මේකප් නැතුව ලස්සන වෙන්න පුලුවන් රහස් ක්‍රම කිහිපයක් - Nonimi

මේකප් නැතුව ලස්සන වෙන්න පුලුවන් රහස් ක්‍රම කිහිපයක්

අපි හැම කෙනාම අපේ රූපය ලස්සන කර ගන්න කැමතියි.ඒකට නොයෙකුත් ආලේපන , ෆේස් මාස්ක් , රූපලාවණ්‍ය සත්කාර වගේ දේවල් අපි පාවිච්චි කරනවා.ඒ වගේම අපි රූපලාවණ්‍ය විශේෂඥයන් මුණගැසීමට ගිය විට ,ඔවුන් ඔවුන්ගේ සම හෝ සිරුර සඳහා භාවිතා කරන ක්‍රම වේදයන් අපි විමසනවා.අද අපි බලන්නේ අන්න ඒ වගේ අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන නමුත් අපිට සරලව කරගන්න පුළුවන් ප්‍රතිකර්ම 9 ක්.

1.සම පිරිසිදු කිරීම.

අපි මේකට නොයෙකුත් ද්‍රාවණ ආලේපන පාවිච්චි කරනවා.නමුත් විශේෂඥයන් පවසන පරිදි , ඇසිඩ් හෝ ස්ප්‍රිතු වැනි සැර ද්‍රව්‍ය වලින් සම පිරිසිදු කිරීම හානිකර වනවා.ඒ නිසා එවන් දේ වෙනුවට ක්ලෙන්සින් මිල්ක් හෝ වඩා මෘදු දෙයකින් සම පිරිසිදු කිරීමත් ටෝනර් ගැල්වීමත් කල යුතුයි.

2.ඔබ සමට කොපමණ ” ක්‍රීම් ” ගැල්විය යුතුද

 

අපි එක එක ක්‍රීම් ජාති නම් ගොඩක් ගානවා.නමුත් සන් ක්‍රීම් ,නැතිනම් සමට හිරු එළියෙන් ආරක්ෂාව ලබා දෙන ආලේපන ගල්වනවා අඩුයි නේද?මෙය ලොව ජනප්‍රිය හා ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් , නළු නිලියන්ගේද ප්‍රසිද්ධ රහසක්.ඔව් ඔවුන් දිනපතා සන් ක්‍රීම් භාවිතා කරනවා.හරි.ඉතින් මේවා කොච්චරක් ගාන්න ඕනද? ඔයා , මේස හැඳි බාගයක් ,ලේයර් දෙකක් විදියට අව්වට යන්න පැය බාගෙකට කලින් ආලේප කලා නම් ප්‍රමාණවත්.ඒ වගේම මේකෙන් ඔයාගෙ සම වයසට යාම අවම වෙනවා.

3.වියළි සම සඳහා තාප ජලය( තර්මල් වෝටර්)

 

අපගේ සමේ ඇති ප්‍රත්‍යාස්ථතාව ( ඇදෙන සුළු බව) තබා ගැනීම සඳහා චර්ම රෝග විශේෂඥයින් තර්මල් වෝටර් භාවිතා කරන්නට උපදෙස් දෙයි. ඒවායේ කැල්සියම්, තඹ, යකඩ සහ සෝඩියම් අඩංගු වෙනවා වගේම මෙම ජලය පාරජම්බුල කිරණවලින් ඔබේ සම ආරක්ෂා කරන සෙලේනියම් ඇතුළු ඛනිජ වලින් ද ඉතා පොහොසත්.

4.අඩුවෙන් වඩා හොඳයි.

ඔව්.ඔයාලගෙ ක්‍රීම් භාජන ගන්නකොට පොඩි ක්‍රීම් එකක් ගන්න.ඉක්මනින් ඉවර වෙනවා තමයි.ඒත් කාලයත් එක්කම අපිට ඒ නිශ්පාදන වල ප්‍රතිලාභ දුර්වල වන නිසා අපිට ඕන ප්‍රතිඵලය නම් ලැබන්නේ නෑ.

5.නිවැරදි ඉරියව්ව

 

ඔබේ හිස නැමීමෙන් ඔබේ රුධිරය වඩා හොඳින් ගමන් කරනවා . ඒකෙන් අතිරේක ඔක්සිජන් සමට ලබා දෙන නිසා ඔබේ සමේ දීප්තිය වැඩි කරනවා. ඔබ නිතිපතා යෝගා කරන්නේ නම්, ඔබේ ආතතීන් අඩු වේ.ඔබට යෝගා කල නොහැකි නම් ව්‍යායාම වල නිරත විය හැකියි.

6.කොට්ටා සහ ඇඳ ඇතිරිලි.

 

අපි වැඩිය හිතන්නේ නැති දෙයක්.ඒත් ඇත්තටම කපු හෝ වෙනත් රළු රෙදි වලින් අපේ හම සීරීමට වගේම රළු වීමට බලනවා.ඒ නිසා ඔයා කොට්ට උර වගේ දේවල් වලට සිල්ක් රෙදි පාවිච්චි කරන්න.එයින් සම හා රෙදි කොටස අතර ඝර්ෂණය අඩු නිසා සමට හානිවෙන්නේ නැ.ඒ වගේම මේවා පුළුවන් තරම් පිරිසිදුව පාවිච්චි කරන එකත් හොඳ පුරුද්දක්.

7.සම්පූර්ණ සත්කාර වඩාත් ඵලදායී වේ

 

 

සමේ එක් එක් කොටසට වෙන වෙනම ක්‍රීම් ගල්වනවාට වඩා සන්ස්ක්‍රීන් සහ ප්‍රතිඔක්සිකාරක වැනි දෑ උදේට ආලේප කිරීම වඩා ප්‍රතිඵල සහිත වේ. පෙප්ටයිඩ සහිත රෙටිනොයිඩ්ස් (විටමින් ඒ ක්‍රීම්) සමේ ඇති රැළි, සමේ සැහැල්ලුබව සහ අඳුරු ලප වළක්වයි. මෙම සම්පූර්ණ සත්කාරය ඕබේ සමට වඩා අලංකාරයක් ගෙන දේ.

8.සමේ ස්ථර ගැලවී යන විට.

 

 

මෙයට ඔබේ ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න. ජෙල් වර්ග භාවිතා නොකරන්න! නමුත් ඒ ක්‍රීම් වල විටමින් C සහ E , සෙරමිඩ්, කෝමාරිකා සාරය සහ හයුලූරොනික් අම්ලය ද අඩංගු විය යුතුය. මෙම ඇමයිනෝ අම්ල සහ කාබනික තෙල් මගින් (ඇප්රිකොට් ඇටයේ, ඔලිව්, අඹ, ෂියා බටර් වල මේවා අඩංගුය) ගිම්හානයේදී ඇතිවන සමේ ස්ථර ගැලවීයාමේ ප්‍රශ්නයෙන් ඔබව මුදවයි.

9.පොල් වලින් කල හැකි සත්කාර.

අපිට නම් හහුරුපුරුදු දෙයක්.ඒත් අපි පොල්කිරි ව්‍යංජනයට දැම්මට පානය කරන්නේ නම් නෑ.ඒත් විශේෂඥයන් කියන විධියට ඔබ දිනපතා පොල් කිරි පානය කලොත් සතියකින් දෙකකින් ඔයාගෙ සම දිලිසෙන පෙනුමක් ගනීවි.ඒ වගේම පොල් කිරි කියන්නේ ඉතා පෝෂ්‍ය දායී දෙයක්.ඉතින් අඩු වියදම් මේ ක්‍රමය වඩාත් ලාබදායකයි නේද?.

Leave a Reply