්බාහනය කරන්න.

ඉන්පසු කවාකාර ඇසේ ඉහළ පිල්ලම ( Eye lid )දෙසට කරන්න. රූප සටහන් අධ්‍යයනය අත්‍යවශ්‍යයි .

නලල ආශ්‍රිත ව .

නළල මැද සිට දෙපසට Zig Zag ආකාරයට යම් තෙරපුමක් යොදමින් කරන්න .

තොල් පටවල් වටා .

1.රූපය පරිදි තොල් පටවල් වටා කරන සම්බාහනය 2 – 4 වරක් අනිවාර්යෙන්ම සිදු කළ යුතුය
2.රූපයේ නාසයට වඩා ද ඇඟිලි තුඩු මතින් තෙරපුමක් ලබා දෙමින් කරන්න.
3.රූපය අනුව නාසය සිට ඉවතට ද එම ආකාරයෙන් ම සිදු කරන්න .

නාසය ආශ්‍රිත ව .

නිකට දෙපසින් පටන්ගෙන රූප සටහනට අනුව නාසය දෙපසින් ඇස් වලට යට දාරය දක්වා සම්බාහනය කරන්න.

මුහුණ ආශ්‍රිතව.

වම් අතේ අත්ල කම්බුල් මුලට තබා තද කරමින් දකුණු අතේ ඇඟිලි තුඩු වලින් දෙන තෙරපුමක් සමග ඇස අසලට යන තෙක් සම්බාහනය කළ යුතුයි.

එම ආකාරයේ දකුණු අත දකුණු කම්මුලට තබාගෙන ද සිදු කළ යුතුයි

කොපුල් ආශ්‍රිතව

රූපයෙ පරිදි නාසය දෙපස ඇඟිලි 3ක් තබා කම්මුල දෙසට කළ යුතුයි .රූපයෙ පරිදි මුහුණ මත ඔබගේ අත්ල තබා නිකටෙහි සිට ඉහළ මෙන් දෙපස ට වාර තුනක් වත් කරන්න .

නිකට ආශ්‍රිත ව .

හිස මදක් ඉදිරියට ගෙන කලින් ආකාරයෙන් තරමක් තදින් සම්බාහනය කරන්න .

A කලාපය

මුහුණේ නිකට යටින් ඔබගේ දෑතේ මාපට ඇඟිලි තබා ගන්න . ( 1රූපය ) ඔබට දළ A අකුරක හැඩයක් ලැබෙයි. ඇඟිලි නාසය පෙදෙසට සිට කම්බුල් දක්වා තෙරපුමක් සහිත ගෙන යන්න. මුහුණේ පේශි යම් දුරකට කම්බුල් දෙසට ඇදී යන ආකාරයෙන් සිදු කරන්න .

සඵලතාවය ( Productivity )

ඔබ ඉතා මැනවින් අප දුන් උපදෙස් අනුව මුහුණ ආශිතව අසාහි ( Asahi ) ප්‍රතිකාර සිදු කරන්නේ ඔබගේ වයසට වඩා වසර දහයකට තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන් .

Leave a Reply