මේ සියල්ලටම තියෙන අරුම පුදුම පිළිතුර මෙන්න

ගොඩක් මොලේ තියෙන්නේ ගෑනූන්ටද? පිරිමින්ටද? ඔයාගේ උත්තරේ මොකක්ද? ඔයා පිරිමි කෙනෙක්නම් ඔයා කියයි පිරිමි කියලා. ගෑනූ කෙනෙක්නම් කියයි ගෑණූ කියලා. ඒත් හරි උත්තරේ තමා පිරිමි.

එහෙම කියන්නේ මම නෙමෙයි විද්‍යාඥයෝ. සාමාන්‍යෙන් බුද්ධි මට්ටම මැනීම සදහා IQ නමැති ඒකකයක් භාවිතා කරනවා.. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහටනම් මෙම IQ අගය ගැහැණුන්ට වඩා පිරිමින්ගේ වැඩියි. එක් එක් රටවල් හා එක් එක් වයස් කාණ්ඩ ගත් කල මෙම අගයන් සුළු සුළු වශයෙන් වෙනස් වුනත් සමස්ථයක් ලෙස ගත් කල පිරිමි අයගේ IQ අගය වැඩි බවයි පර්යේෂකයින් පවසන්නේ.

එතකොට ගණන් වලට වඩා දක්ෂ කවුරුන්ද? ඒකට ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ගොඩක් ඉන්නේ ඉන්ජිනේරුවරුද? ඉංජිනේරූවරියොද? ගොඩක් ඉන්නේ විද්‍යාඥයොද , විද්‍යාඥවරියොද? මම හිතන්නේ මෙතන උත්තරේ තියෙනවා. ගණන් වලට දක්ෂයොත් පිරිමි තමා. විශේෂයෙන්ම ගණිත හා විද්‍යා අංශන්ට අදාලව රැකියා ගොඩක් කරන්නේ පිරිමි.

ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව පිරිමින්ගේ මොළයේ ගණිතමය හා අවකාෂයට අදාල ප්‍රදේශය ගැහැණුන්ට වඩා විශාලයි.

ඒක නිසා උපතින්ම කොල්ලන් ගණන් වලට දක්ෂයි. මේකට හේතුව පරිණාමවාදයේ කේස් එකක් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ කියන්නේ ඒ කාලේ ගෑනූ උදවිය ගෙදර උයන් පිහන් ඉද්දි හෙල්ලකුත් අරන් සත්තු පස්සෙ පැන්නුවේ පිරිමියා. ඉතින් මේකට පිරිමියට ඉලක්කය මග නොඇර ගල් මුල් වලවල් උඩින් පැන පැන දුවන්න වුනා. ඒක නිසා කාලයත් එක්කම මේ අයගේ ගණිතමය හා අවකාශමය පෙදෙස වර්ධනය වුනා. මේක එක හේතුවක් විතරයි. තව හේතු තියෙනවා.

ඒකනේ වාහන එලවන්නත් ගෑනූන්ට වඩා පිරිමින් දක්ෂ. මොකද පිරිමින්ගේ ගණිතමය හා අවකාශය පෙදෙස වර්ධනය වෙලා වැඩි නිසා. සමහර විට මේ ලිපිය කියවන ඔයා O/L කරන කෙනෙක්නම් පොඩි ගැටළුවක් එන්න තියෙනවා. අපේ පන්තියේ ගණන් වලට වැඩිය ලකුණු ගන්නෙ කෙල්ලෙක්නේ කියලා.(ඇතැම් විට) ඒත් ඒකට උත්තරෙත් හරිම සරළයි. ගොඩක් පාඩම් කරන්නේ කොල්ලොද කෙල්ලොද? කෙල්ලො පොතක් අරන් පාඩම් කරද්දි ටීචර් කියලා දෙන පාඩමක් හරියට අහන් ඉද්දි කොල්ලො මොකෝ කරන්නේ.

මොකක් හරි පිස්සු වැඩක්නේ..( ගොඩක් අය) ඒත් කොල්ලෙක් හරියට ගණන් වලට උනන්දු වෙලා වැඩකලොත් කෙල්ලන්ගේ අතේ තියෙන ගණන් චැම්පියන්ෂිප් එක හොල්ලන එක ලොකු දෙයක් නෙමෙයි. අනික් එක නිකමට ගිහින් බලන්න ඒලෙවල් මැත්ස් වලට රිසල්ට් තියෙන්නේ කොල්ලන්ටද , කෙල්ලන්ටද කියලා. දැන් ඉතින් මේක කියවලා කොල්ලො උඩපනින්න එපා. මොකද උබලා මැත්ස් සයන්ස් පැත්තෙන් ඉස්සරහෙන් හිටියට භාෂාව හා කථනම පැත්ත බැලුවොත් ඉස්සරහින් ඉන්නෙ කෙල්ලො. ඒකෙනේ කෙල්ලොත් එක්ක කතාකරලා දිනන්න බැරි.

ඒකට හේතුව තමයි කෙල්ලන්ගේ භාෂාව හා කථනමය පෙදෙස කොල්ලන්ට වඩා වර්ධනය වෙලා වැඩියි. ඉස්කෝල වල ලකුණු බැලුවත් ලැංවේජ් වලට ලකුණු වැඩි කෙල්ලන්ටනේ. ඒක ගැහැණුන්ට පරිණාමවාදයෙන් උරුම වුන චාන්ස් එකක්. ඒක නිසා කොල්ලනේ උබලා ලැංවේජ් පැත්තෙන් කෙල්ලන්ව පහු කරනවා කියන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. මොනවා වුනත් බැදපු අයටනම් මේ ගැන හොද අත්දැකීම් ඇති. කාන්තාවකගේ භාෂාව හා කථනමය පෙදෙසේ වර්ධනය ගෙන බැදපු මනුස්සයෙකුටනම් අමුතුවෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඕනේ නෑ.

මොනවා වුනත් මල්ටිටාස්කින්ග් හැකියාව අතින් ගත්තොත්නම් කාන්තාව ඉන්නෙ ඉස්සරහින්. මල්ටිටාස්කින්ග් හැකියාව කියන්නේ වැඩකීපයක් එකවර කිරීමේ හැකියාව. කාන්තාවකට පුළුවන් උයන ගමන්, “කොරෝනා” ගැන නිව්ස් එකක් අහන් පොඩිළමයෙකුත් බලාගන්න.
ඒ වැඩේම පිරිමිකෙනෙක්ට දුන්නොත් වැඩටික ඔක්කොම අනාගන්නවා ලස්සනට, එහෙනම් පිරිමියා උයන්නෙත් නෑ, නිව්ස් එක හරියට අහගන්නෙත් නෑ, ළමයා හරියට බලාගන්නෙත් නෑ.

මේ හැකියාවත් කාන්තාවන්ට ලැබිලා තියෙන්නෙ පරිණාමවාදයේ කේස් එකක් නිසා.

මොකද ස්වාමීයා දඩයමේ ගියාට පස්සේ ගෙදර දොර වැඩකරන ගමන් දරුවන් බලාගන්නත් එමෙන්ම නිවස ආසන්නයට එන වනසතුන් පිළිබදව අවධානයෙන් සිටීමටත් ඇයට සිදුවුනා. එම නිසා කාලයත් සමග ඇයගේ මල්ටිටාස්කින්ග් හැකියාව වර්ධනය වුනා.

මෙම ලිපියෙන් දැක්වුයේ ලෝකයේ සාමන්‍ය තත්ත්වය බවකරුණාවෙන් සලකන්න. මොකද ලෝකයේ විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය දෙපාරක් දිනාගත්තෙ කාන්තාවක් බව අමතක කරන්න එපා. ( මාරී කියුරි) ඇයගේ IQ අගය ඉතාමත්ම වැඩියි. ඒ වගේම මල්ටිටාස්කින්ග් පුළුවන් ගෑණුන්ට විතරකුත් නෙමෙයි. එම නිසා අනවශ්‍ය අයුරින් කලබල වීමට කිසම කරුණක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *