රූපයේ සිටින සත්වයා ඔබට ලබාදෙන පණිවිඩය

අධ්‍යාත්මික සත්වයා ‘ කියලා පැවසු විට ඔබට තරමක් බරපතල වචනයක් වගේ හිතෙන්න ඇති.මේ මොකක්ද මේ කියන්නේ කියලා හිතට කුතුහලයක් දැනෙන්න ඇති.එහෙම නේද?ඒත් ඇත්තටම එයින් කියන්නේ මේකයි.අතීත ඇමෙරිකානු ඉන්දියාවන්ගේ සංස්කෘතිය තුල සතුන්ට හිමි වෙලා තියෙන්නේ වැදගත් ස්ථානයක්.ඔවුන් සමඟ ජීවත් වුණා පමණක් නොවේ,ඔවුන්ගේ මග පෙන්වන්නන් ,ආරක්ෂකයින් ලෙසත් සැලකුවේ ඔවුන් සතුන්වයි.අපි සත්වයන්ව තෝරාගන්නවා නොවේ ඉරණම අනුව සත්වයනුයි ඔවුන්ගේ ආත්මයි අපිව තෝරාගන්නේ කියලයි එයාලා විශ්වාස කළේ.

ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතයේදී උසස් ලෙස ඔවුන් සතුන්ව සැලකුවා.මෙන්න මේ විදිහට අතීතයේ සිටම සතුන් අපේ ජීවිත වලට සමීප ජීවී කොටසක් බවට පත් වෙනවා.මෙන්න මෙහෙම අපි අපේ ජීවිතයට සමීප කර ගන්නා සතුන්ට පුළුවන් සමහර වෙලාවට අපේ ජීවිතයේ යම් යම් ගුණාංග තීරණය කරන්න.ඉතින් රුපයේ දැක්වෙන සතුන් අතුරින් ඔබේ සිත්ගන්නා සත්වයාව තෝරාගන්න.ඊට අදාල අංකය අනුව ගොස් ඔබේ ජීවිතයට ආත්මය වෙත ගෙන එන පණිවිඩය කුමක්දැයි කියා සොයාගන්න.

1.ඩොල්ෆින්


ඔබේ තේරීම වන්නේ ඩොල්ෆින් නම් ඔබේ අධ්‍යාත්මික සත්වයා වන මෙම සත්වයාගෙන් ඔබට ලබා දෙන පණිවිඩය වන්නේ ජීවිතයේ සතුට සමගිය රැක ගන්නේ කෙසේද කියාය.හුස්ම ගැනීමට කියා දෙයි.මිය යාම ප්‍රතික්ෂේප කරයි.ජීවිතයේ හමුවෙන විවිධ දුෂ්කරතා හමුවේ නොසැලී සතුටින් සමගියෙන් වගේම අවිනිශ්චිතතාවය හැර දා බාධක ජය ගත යුතු බව ඔබේ ජීවිතයට ලබා දෙනඅවවාදයයි.උපදෙසයි.ඉතින් ඔබත් ජීවිතයට සතුට, සාමය, සැහැල්ලුව ,නිදහස ලඟා කර ගැනීමට උත්සහ කරන්න.

2.අලියා


ඔබේ තේරීම ‘අලියා’ නම් ඔබට උගන්වන්නේ ජීවිතයේ ඕනෑම අවස්ථාවක සන්සුන්ව ඉවසීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කමයි. පෞරාණික සත්වයෙක් වෙන අලියා ප්‍රඥාවේ ,බලයේ ශක්තියේ උල්පතකි.එසේම අලි ඇතුන් දශක ගණනාවකට පසුව පවා තම කෝපය සිහිපත් කර පළි ගනී.ඉතින් රාජකීය සම්ප්‍රදායයන් වලද සුවිශේෂී සත්වයෙකු වෙන අලියා විසින් ඔබේ ජීවිතයට ශක්තිය,බලය,ඉවසීම ප්‍රඥාව ආදී බලවත් ගුණාංග රැසකම ඇති වටිනාකමේ පණිවිඩය ගෙන එයි.එනිසා බුද්ධිමත්ව ඉවසීමෙන් ජීවිතය තම ශක්තියෙන් ජය ගන්න උත්සහ කරන්න.

3.හමින් බර්ඩ්ස් (Hummingbirds)


මෙම පක්ෂීන් මගින් ඔබ වෙත ගෙන පණිවිඩය, ඔබේ ආත්මයට දෙන උපදේශය වන්නේ ජීවිතයේ ඕනෑම අවස්ථාවකට අනුකුලව හැඩගැසී අභියෝග බාධක ජය ගත යුතු බවයි.ජීවිතය සතුටින් විඳිය යුතු බවයි.එසේම අනතුරු,බාධක ගැන විමසිල්ලෙන් සිට ඒවා මග හැර ජය ගෙන ජීවිතය සතුටින් ගෙවන්න,ආදරය බෙදාහරින්න.එවිට ඔබේ ජීවිතය තවත් සුන්දර වේවි.

4.වෘකයා


වෘකයා නම් ඔබේ අධ්‍යාත්මික සත්වයා ලෙස ඔබ තෝරා ගත්තේ, ඔබේ ආත්මය වෙත ලබා දෙන පණිවිඩය වෙන්නේ තම පවුල,තම ආදරණියයන් වෙත වගේම ඔබේම අනුගාමිකයන්ටත් විශ්වාසවන්ත වන්නට ඔබට හැකි බවයි.විශ්වාසය ඔබේ ජීවිතයේ ප්‍රථම රාජකාරියයි.ඔබේ පිරිස ආරක්ෂා කිරීමට ඔබ කැප වෙයි.ඔබ වෙත ඔවුන් තැබූ විස්වාසය ඔබ රකියි.අන්‍යන්ට ඉගැන්වීමට,ඔවුන්ගේ දියුණුව සලසා ගැනීමට වගේම ජීවිතය තේරුම් ගැනීමට උපකාර කරන්නට අවශ්‍ය ශක්තිය ඔබට ඇත.එනිසා ඔබේ ශක්තිය භාවිතයෙන් ලෝකයට යහපතක් කරන්න ඔබත් සිතට ගන්න.

5.කෝලා


මෙම සත්වයාගෙන් ඔබේ ජීවිතයට ,ආත්මයට ලබා දෙන පණිවිඩය වෙන්නේ මිත්‍රශීලි බවයි.සන්සුන් බවයි.ඒ කියන්නේ ඔබට ගොඩාක් සන්සුන් මනසක් තියෙනවා.ඒ වගේම තමයි ඔබට පුළුවන් ඕනෑම කෙනෙක් සමඟ ඉක්මණින් මිතුරු වෙන්න.ඔබ ගොඩාක් මිත්‍රශිලියි.එසේම බුද්ධිමත්.ඕනෑම අවස්ථාවකට සන්සුන්ව ,බුද්ධිමත්ව මුහුණ දී ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට ඔබත් අද සිටම හුරු වෙන්න.

6.අශ්වයා


අශ්වයාගෙන් ඔබේ ජීවිතයට ලබා දෙන පණිවිඩය වෙන්නේ ඔබට ගෞරව ලබන්නට ඕනෑ නම් ඒ වෙනුවෙන් කැප වෙන්න,මහන්සි වෙන්න ඕනෑ බවයි.බලය ශක්තිය ඔබට ලැබෙන්නේ ඔබේ උත්සාහයේ කැපවීමේ තරමටයි.එසේම ආදරණිය බව,බුද්ධිමත් බව,ජයග්‍රහණය හඹා යාම ඔබේ ගති ලක්ෂණ වේ.එනිසා උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කර කැප වීමෙන් හෙලන දහදියෙන් ඔබේ ගෞරවය නිර්මාණය කර ගන්න.වගකීම් දරන්න හුරු වෙන්න.අන්‍යන්ට ආදරණිය වෙන්න.ජීවිතය ජය ගන්න ඔබත් අදිටන් කරගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *