ඹබත් වාහන පදවන පුද්ගලයෙක්නම් මේ දේවල් 12 ගැන දැනගෙන ඉන්න එක වැදගත් වේවී - Nonimi

ඹබත් වාහන පදවන පුද්ගලයෙක්නම් මේ දේවල් 12 ගැන දැනගෙන ඉන්න එක වැදගත් වේවී

කාරයක් ළග තබා ගැනීම එතරම් පහසු දෙයක් නොවන බව පළපුරුදු රියැදුරෝ දනිති . හැම විටෙක ම සුළු සුළු ගැටලුරාශියක් විසදාගැන්මට සිදු වේ .ඔබ්ගේ ප්‍රියතම වාහනයේ ආරක්ෂාව තකා ඔබ ත් මේ පිළිබදව අවබෝධයක් ලබා සිටීම වැදගත් වේ.ආධුනිකයන් ට මෙන්ම වෘත්තිකයන්ට ද වැදගත් වන හෝඩුවාවල් කිහිපයක් මෙන්න.

1) කාරයට සුපිරි වාතාශ්‍රයක් ලබා දීම.

වාහනයේ දොරක් විවෘත කර ඉදිරිපස ජනේල යක් ද විවෘත කරන්න .ඊට පසු ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති දොර විවෘත කර වසා දමන්න .මෙමගින් ක්ෂණිකව කාරය සිසිල් වන අතර , අප්‍රසන්න දුගදින් ද ඔබව පහසු වෙන් වළක්වාලයි.

2) වායුවේ ( gas ) ගුණාත්මක භාවය පිරික්සීම.

ගෑස් බින්දුවක් සුදු කඩදාසියක් මත හෙළන්න .ඉන්පසු එය වාෂ්ප වී යන තෙක් සිටින්න .කඩදාසිය මුළුමනින්ම සුදු පැහැයෙන් තිබුණේ නම් , එයින් අදහස් වන්නේ ගෑස් ගුණාත්මක බවින් හොද බව යි.ග්‍රීස් බදු ලපයක් දක්නට ලැබුණි නම් එයින් කියවෙන්නේ වායුවේ භූමිතෙල් අඩංගු බවයි .

ගෑස් බින්දුවක් වීදුරු මතුපිටක් මත තබා එයට ගිනි අවුළුවා දැවුණාට පසු රවුම් ලප පිරික්සන්න .සුදු පාට නම් එම වායුවේ මණ්ඩි නැත .දුඹුරු පැහැය නම් එතැන මණ්ඩි අධික ලෙස ඇති අතර එමගින් තදබල ලෙස එන්ජිමට හානි ඇති කරයි .

විනිවිද පෙනෙන ජෝගුවක් වැනි බදුනකට ගෑස් ස්වල්පයක් දමන්න .මැංගනීස් ද්‍රාවණයෙන් ටිකක් ඊට එකතු කර ,හොදින් සොලවා වර්ණය පිරික්සන්න .මැංගනීස් ස්ඵටික දියවී වායුව දම් පැහැය ට හෝ ලා රෝස පැහැය ට හෝ හැරුණි නම් ඉන් අදහස් වන්නේ එයට ජලය එකතු කර ඇති බවයි .

3) තෙල් වල ගුණාත්මක බව මැනීම .

මේ සදහා විශේෂ ක්‍රමයක් ඇත .එන්ජිම විනාඩි 10 – 15 පමණ දක්වා රත් කර ,ක්‍රියා විරහිත කරන්න .බොනට්ටුව ඔසවා කඩදාසි කැබැල්ල ක් මතට තෙල් බින්දු 2 ක් දමන්න .පරිස්සමෙන් එය උණුසුම් තැනක පැය 2 ක් පමණ තබා වියළී යන තෙක් බලා සිටින්න .අනතුරුව ප්‍රතිඵලය බලන්න .

එහි ඇති රවුම් ලපයේ වටය මෘදු නම් එම තෙල් වල ජලය නො මැති අතර එය හොද බව යි ඉන් කියැවෙන්නේ .

එහි මැද අදුරු සහ අළු පැහැති නම් , එය ඉතා අපිරිසිදු තෙල් වන අතර , එය මාරු කිරීමේ කාලය පැමිණ තිබේ .

කුඩා ලෝහ කැබලි කඩදාසි ය මත දක්නට ලැබුණි නම් , කාරයේ අභ්‍යන්තර කොටස් හානියට පත්වී ඇති බව ඉන් අගවයි.ඔබ භාවිත කරන්නේ බාල තෙල් ය.

ලා අළු පැහැති හෝ දුඹුරු පැහැති රවුම් කියාපාන්නේ දිය නොවන අංශු තෙල් වල අඩංගු බව යි.තෙල් මාරු කිරීම කළ යුතුය .

4) කාරය ගාල් කිරීමට ටෙනිස් බෝලය පිහිට වෙයි .

කෙටි කාලයක් වාහන පදවන පළපුරුදු අඩු අයට මෙම උපක්‍රමය විශේෂ යෙන් උදව්වේ.ගරාජයේ බිත්ති සීමාව ආසන්න යෙන් ටෙනිස් බෝලයක් එල්ලා තබන්න .ඔබ වාහනය ගරාජයේ ගාල් කිරීමට යාමේදී ටෙනිස් බෝලය බිත්තියේ සීමාව ඔබට පෙන්වා දෙයි.ඔබට වාහනයේ ප්‍රමාණය තීරණය කිරීමට වඩාත් පහසු වන බැවින් , අනවශ්‍ය ලෙස ගරාජය තුළ ඉදිරියට යාමක් සිදු නොවේ

5) වැඩිදියුණු කළ කෝප්ප රදවනය.

කෝප්ප රදවනයේ පතුළට කුඩා සිලිකන් කෝප්ප කේක් (cup cake ) ආවරණය ක් දමන්න .මෙමඟින් වැදගැම්මකට නැති කුණු කසළ එතුළ රැදෙන අතර , කෝප්ප රදවනය පිරිසිදු කිරීම වඩාත් පහසු වේ.

6) රථය පදවමින් සිටියදී නිදිමතක් දැනුනොත් ?

 

සමහර ඇඹුල් රසැති පළතුරු කෝපි කෝප්ප යක් මෙන් ක්‍රියා කරයි .වාහනය පදවාගෙන යන අතරේ ඔබට නිදිමත ගතියක් දැනුනොත් ලෙමන් කැබැල්ල ක් ඔබේ දිව යට තබා ගන්න .එය ඉතා ඉක්මණින් ම ඔබව අවදි කරවනු ඇත .නමුත් ඔබ වෙහෙස වී සිටින අවස්ථාවක වාහන පැදවීම අපි නිර්දේශ නො කරමු .

7) කදිම කණ්ණාඩි රදවනයක් !

තම කණ්ණාඩි කුට්ටම කාරයේ තැබිය යුත්තේ කොතැනද යන්න නො දන්නා අයට මෙය ඇත්‍ත වශයෙන්ම ප්‍රයොජනවන් වේ .ඒවා හිරු ආවරණයේ ( sun visor ) රදවන්න.සමතල නොවන මාර්ගය ක ධාවනය කරන විට හෝ ඒවා නොවැටී තිබෙන බවට ඔබට විශ්වාස යක් ඇති වේ .එලෙසින්ම රථය ගාල් කිරීමේ දී දෙන ලබන ටිකෙට් පත වුවද ඒ තුළ බහාලීමෙන් සුරක්ෂිතව තබා ගත හැකිය .

8) මෝටර් රථ භීතිකාව ( car sickness ) නැති කිරීමට නම් ?

ඔබට මහා මාර්ගයේ බොහෝ දුර ඉදිරියට යා මට ඇත්නම් සහ ඔබට වාහන භීතිකාව ( car sickness ) සෑදේ යයි කණස්සල්ලට පත් වන්නේ නම් , දවුල් කුරුදු කොළයක් ( a bay leaf ) ඔබේ දිව යට තබා ගන්න .එහි විශේෂ රසායනික අඩංගු වන අතර ඒවා ඔබේ උදරය සහ ස්නායු පද්ධතිය සැහැල්ලුවෙන් තබා ගැනීමට ඉවහල් වනු ඇත .

9) තද සූර්‍යාලෝකයෙන් බේරෙන්න .

ගුවන් නියමුවෝ හැමවිටම මෙම උපක්‍රමය යොදති.හිරු එළියෙන් ඔබේ ඇස්වලට බාධාවන් නොවන පිණිස ඇක්‍රලික් ( acrylic paper ) පත්‍රය ක් ( x කිරණ කොළයක් වැනි ) ඉදිරිපස වීදුරු වේ (winshield) අලවන්න.ස්ථිති විද්‍යුතය නිසා එය වීදුරුවේ පහසු වෙන් ඇලවේ.එමගින් ඔබේ දෑස් පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරයි.

10) කෙටි වෙලාවකට ඔබේ වාහනය නතර කර යාමට සිදු වුවොත්.?

 

දැඩි හිරු රශ්මිය සහිත ස්ථානයක ඔබේ කාරය ගාල් කර ඇති විටෙක ඉතා ඉක්මණින් එහි සුක්කානම අතින් ඇල්ලීමට නො හැකි තරමට තදින් රත්වනු ඇත .මෙය වළක්වා ලීමට , ඔබ කාරයෙන් බැස යාමට පෙර සුක්කානම අංශක 180 කින් හරවා තබන්න .

11) ඉදිරිපස වීදුරුවේ පිපුරුම් නැවැත්වීම සදහා පිරිසිදු නිය ආලේපන අගෙයි.

 

ඔබේ කාරයේ ඉදිරිපස වීදුරුවේ ගල් කැබැල්ල ක් වැදීමෙන් ගැඹුරු පිපුරුම් සලකුණක් ඇති වුවහොත් කල් යාමේදී එය විශාල විය හැකිය .එම පිපුරුම් මකා දැමීම සදහා පිරිසිදු නිය ආලේපන යක් (clear nail polish ) භාවිතා කළ හැකිය .නිය ආලේපනයෙන් ස්වල්පයක් ගෙන ඒ පිපුරුම් මත තට්ටු 2 ක් හෝ 3 ක් වන සේ තවරන්න.පිපුරුම තවදුරටත් විශාල නොවී නතර වී යයි.

12) කාරයේ බදේ සීරීමක් නිය ආලේපනයෙන් සහමුලින්ම සගවා තැබේ.

 

කාරයේ වර්ණයට ගැලපෙන නිය ආලේපනය තෝරා ගෙන සීරීම සිදු වූ ස්ථානයේ එයින් ස්වල්පයක් ගල්වන්න. නිය ආලේපනය වේලී ගිය පසු , එම සීරීම් සලකුණ මදක් ඔප දැමූවිට සුමට වී යනු ඇත .

Leave a Reply