මේ දේවල් වලින් එකක් හරි ඔබටත් කරන්න පුලුවන් නම් ඔබ විශේෂ කෙනෙක්

හැම කෙනෙක්ටම තම තමන්ට ආවේනික වුනු විශේෂ දක්ෂතා තියෙනවා. ඒ අතරින් සමහර හැකියාවන් නම් දුර්ලභයි වගෙම ඇත්තටම පුදුම සහගතයි. අපි මේ කියන්නෙ දිව නාසයේ ගෑවීම, කන් සෙලවීම, එක් ඇහිබැමක් පමනක් එසවීම වගේ දේවල්.. ඔබටත් මේ හැකියාවන් එකක් හරි තියෙනවද? එහෙනම් ඔබත් විශේෂ කෙනෙක්.

1. වෙදැඟිල්ල හුදකලා කිරීම.


බොහෝ අයගේ මැදගිල්ල සොලවන විට වෙදැගිල්ල ඒ සොලවන දෙසට නැඹුරු වෙනවා. නමුත් එසේ නැතිව වෙදැගිල්ල අනෙක් ඇගිලි දෙසට නැවීමෙන් තොරව හුදකලා කල හැකි අයත් ඉන්නවා.

2. දිවෙන් නිකට හෝ නාසය ස්පර්ශ කිරීම.


බොහෝ දෙනෙකුට තම දිව එතරම් දුරට දිගු කිරීමට නොහැකියි. නමුත් දිවෙන් නාසය හෝ නිකට ස්පර්ෂ කල හැකි අය ඉන්නවා. ලෝක ජනගහනයෙන් 10%කට වැනි පිරිසකට පමනයි මෙම හැකියාව තිබෙන්නේ.

3. පාද ප්‍රතිවිරුද්ධ දිශාවට කරකැවීම.


මේක පරීක්ෂණයක්. ඔබේ දකුණු පාදය පොලවෙන් ඉහලට ඔසවලා වාමාවර්ත දිශාවට එය කරකවන්න. දැන් එම පාදයේ ලොකු ඇඟිල්ල භාවිතා කරලා හිස් අවකාශයේ අංක 6 ලියන්න උත්සාහ කරන්න.
බලන්න ඔබටත් පුලුවන්ද කියලා. බොහෝ දෙනෙක්ට එය කල නොහැකියි.

4. නාසය චලනය කිරීම.


මේකත් කලාතුරකින් පිහිටන හැකියාවක්. නමුත් ඔබට උත්සාහ කලොත් මේ හැකියාව වර්ධනය කර ගන්න පුලුවන්. Bewitched හිදී Elizabeth Montgomery මේ ආකාරයට මුඛය භාවිතා කරමින් නාසය සෙලවීම සිදු කරනවා.

5. දිව උඩට නැවීම.


බොහෝ දෙනෙක්ට දිව ඉහලට නවන විට අහම්බෙන් මුඛයෙන් කෙල ඉවතට විසික් වෙනවා. පැඟිරි කුලයේ ආහාර ගැනීමේදීද මෙම තත්වය සාමාන්‍යයෙන් ඇති වෙනවා. නමුත් එසේ කෙල ඉවතට වීසි නොවන ආකාරයට ඔබට දිව ඉහලට නැවීමට පුලුවන් නම් ඒ හැකියාව විශේෂයි.

6. ඇස් විවර කරගෙන කිඹුහුන් යැවීම.


Cranial nerves නාසය සහ ඇස් සම්බන්ධ කරනවා. මේ නිසා කිවිසුමක් යවන විට ස්වයංක්‍රීයව ඔබේ ඇස් වැසී යනවා. නමුත් කිවිසුමක් යවන විට ඔබට ඔබේ ඇස් විවෘත කරගෙන සිටීමට හැකි නම් ඇත්තෙන්ම එය විශේෂ හැකියාවක්..

7. දිව හැකිලීම.


දිව අර්ධ වශයෙන් රෝල් කිරීම ඇතැම් අයට කල හැකි වුනත් ඉහත රූප සටහනේ තිබෙන පරිදි දිව තුන් වරක් පමන නැවීම නම් ඉතාම සීමිත පිරිසකට පමනයි සිදු කරන්න පුලුවන්. ඉතින් ඒවගේ හැකියාවක් තියෙනවා නම් ඔබ ඉතාම විශේෂ කෙනෙක්.

8. ඔබ ඔබවම කිතිකවා ගැනීම.


බොහෝ දෙනෙකුට තමන්ට තමන්ම කිතිකවා ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. මෙහිදී ඔබ පිහාටුවකින් ඔබ ඔබේම යටි පතුල් කිතිකවා ගැනීමට සිතුවා යැයි සිතන්න.. එවිට ඔබේ මොළය කිතිකැවීම සම්බන්ද චිත්තවේගී හැඟීම් ඇති කරන සංවේදීතාවයන් මතු කරන අතර ඔබට බලපෑම් කිරීමට පෙර එය පාලනය කරනවා. නමුත් සමහර අයට එම හැගීම් පරාද කර තමන්ටම කිතිකවා ගැනීමට හැකියාව තියෙනවා.

9. ඔබේ මහපට ඇගිල්ල පිටි අල්ල දෙසට හැරවීම.


ඇතැම් අයට Hitchhiker’s Thumb යනුවෙන් හදුන්වන ද්විත්ව එකට බැදුනු මහපට ඇගිලි පිහිටනවා. එවැනි පුද්ගලයන්ට කිසිදු වේදනාවකින් හෝ අපහසුවකින් තොරව තම මහපට ඇගිල්ල පිටි අල්ල දෙසට වගෙම වෙනත් ඕනෑම අතකට නැමිය හැකියි. දුර්වල සන්ධි පිහිටීම නිසා තමයි මෙම තත්වය ඇති වෙන්නේ.

ඔයාටත් මෙතනින් එකක් හරි කරන්න පුලුවන්නම් කරන්න පුලුවන් මොකද්ද කියලා පහළින් කමෙන්ට් කරගෙනත් යන්න

Leave a comment

Your email address will not be published.