රූපය ඇසුරෙන් ඔබ වැඩියෙන්ම බිය වෙනදේ මෙන්න

අප ලෝකය දෙස බලන්නේ ජීවිතයේ අප ලබා ඇති අත්දැකීම්,අපේ චරිත ලක්ෂණ හා පෞරුෂ්‍යත්ව ගුණාංගයන්ට අනුව.අප යමක් තේරුම් ගන්නේ අපේ දැක්මට අනුව.ඉතින් රූපයක් දෙස බලන විට එම රූපයේ ඔබ පළමුවෙන්ම දකින දෙය,රූපයේ ඔබේ අවදානය පළමුවෙන්ම යොමු වෙන පසුතලය ආදිය තීරණය වෙන්නේ අපේ පෞරුශ්‍යත්වයට අනුව.

ඔබේ අවදානය යොමු වන දෙයට තව අයෙකුගේ අවදානය යොමු නොවන්නට පුළුවන්.එය තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා මත.ඉතින් ඔබ මෙම රූපයේ පළමුවෙන්ම දකින දෙය ඇසුරෙන් ඔබ ගැන ඔබේ යටිසිතේ ඇති බිය ගැන ආදී බොහෝ දේ කිව හැකියි.එනිසා තත්පර කිහිපයක් රූපය දෙස බලා සිට එහිදී ප්‍රථමයෙන්ම ඔබේ අවදානය යොමු වෙන දෙය ඇසුරින් ඔබ ගැන ඔබේ බිය ගැන දැනගැනීමට මෙම සරල පරීක්ෂණය සිදු කරන්න.

1. පිරිමි ළමයා

ඔබ පළමුව දුටුවේ පිරිමි ළමයා නම් ඔබ බිය වන්නේ ඔබ තුලම ජීවත් වෙන දරුවාටයි.ඔබේම අහින්සකත්වයටයි.එය ඔබේ මනස තුල ගැඹුරටම කිඳා බැස ඇත .ඔබට ඔබේ මවගේ සහය නැතුව තනිවම තීරණයක් ගැනීමට පවා අසීරුය.එනම් වැඩිහිටි මගපෙන්වීමක් තවමත් ඔබට අවශ්‍යයි.මන්ද තවම සැබෑ වැඩිහිටියෙක් ලෙස ඔබව දැකීමට ඔබ සුදානම් නැත.මෙය විටෙක ඔබව මානසිකව පීඩාවට පත් කරයි.ජීවිතයේ මෙම පසුගාමී බව නිසා ඔබ අනාගතයට මුහුණ දීමට බියයි.නමුත් සත්‍ය වනුයේ බිය වීමට ඔබ අවශ්‍ය නැති බවයි.මන්ද ජීවිතය යනු අපි කිසිවෙකු හරියටම මාවත නොදන්නා නිරන්තර මාර්ගයකි.එනිසා බිය නොවී ඔබ ගැන ඔබේ හැකියාවන් ගැන විශ්වාසය තබා ඉදිරියටම යන්න.එවිට ජීවිතය සාර්ථක වෙනු ඇත.

2. ඇපල්

රතු ඇපල් මඟින් සංකේතවත් කරන්නේ ආදර හැඟීම්,ප්‍රේමය සම්බන්ධ කරුණුය.ඒ අනුව ඔබ ඇතුලාන්තයෙන් බිය වන්නේ ප්‍රේමය සම්බන්ධ දෙයකට විය හැකිය.ඔබේ සමිපතමයින්ගේ දුරස්වීම,ප්‍රතික්ෂේප වීම ආදිය නිසා ඔබ සිතින් වැටෙයි.ඔබ සැමවිටම අවශ්‍ය පමණට වඩා ආදරය පිදුවත් අවසානයේ එය කෙලවර වන්නේ සිත් රිදවීමකිනි.ඉතින් ඔබ පසුබට වීමට කලකිරීමට හේතුවක් නොමැත.අවශ්‍ය වන්නේ ඉවසීමට හුරු වීමයි..අවශ්‍ය කාලයේදී ඔබට ගැලපෙන සහකරු හෝ සහකාරිය ඔබට හමුවෙනු ඇත.එතෙක් කාලයට ඉඩ දී බලා සිටින්න.

3. මකුළුවා

මකුළුවන්ට බිය වීම සාමාන්‍ය දෙයක් වුවද ඔබ පළමුව දුටුවේ මකුළුවා නම් ඉන් කියවෙන්නේ ඔබ ගැටළු වලට මුහුණ දීමට බිය බවයි.අර්බුදකාරී තත්ත්ව වලදී ඔබ ආතතියට,පීඩනයට පත් වේ.ඉන් මිදීමට නිසි මාර්ගයක් නොදැන අසරණභාවයට පත් වෙයි.එය හරියට ඔබට පහරදීමට ඔබ ඉදිරියට මකුළුවන් රාශියක් ඔබ වෙත පැමිණෙනවා සේ දැනෙන බවක් මෙන් හැඟීමකි.නමුත් දුෂ්කර අවස්ථා වලදී සන්සුන්ව සිටීමට ඔබ හුරු විය යුතු අතර අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිය ඔබගේ ඇතුළාන්තයෙන්ම ඔබ සොයා ගත යුතුය.

4. සෙල්ලම් බඩු

ඔබ මුලින්ම දුටුවේ සෙල්ලම් බඩු විසිරී තියෙනවා නම් ඔබගේ පරිකල්පන ශක්තිය ඉතාම ඉහලයි.ඔබ වඩාත්ම බිය වෙන්නේ ඔබේ අරමුණු,සැලසුම් අසාර්ථක වනු දැකීමටයි.මන්ද ඔබේ මනස ඔබේ ඉලක්ක වෙනුවෙන්ම වෙහෙසෙන අතර ඔබේ බලාපොරොත්තු ඉටු නොවීම ඔබව මානසිකව බිඳ වට්ටයි.නමුත් ඒකාග්‍ර වූ මනසකින් යුතුව විවේකිව ඔබේ අරමුණු සාර්ථක කර ගැනීමට කැප වූ විට ඔබ අසාර්ථක නොවෙනු ඇත.

5. විහිළුකාරයන්

දොරකඩ අසල සිටින විහිළුකාරයින් දෙදෙනා මුලින්ම දුටු අය ජීවිතයේ බොහෝ විට චරිත දෙකක් රඟපාන අය වේ.ඔවුන් බොහෝ විට ලෝකයෙන් යමක් වසන් කරයි.තමන්ගේම ඇතුලන්තයට සත්‍ය එළි වීමට ඔවුන් බියක් දක්වයි.නමුත් ඔවුන්ට ඕනෑම අවස්ථාවකට පහසුවෙන් හැඩගැසීමට ඇති සුවිශේෂී හැකියාව නිසා ඔවුන් ලෝකය දිනයි.

6. හිස් කබල

ඔබ පළමුව දුටුවේ මෙය නම් ඔබ ඇතුලාන්තයෙන්ම බිය වෙන්නේ මරණයටයි.අපි සැවොම මරණයට බියක් දැක්වුවද අනියත බියක් තබා ගැනීම අනවශ්‍ය දෙයකි.එබැවින් ආගම දහමට ලැදිව ජීවිතයට සතුටින් මුහුණ දෙන්න.

Check Also

උදෑසන ආහාර වේලට චොකලට්

ඔබ අතුරුපස හෝ චොකලට් කෑමට නොගන්නේ නම් , ඔබට බොහෝ දේවල් මග හැරෙනු ඇත. පුරාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *