යමක් තුරුල් කරගෙන නිදාගැනීමෙන් ඔබට අත්වෙන වාසි 5ක්

 

අපි ගොඩක් දෙනා පුරුද්දක් විදියට කොට්ටයක් හෝ සෙල්ලම් බඩුවක් තුරුලු කරන් නැත්නම් වැළඳ ගෙන නිදාගන්න හුරු වෙලා ඉන්නවා.සමහර වෙලාවට මේක අපේ කුඩාකාලෙ ඉඳන් තියෙන පුරුද්දක් වගේම ඒක නැතුව නිදියන්න බැරි තරම්. අපි බලමු ඒකේ වාසි මොනාද කියලා.

1.එය ඔබේ නින්දේදී ඇතිවන ශ්වසන අපහසුතා වගේම නින්දෙන් ගෙරවීම වගේ දේවල් අවම කරනවා.

නින්දෙදි අපේ හුස්ම ගැනීම ක්‍රමානුකූල වෙන්න ඕන.කඩින් කඩ ඇහැරිලා පසුවදා උදේ වෙනකොට ඔබට නිදාගත්තේ නෑ වගේ මුළු දවසම වෙහෙසයි.පුරුද්දක් වශයෙන් දිගු කොට්ටයක් වැනි යමක්වැ ළඳගැනීම මගින් මෙම අපහසුතා අවම වන බව සොයාගෙන තියෙනවා.එයට සාමාන්‍ය කොට්ටයක් උවත් කමක්නැහැ.

2. ඔබ ට නිදියහනේ තනිකම නොදැනේ.

සුරතල් සාවෙකු වැනි සෙල්ලම් බඩුවක් වැළඳගෙන නිදා ගැනීමට පුරුදු වූ අයෙක් වරක් ප්‍රකාශ කර තිබුනා, “මට මාව කෙනෙක් වැළඳ ගෙන ඉන්නවා වගේ උණුසුම් හැඟීමක් දැනෙනවා ” කියල.අපි හැමෝම ඉතින් එහෙම පුරුද්දක් තියෙන අය නෙමේ.ඒත් ඒක අපට පහසුවක් දනවනවා.

3. ඔබ බැදීම් පිළිබඳව සැලකිලිමත් අයෙක්.

 

අපි නින්දේදී යමක් වැළඳ ගන්නේ අපි සබඳතා ගැන සිතන හෝ ඒවා අවශ්‍ය නිසයි..මෙවන් අය අනුන්ට උදව් කිරීමට කැමති සුහදශීලී අයයි.

4. ඔබ කාලාන්තරයක් තිස්සේ මේ පුරුද්ද සහිත නම්. එය ඔබේ මුළු ජීවිතයේම සාමාන්‍ය පුරුද්දක් බවටපත් වී අවසන්.

5. ඔබට සාංකාව වැනි තත්ව දැනීම අවම වේ.

අපේ සිතට සාංකාව ආවම නිදාගැනීම අපහසුයි.නමුත් යමක් වැළඳ ගත් විට අපේ සිතට පහසුවක් මෙන්ම ඔබේ යහනද සුවපහසු කරනු නොඅනුමානයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *