පියුමි ශානිකා බොතේජු කියන්නේ පුංචි තිරය හරහා අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් සොඳුරු රංගන ශිල්පිනියක්.
ඇය ජේෂ්ඨ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි මහතා සමඟ ගත් මංගල ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වුණා.
බොහෝ දෙනා මේ කෙරෙහි අවධානය යොමු කරද්දී දැන ගන්නට ලැබුණේ ඉදිරියේදී තිරගත වන්නට නියමිත නාට්‍යයක රූ ගත කිරීමක් බවයි.
කෙසේ වෙතත් පියුමි ගැන යලි කරළියේ කතාබහක් ඇතිවෙලා තියෙන මොහොතක
සැබෑ ජිවිතේ ආයෙත් වෙනසකට සුදානම් නැද්ද? කියන ප්රශ්නය විමසලා තිබ්බා.
ඒ ප්‍රශ්නයට දෙන්නේ මෙන්න මෙහෙම උත්තරයක්.
“මම මේ ගෙවන ජිවිතයට ආසයි. මගේ අම්මලා, සහෝදර සහෝදරියන්, එයාලගේ දරුවෝ හොඳම යාලුවෝ කියන මගේ වටා ඉන්න අය එක්ක මේ ගෙවන ජිවිතයට, එයාලගෙන් ලැබෙන මට ලැබෙන ආදරයට මම ලෝබයි. ඒක නැති කර ගන්න කැමැත්තක් නැහැ.”